සැරට කන්න කැමැති කාගේත් හිතමිතුරා ‘කොච්චි’

ඔක්තෝබර් 14, 2020

දවතින්ම දේශීයත්වය අගය කරනා ශ්‍රී ලාංකිකයන් වූ අපි කටට රසට උයන්නට සේම කටට රසට කන්නට ද උපන් හපනුන්ය.

 

විශේෂයෙන්ම දිවට දැනෙන්නට තරමක් දැවිල්ලට කෑම ටිකක් නොකෑවොත් ඒ ආහාර වේලෙන් වැඩක් නැතුවා හා සමානය.

මේ නිසාම ආහාර පිසීමේදී අමු මිරිස්, වියළි මිරිස්, ගම්මිරිස්, කොච්චි ආදී රසකාරක එකතු කරන්නටත්, ඒවා අඩු වැඩි කරමින් ආහාර රසගන්වා ගන්නත් අපි අමතක නොකරන්නෙමු.

ඒ අතරින් කට දැවිල්ලට වඩාත් ප්‍රිය බොහෝදෙනකු කොච්චි කරලට දක්වන්නේ දැඩි ප්‍රියතාවකි. කොච්චි මිශ්‍ර කළ බැදුම, හොද්ද, තෙම්පරාදුව කවදත් ඉහළින්ම අගය කළ අපේ ඇත්තන් අතර පසුගිය කාලයේ කොච්චි ලුණු මිරිස සමඟ උණු රොටිය වඩාත් ජනප්‍රිය විය. ඒ නිසාමදෝ කොච්චිවලට දැඩි ඉල්ලුමත්, වෙළෙඳපොළේ කොච්චි දක්නට අඩුවීමත් වැනි හේතු නිසා කොච්චි කිලෝවක මිල රුපියල් දහසකටත් වඩා වැඩි විය.

මේ හේතුව නිසාම වැඩිදෙනකු කොච්චි ගසක් දෙකක් පෝච්චියක හෝ සිටුවා ගන්නට වැඩි උනන්දුවක් දැක්වූ අතර එබැවින් අද අපි මේ කොච්චි වගාවේ සුලමුල සොයා බලමු.

කොච්චි කරලේ පවුල

බටු, තක්කාලි පවුලේම සාමාජිකයකු වූ කොච්චි කරලේ පවුල වන්නේ ද ‘සොලනේසියේ’ (ඉධතචදචජඥචඥ) කුලයයි. එමෙන්ම මෙය ‘කැප්සිකම්’ (ඛ්චනඵඪජභථ) ගණයට අයත් භෝගයකි. ලෝකයේ මේ වනවිට කැප්සිකම් වර්ග 25 ක් පමණ හඳුනාගෙන ඇති අතර ඒවායින් ප්‍රභේද පහක් පමණ මිනිසුන් වගා කිරීමට යොදා ගන්නා බව හඳුනාගෙන තිබේ.

 

 

උපදෙස් - ප්‍රවීණ උද්‍යාන අලංකරණ

ශිල්පී, විසිතුරු මල් වගා උපදේශක, කෘෂ ි විද්‍යා ශූරී, මාබොදලේ

රංජිත් කළුආරච්චි

 

 

2020/10/14 තරුණි පුවත්පත බලන්න.