සාර්ථකත්වයට අවැසි අත්දැකීම් හඹායන්න..

ඉලක්කය හඹා යාමට ඔබත් එක්වන්න...
අගෝස්තු 19, 2020

 

ජීවිතය ලැබුණාට ජීවත් වීම සාර්ථකත්වය ලබන පුද්ගලයකුගේ දැක්ම නොවේ. එවැන්නන් තමාට ලැබුණු ජීවිතය කුමන තත්ත්වයක තිබුණ ද එය තිබෙන මට්ටමින් උසස් මට්ටමක් දක්වා ගෙන යාමට කටයුතු කරන්නන් ය.

තමා තුළ ඇති නොහැකියාවන් හැකියාවන් බවට පත්කර ගැනීම මඟින් දිගු ගමනක් යාමට හැකි වූ අය ජීවිතය ජය ගත් පුද්ගලයන් ලෙස අපට ආදර්ශ සපයා ඇත.

ආසාව තිබුණ ද ජීවිතය ජය ගැනීමට තමා යා යුතු මාර්ගය පිළිබඳ අවබෝධයක් නොමැති වූවන්ට යා යුතු මාර්ගය සොයා දීම අපේ අරමුණයි. ඉලක්කයක් තබාගෙන එය හඹා යාමට කටයුතු කළ යුත්තේ කෙසේදැයි අපි ඔබට පැහැදිලි කරන්නෙමු.

ලෝ ප්‍රකට ස්ටීව් ජොබ්ස්ගේ ජීවිතය මඟින් සාර්ථකත්වය සඳහා ඉවහල් වන ඇතැම් ගුණාංග පිළිබඳ අප සාකච්ඡා කළා ඔබට මතක ඇති.

සුප්‍රසිද්ධ චරිතයක් වන බිල් ගේට්ස්ගේ අලංකාර වූ කියමනක් ඇත. 'ඔබ ඔබගේ අවුරුදු විසි ගණන් නිකරුණේ ගෙවා දැමුවහොත් වයස තිස් ගණන්වල දී පසුතැවීමට සිදු වනු ඇත.' (People who waste there twenties, will hate them self during there thirties)


මේ ලිපිය කියවන්නේ තරුණ දුවෙක් පුතෙක් නම් ඔබ වයස විසි ගණන්වල දී කුමක් කළොත් වඩා හොඳ වේදැයි සිතා බලන්න. එවිට ඔබට වයස තිස් ගණන්වල දී ලස්සන ජීවිතයක් බලාපොරොත්තු විය හැකියි.

 

උපදෙස්

ප්‍රවීණ දේශක හා මනෝ විද්‍යා පුහුණු උපදේශක

මොහාන් පල්ලියගුරු

 

2020/08/19 තරුණි බලන්න.