හැඩකාර පෙනුමකට සරල විලාසිතා

ඔක්තෝබර් 14, 2020

ස්සර කාලේ වගේ නෙමෙයි. hairstyle දාන එකත් දැන් ගොඩක් වෙනස් වෙලා. අතීතයේ දී අපි දැක්කේ කොණ්ඩය පිරිපුන්ව දිගට තියෙන අයවයි. එහෙත් අද සමාජයේ ජීවත්වන ළඳුන් විවිධ මාදිලියේ මෝස්තරවලට කොණ්ඩ කැපීම්, කොට කිරීම්ි කරන ආකාරයක් දකින්න ලැබෙනවා.

ඒ වගේම තරමක් දිගට කොණ්ඩය තියෙන කාන්තාවන් විවිධ අවස්ථාවන්වල දී තමන් විසින්ම සුළුවෙන් හෝ කොණ්ඩ සැකසුමක් කරගෙන යාමට පුරුදු වී සිටියි.

ඉතින් මෙහෙම විලාසිතා කරද්දී අපිට පහසුම සහ අපි දන්න දේ තමයි පෝනි ටේල් එකක් දමා ගැනීම. කොණ්ඩය මඳක් දිගට ඇති හැම දියණියක් ම කාන්තාවක් ම කොණ්ඩයට pony tail එකක් දමති.

ඉන්පසු එය ම කරකවා ගැටයක් දමා ගනිති. එවිට එය තවත් ස්ටයිල් එකකි. එම කොණ්ඩයම තව කොටසක් ගෙන curl කර ගනිති. ඉදිරියෙන් ඇති කොණ්ඩය බම්ප් කර ගනිති. clip ගසා තව හැඩ කරති. නිවෙසෙන් එළියට යන විට කොණ්ඩය මෙවැනි පුංචි පුංචි ක්‍රමවලින් හැඩ කර ගැනීමට අපි කවුරුත් පුරුදු වී සිටින්නෙමු.

මේ පෙන්වා දී ඇත්තේ ඔබටම තනිව කරගත හැකි සරල අදහස් කීපයකුයි. Hair style වල දී clip එකක් තියෙන hair station වෙළෙඳපොළෙන් මිල දී ගනීමට පුළුවන්. ඒවා ඉතා පහසුවෙන් කොණ්ඩයට සවි කිරීමට පුළුවන්. එම කොණ්ඩවලට hair gel, colour wax ආදිය භාවිතකර විසිතුරු බවක් ද ලබාගත හැකියි. hot bun ලෙස වෙළෙඳපොළෙන් ගත හැකි කොණ්ඩ තිබෙනවා. ඒවා කොණ්ඩය අඩු අය භාවිත කිරීමෙන් හිසකෙස් වැඩිකර පෙන්විය හැකියි.

කොණ්ඩය අඩු අය, සත්කාර මදි අය, නිවෙසෙන් පිට වෙන අවස්ථාවන්වල දී කොණ්ඩය කඩාගෙන නිදහස් කරගෙන යෑමට අකැමැති වෙන්න පුළුවන්.

එවැනි අය කොණ්ඩය ගැට ගසාගෙන හෝ වෙළෙඳපොළේ ඇති hair station භාවිතකර කොණ්ඩය සකස් කර ගැනීමෙන් තමුන්ගේ පෞරුෂය වර්ධනය කර ගන්න පුළුවන්. අප අතර හිඳින කාන්තාවන් වැඩි පිරිසකට තම හිසකෙස් ගැන ගැටලු පවතී.

කුමන ප්‍රතිකාරය කළත් ප්‍රතිඵල නැතැයි පවසන්මෝ බොහෝ වෙති. එසේ පවසන්නට හේතුව වන්නේ හිසකෙස් සඳහා කරනු ලබන සත්කාරවල ප්‍රතිඵල ලබා ගැනීමට කාලයක් ගත වන බැවිනි.

තමන්ගේ ගැටලුව හඳුනාගෙන ඒ සඳහා නිසි වෛද්‍ය උපදෙස් සහිතව හිසකෙස් සඳහා ප්‍රතිකාර ගන්නේ නම් එය සාර්ථකව කරගත යුතුයි. ඉන් ලැබෙන ප්‍රතිඵලය ගැන ද සතුටු විය හැකියි.

අපේ පෞරුෂය ගැන කියාපාන ප්‍රධානම අංගයක් වන අපේ කොණ්ඩය ඉතාමත් පිරිසුදුව පිරිපුන්ව නිරෝගීමත්ව තබා ගැනීමට සැලකිලිමත් විය යුතුයි. මෙහි දැක්වෙන විලාසිතා ඔබේ මුහුණටත් ගැළපෙනවා නම් මේවා තනිවම කරගැනීමට හුරුවන්න. හැමදාමත් එකම විදියට කොණ්ඩය සකසන හැමෝටම මෙවැනි සරල විලාසිතාවකින් තම පෙනුමට වෙනසක් එක්කරගත හැකියි. එය ඔබේ සුන්දරත්වය වැඩි කරාවි.

උපදෙස්

දීප්ති පෙරේරා

රූපලාවණ්‍ය සහ පෞරුෂ සංවර්ධන උපදේශිකා