අන්තර්ජාල හොරුන්ගෙන් පරෙස්සම් වෙමු

පෙබරවාරි 26, 2020

වත්මනේ ෆේස්බුක්, වට්ස්ඇප්, ඉන්ස්ටර්ග්‍රෑම්, වයිබර් ඇතුළු සමාජ මාධ්‍ය භාවිත කරන පිරිස මිලියන ගණනකි. නවීන තාක්ෂණයේ දියුණුවත් සමඟ පෙරට ආ එවැනි සමාජ මාධ්‍ය තුළ සැරිසරමින් එදිනෙදා ජීවිතයට උපරිම ඵල ප්‍රයෝජන ලබාගන්නා පිරිස ද අතිමහත්ය.

එහෙත් මෑත කාලයේ දී සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සිදුවන අකටයුතුකම් ගැන ද බොහෝ පුවත් අහන්නට දකින්නට ලැබෙනවා. ඒ අතුරින් සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය පදනම් කරගනිමින් ක්‍රියාත්මකවන විවිධ මූල්‍ය වංචා ප්‍රමුඛස්ථානයක් ගනී.

අන්තර්ජාල වංචා යනු

කිසිවකු විසින් නෛතික අවසර සහිත සමාගමක් ලෙස හුවාදක්වමින් පුද්ගලික දත්ත ලබාගැනීමට උත්සාහ කරයි නම් සහ ඔබගේ ගිණුම් මඟින් අයථා ලෙස ගනුදෙනු සිදු කරයි නම් එය අන්තර්ජාල වංචාවන්ට අයත් වේ. මෙවැනි වංචාවන් ‘නඩඪඵඩඪදඨ හා නඩචපථඪදඨ යනුවෙන් පොදුවේ හඳුන්වන අතර අයථා ඊමේල්, වෙබ් අඩවි, පොප් අප්, වින්ඩෝස් හෝ වෙනත් මෙවැනි ආකාරයේ ඕනෑම අන්තර්ජාල අවභාවිතාවක් ඊට අයත් වේ.

යහපත් ව්‍යාපාරයක නියැළී සිටින කිසිදු සමාගමක් විසින් ඔබේ ගිණුම් සහ ක්‍රෙඩිට් කාඩ් අංක, මුර පද හෝ පාරිභෝගික හඳුනාගැනීමේ අංක යාවත්කාලීන කිරීමට යැයි ඉල්ලීම් කරමින් ඔවුන්ගේ වෙබ් අඩවියට සම්බන්ධිතව තඪදඬ එවීමක් සිදු නොකරයි. එවැනි ඉල්ලීම් බොහෝවිට සිදුකරනුයේ වංචනික සමාගම්ය.

ර්‍ථඩඪඵඩඪදඨ යනු අන්තර්ජාල වංචාකරුවන් විසින් රහසිගත තොරතුරු අයථා ලෙස ලබාගැනීම සඳහා භාවිත කරන කූටෝපක්‍රමයකි. මෙවැනි ඉල්ලීම් බොහෝවිට ලැබෙනුයේ ඔබ සම්බන්ධතාවයක් ඇති හෝ නොමැති ආයතනයකින් ලැබෙන ඊමේල් පණිවුඩ ආකාරයෙනි. මෙවැනි බොහෝ සිදුවීම්වලදී ලැබෙන ඊමේල් පණිවුඩ කීර්තිනාමයක් සහිත සමාගම්වල නිල ඊමේල් ලිපිනයක් සේ පෙන්නුම් කෙරෙන අතර සමාගම් ලාංඡන මෙන්ම එය සත්‍යයක් බව ඔප්පු කිරීම සඳහා තවත් ව්‍යාජ උත්සාහයන් රාශියක් එහි අන්තර්ගත කර ඇත. ඔබේ පෞද්ගලික තොරතුරු යාවත්කාලීන කිරීමට සමාගමට අවශ්‍ය බව හෝ ඔබේ ගිණුම අක්‍රීය වීමට ආසන්න බව සඳහන් කරමින් පැමිණෙන ඊමේල් පණිවුඩයන්හි අන්තර්ගත කර තිබෙන ලින්ක් එකක් ක්ලික් කිරීමට යැයි ඔබට පවසා එමඟින් ඔබේ රහසිගත තොරතුරු වෙත ප්‍රවේශ වීම මෙහිදී සාමාන්‍යයෙන් සිදු වේ. ඔබ එම තඪදඬ ක්ලික් කරමින් එම වෙබ් අඩවියට යෙමු වී ඔබේ තොරතුරු ලබාදුන් විට ඔබ නඩඪඵඩඪදඨ ප්‍රහාරයක ගොදුරක් වීමේ අඩිතාලම ඔබ විසින්ම දමාගනු ලබයි. එහිදී අන්තර්ජාල වංචාකරුවන් විසින් ක්ෂණිකව ඔබේ ගිණුමේ තොරතුරු ලබාගැනීම සිදු කරයි.

ඒ වගේම ඔබ අන්තර්ජාලයට පිවිසුණු පසු පොප් අප් පණිවුඩ දර්ශනය වීම ඇතැම්විට ඔබට දැකගත හැකියි. ඒවා ජතඪජඬ කිරීමෙන් විවිධ වෙබ් අඩවි වෙත ඔබව රැගෙන යන අතර ඒවායේ ලියාපදිංචි වීමට ඔබට ඇරැයුම් කරයි. ඒ ඇරැයුම් ක්ලික් කිරීම හේතුවෙන් ඔබගේ දුරකථනයේ ඇති මුදල් කපාගැනීමට ඔවුන්ට හැකියාව ලැබෙනවා. ඇතැම්විට ඒ මුදල දිනක් පාසා හෝ මාසයක් පාසා කැපෙන්නටත් පුළුවන්. එබැවින් නීත්‍යානුකුල නොවන වෙබ් අඩවිවල ලියාපදිංචි වීමට පෙර දෙවරක් සිතන්න.

උපදෙස්

අනුරාධ කාරියවසම්

ශී‍්‍ර ලංකා යොවුන් සේනාංකයේ පරිගණක උපදේශක

 

2020/02/26 තරුණි බලන්න.