කාන්තා කාර්යාංශයේ පිහිට ලබන අපේ කාන්තාවෝ

ජූලි 22, 2020

දෛවයේ සරදමට හසුවන බොහෝදෙනකුගේ ජීවීත ඉතාම ඛේදනීයයි. මේ එවන් වූ තවත් කතාවක්.

මධ්‍යම පාන්තික පවුලක දෙවැනි දරුවා ලෙස උපත ලැබූ සිරිමතී ඉගෙනීමට දක්ෂ දරුවෙක් නම් නෙවෙයි.

නංගිලා, මල්ලිලා හතරදෙනකුම සිටි නිසා පැන නැගුණ ආර්ථික අපහසුතා ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. නොගැලපෙන පවුලක පිරිමි ළමයෙක් එක්ක පෙම් පලහිලව්වකුත් ඇති කරගත් නිසා ඇනුම් බැනුම් මැද නිවෙසේ ගත කරන්න වුණේ අප්‍රසන්න ජීවිතයක්.

සිරිමතීට බන්දුල එක්ක පැනලා යන්න වුණෙත් ඒ නිසාමයි. දරුවන් එක්කෙනා දෙන්නා පවුලට එකතු වෙද්දී දෙන්නා දෙමහල්ලන්ගේ රණ්ඩු සරුවල් දවසින් දවස වැඩිවෙන්නේ ආර්ථික ප්‍රශ්නත් එක්කමයි.

කුලී වැඩ කරමින් සිටි බන්දුල හොර අරක්කු පෙරන්න පටන් ගත්තේ කීයක් හරි වැඩියෙන් හොයා ගන්නයි. කීය හම්බ කළත් වැඩක් නැත්තේ මේවගේ පවුල්වල පිරිමි වැඩිහරියක් බීමත්කමට ඇබ්බැහි වෙලා ඉන්න නිසයි. මේ අතරතුරේ ඉඳහිට කුඩු ටිකක් හම්බ වුණොත් ඒකත් විකුණනවා. ඒත් මේ දේවල්වලට වැඩි ආයුෂ නැතිවෙන්නේ පොලීසියට ඉව වැටුණහම. බන්දුලටත් ඒ ටික ඒ විදිහටම වුණා.

විශේෂ ස්තූතිය

කාන්තා කාර්‍යාංශයේ අධ්‍යක්ෂිකා

චම්පා උපසේන මහත්මියට

 

2020/07/22 තරුණි පුවත්පත බලන්න.