මෙරට සත්ත්ව උද්‍්‍යාන ඉතිහාසයේ සිදුවුණ පළමු අලි නිවුන් දරු උපත

සැප්තැම්බර් 8, 2021

 

සොබාදම් මාතාව මේ විශ්වයේ ඇති සියල්ලේම නිමැවුම් කරුවා වන්නීය. ගහකොළ පිරි වනාන්තර, සාගර, මිනිසා ඇතුළු සතා සිව්පාවා ඇගේ නිර්මාණය. එයින් මිනිසා යනු ඇගේ සුවිිශේෂීම නිර්මාණය බව අවිවාදිතය.

එහෙත් මනසින් උසස් යැයි කියාගන්නා මිනිසා නිරන්තරයෙන්ම සොබා දහමට එරෙහිව කටයුතු කරයි. මිනිසාට මේ ලොව ජීවත් වන්නට ඇති අයිතියම තිබෙන සතා සිව්පාවුන්ට ඇති අයිතිය උදුරා ගන්නට කටයුතු කරන්නේ සිත් පිත් නැත්තවුන් ලෙසය.

ඉතා කෲර ලෙස මිනිසා සොබාදහමට සරදම් කළත් ඇය තවමත් අප අතහැර නොගොසින්අප දෙස බලා සිටින්නේ මහත් අනුකම්පාවෙනි. මහ පොළව මත ඉතිරිව ඇති විශාලතම සත්ත්වයා හා මිනිසා අතර වූ අරගලය එයට කදිම සාක්ෂියකි. අලි මිනිස් ගැටුම කෙතරම් අමිහිරි වුවත් ඒ අරගලය අතුරින් සතුන්ට අසීමිතව ආදරය කරන අපි අලි ඇතුන්ට හදවතින් සමීප වී සිටිමු. මිනිසාගේ ක්‍රියාකාරකම් ඇතුළු විවිධ ආපදා නිසා අසරණ වන අලි ඇතුන් රැක බලා ගන්නට කටයුතු කරන්නේ ඒ නිසාය.

ඒ අසීමිත වූ ලෙන්ගතුකම උතුරා ගිය අවස්ථාවක් අපට දැක ගැනීමට හැකි වූයේ පසුගියදා පින්නවල ජාතික ඇත් අතුරු සෙවණේ සිදු වූ අලි නිවුන් උපතයි. ශ්‍රී ලංකා සත්ත්ව Un‰‰‍³£p ඉතිහාසයේ අලුත් පිටුවක් පෙරලූ එම උපත මේ වනවිට සෑම දෙනකුගේම කතා බහට ලක්වන පුවතක් බවට පත්වී තිබෙන්නේ මෙරට ඇත් අතුරු සෙවණක සිදුවුණු ප්‍රථම නිවුන් අලි උපත ලෙස එය අපේ ඉතිහාසයට එක්වූ නිසාවෙනි. ඒ පිළිබඳව දැන ගැනීම සඳහා අප තොරතුරු විමසුවේ පින්නවල අලි අනාථාගාරයේ ජ්‍යෙෂ්ඨ සත්ත්ව පාලක නිලධාරි ආර්. එම්. සංජය රත්නායක මහතාගෙනි.

Q මුලින්ම මේ ඇත් පැටව් දෙන්නගේ මව්පියන් ගැන විස්තරයක් අපට කියන්න පුළුවන්ද?

A මේ නිවුන් දරුවන්ගේ අම්මා සුරංගනී. එයා අපට හමුවුණේ ත්‍රිකුණාමලේ සුරංගල්ගම කියන ප්‍රදේශයෙන්. 1997 දෙසැම්බර් 03 තමයි වනජීවි රක්ෂණ නිලධාරීන් විසින් අපට මේ ඇත් පැටවා භාර දුන්නේ. ඒ වෙනකෙට මේ පැටියා වයස අවුරුද්දක විතර පොඩි පැටවෙක්. අනුමාන වශයෙන් දැන් මෙයාට වයස අවුරුදු 25ක් විතර වෙනවා.

මේ දෙන්නගේ පියා අපේ ඇත් අතුරු සෙවණට ලැබෙන්නේ වව්නියාව වන නිලධාරින්ගෙන්. එයාගේ නම පණ්ඩු. පණ්ඩු මේ ඇත් අතුරු සෙවණට ගෙන එන්නේ 2004 වසරේදී. මේ දෙන්නා එදා පටන් අපේ ඇත් අතුරු සෙවණේ හොඳින් හැදී වැඩුණා. සුරංගනීගේ දෙවැනි දරු උපත තමයි මේ නිවුන් ඇත් පැටව් දෙන්නා. එයාට මීට පෙර 2009 වසරේදී මුලින්ම පිරිමි පැටවෙක් ලැබුණා. ඒ පැටියත් මේ ඇත් අතුරු සෙවණෙම දැන් හොඳින් වැඩෙනවා. එයාගෙ නම තමයි කනක. කනක ඉපදුණේ 2009 අවුරුද්දේ මැයි මාසේ 24 වැනිදා. මේ කනකගේ තාත්තා කියලා අනුමාන කරන්නේ ජයතු. ජයතු ඉපදෙන්නේ කොළඹ. 1991 මැයි 04 වැනිදා දෙහිවල සත්ත්ව Un‰‰‍³£pයේදී තමයි ජයතු ඉපදුණේ.

 

Q මේ නිවුන් පැටව් දෙන්නාගේ ප්‍රමාණය හා සෞඛ්‍ය තත්ත්වය කොහොමද?

A සාමාන්‍යයෙන් ඇත් පැටියෙක් උපත් බර ප්‍රමාණය කිලෝ 120ක් විතර වෙනවා. නමුත් අපි මේ දෙන්නාගේ බර ප්‍රමාණය මනින්න ගියේ නෑ. මොකද ඉපදුණු ගමන් මේ දෙන්නාට අපි සමීප වෙන්න හොඳ නැති නිසා. නමුත් මේ දෙන්නා සාමාන්‍ය ඇත් පැටව් වගේම හොඳින් ක්‍රියාකාරීව ඉන්නවා. ඒ වගේම

 

Q මේ දෙන්නා ඉපදුණේ කොයි වෙලාවේද?

A අගෝස්තු 31 වැනිදා මුල්ම පැටවා ලැබී තිබෙන්නේ පාන්දර 04.00 පමණ. ඉන් පසුව දවල් 12.00ට පමණ තමයි දෙවැනි උපත සිදු වෙලා තියෙන්නේ.

 

Q එතකොට මේ දරු උපත නිවුන්නු කියලා දැනගෙන හිටියාද?

 

A නෑ... සාමාන්‍යයෙන් අපේ අලි අනාථාගාරයේ සතුන්ගේ විශේෂ පරීක්ෂණයක් පවත්වන්නේ රෝගී තත්ත්වයක් ඇති නම් පමණයි. සාමාන්‍ය ආකාරයේ උපතක් සිදුවෙන අවස්ථාවේදී කිසිම ආකාරයක ස්කෑන් පරීක්ෂණයක් හෝ රසායනාගාර පරීක්ෂණයක් සිදු කරන්නේ නෑ. නමුත් කිසියම් අසාමාන්‍ය රෝගී තත්ත්වයකදී එවැනි පරීක්ෂණ සිදු කරනවා. මේ උපත සිදුවන තෙක්ම නිවුන් දරු උපතක් කියලා දැනගෙන හිටියේ නෑ. එවැනි අනවශ්‍ය පරීක්ෂණ සිදු කිරීම මේ සතුන්ට හිරිහැරයක්.

Q මේ දෙන්නා රැකබලා ගැනීම සඳහා විශේෂ කණ්ඩායමක් පත් කරලා ඉන්නවාද?

A විශේෂයෙන්ම අපේ පශු වෛද්‍යවරු පිරිසක් සේවය කරනවා. නමුත් සමස්ථ කාර්යය මණ්ඩලයම විශාල කැපකිරීමක් කරනවා. ඔවුන් සියලු දෙනාගේම කැපවීම හා සහයෝගය තුළින් තමයි මෙහි කටයුතු සිද්ධ වෙන්නේ. ඒක හරියට දම්වැලක පුරුක් වගේ. කම්කරුවෝ ඇවිත් මේ ස්ථානය පිරිසුදු කරනවා. රියැදුරන් ආහාර ද්‍රව්‍ය ඇතුළු අවශ්‍යදේ ප්‍රවාහන පහසුකම් සපයනවා. ඇත්ගොව්වා මේ අය රැක බලා ගන්නවා. ඒ වගේම කිරි පෙවීම ඇතුළු කටයුතු සඳහාත් පිරිසක් සිටිනවා. මේ හැම කෙනාගෙම දායකත්වය තුළින් තමයි මෙහි කටයුතු සිදු වෙන්නේ.

 

Q මේ තුන්දෙනා අපට බලන්න එන්න අවස්ථාව තිබෙනවාද?

A එය තීරණය කරන්නේ අම්මගෙයි දරුවෝ දෙන්නාගෙයි සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමෙන් පසුවයි.

අධ්‍යක්ෂ ජනරාල්තුමිය, සෞඛ්‍ය කාර්යය මණ්ඩලය තමයි තීරණය කරන්නේ මහජනතාවට දැක ගැනීමට අවස්ථාව ලබා දෙන ආකාරය ගැන. රටේ පවතින තත්ත්ව අනුව ඉදිරියේදී මේ අය දකින්න අවස්ථාව ලැබේවි.

දැනට අපේ අලි අනාථාගාරයේ ඇතුන් 82ක් පමණ සිටිනවා.

Q මේ තුන්දෙනා අපට බලන්න එන්න අවස්ථාව තිබෙනවාද?

A මේක තීරණය කරන්නේ අම්මගෙයි දරුවෝ දෙන්නාගෙයි සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමෙන් පසුවයි. අධ්‍යක්ෂ ජනරාල්තුමිය, සෞඛ්‍ය කාර්යය මණ්ඩලය තමයි තීරණය කරන්නේ මහජනතාවට දැක ගැනීමට අවස්ථාව ලබා දෙන ආකාරය ගැන.රටේ පවතින තත්ත්ව අනුව ඉදිරියේදී මේ අය දකින්න අවස්ථාව ලැබේවි.

මේ උපතේ සතුට බෙදා ගැනීමට ශ්‍රී ලංකා සත්ත්ව උද්‍යානයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් රේණුකා බණ්ඩාරනායක මහත්මියත් පැමිණියා. ඇය ද මේ දරු උපත ගැන සතුටත් සමඟ තවත් වැදගත් දෙයක් හෙළි කළා.

"ඇත්තටම සාමාන්‍යයෙන් ඇත් පැටවකුගේ බර කිලෝ 90 - 120 ප්‍රමාණයක්. හැබැයි ඒ බර මේ දෙන්නාට නැති බව පේනවා.නිවුන් පැටවුන් නිසා සාමාන්‍ය පැටවෙකුට වඩා බර අඩුයිනේ. ඒ නිසා ඔහුන්ට මව්කිරිවලට අමතරව පිටි කිරිත් දෛනිකව දෙන්න වෛද්‍යවරු නිර්දේශ කරලා තිබෙනවා.

එහෙම නොවුණොත් මේ දෙන්නාගේ වර්ධනය බාල වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අලි පැටවෙක් ලැබෙන්න මාස 22ක් පමණ ගත වෙනවා. තවම මේ දෙන්නාට නම් තියලා නැහැ.

අපි මේ නිවුන් ඇත් පැටව් දෙන්නා බලා ගන්න වෙනම සේවකයෝ දෙන්නෙකුත් පත් කරලා තියෙන්නේ දෙන්නාගේ වැඩි නිරෝගී බව සහ ආරක්ෂාව වෙනුවෙන්."

 

 

විශේෂ ස්තුතිය -

ජාතික සත්ත්ව උද්‍යාන වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්

රේණුකා බණ්ඩාරනායක

මහත්මියට

 

 

ඡායා - බන්දුල රත්නායක

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.