තරුණී මාධ්‍ය අනුග්‍රහයෙන් ගාල්ල හැඩ කරන තම්බපණ්ණී Wedding Fair-2024

පෙබරවාරි 19, 2024

ඔබත් ළඟදී විවාහ වෙන්නට සූදානම්ව සිටින කෙනෙක් ද? මෙන්න ඔබට අනගි අවස්ථාවක්. “තම්බපණ්ණී Wedding Fair With Araliya Beach Resort and Spa" වසරේ දැවැන්තම විවාහ මංගල ප්‍රදර්ශනය ගාල්ල නගර ශාලාවේදී පෙබරවාරි මස 23,24 සහ 25 තෙදින පුරා පැවැත්වේ.

විවාහ මංගල උත්සවයක් සඳහා සියලු සංවිධාන කටයුතු එකම වහලක් යටින් සුවිශේෂී වට්ටම් මිල ගණන් යටතේ ලබා ගැනීමේ හැකියාව ඔබ සතුයි. නොමිලයේ පැවැත්වෙන මෙම විවාහ මංගල ප්‍රදර්ශනයේ සංවිධායක කමිටුව එහි තොරතුරු අපි හා පැවසුවේ මෙලෙසිනි.

තම්පණ්ණී මංගල ප්‍රදර්ශනය, මෙවර නම්කර ඇත්තේ කෙසේද?

තම්බපණ්ණී Wedding Fair With Araliya Beach Resort and Spa -2024 නමින් හඳුන්වනු ලබනවා. අපි මේ ප්‍රදර්ශනය මෙවර එකොළොස් වැනි වතාවටයි පවත්වනු ලබන්නේ.

*මෙම මංගල ප්‍රදර්ශනයේ ඇති විශේෂත්වය මොකක්ද?

මෙම ප්‍රදර්ශනය තමයි දකුණු ලක පුරවරයේ එතෙක් මෙතෙක් පැවැති සහ පැවත්වෙන දැවැන්තම මංගල ප්‍රදර්ශනය. එමෙන්ම මෙය නොමිලයේ පවත්වනු ලැබේ. ගාල්ල, මාතර ඇතුළු දකුණු පුරවරයේ තරුණ තරුණියන්ට මෙය මහඟු අවස්ථාවක්. එසේ නැනිතම් ඔවුන්ට මෙවැනි දැවැන්ත ප්‍රදර්ශනයක් දැක බලා ගැනීමට කොළඹට යාමට සිදු වෙනවා.

*මෙහි ඇතුළත් ප්‍රදර්ශන කුටි ගැන සඳහන් කළොත්?

*ලංකාවේ ප්‍රවීණ ජනප්‍රිය රූපලාවණ්‍ය ශිල්පීන් සහ ශිල්පිනියන්ගේ සහභාගීත්වය.

*ඡායාරූපකරණය / වීඩියෝකරණය

*අාභරණ

*මල් සැරසිලි

*තරු පන්තියේ හෝටල්

*මංගල රථ

*කේක් මංගල ඇරැයුම්පත්

*අෂ්ඨක පෝරු චාරිත්‍ර

*නර්තන කණ්ඩායම් සහ DJ ඇතුළු සංගීත කණ්ඩායම් යන අංශයන් යටතේ ඔබගේ විවාහ මංගල උත්සවය සාර්ථකකර ගැනීමට අවශ්‍ය සියලුම සේවාවන් සපයන්නන් මේ සඳහා සහභාගී වේ. මෙම ප්‍රදර්ශනයේදී ලබාදෙන විශේෂ වට්ටම් මිල අඩු කිරීමේ සහන පැකේජ ද හිමිකර ගැනීමේ වරප්‍රසාදය හිමිවේ.

*තම්බපණ්ණී ප්‍රදර්ශනයේ සංවිධායක මණ්ඩලය සිහිපත් කළොත්?

කුමුදු අබේදිවාකර - (සම අධ්‍යක්ෂ), ඩිලාන් විජයසිංහ - (සම අධ්‍යක්ෂ), ආසිරි ගුණවර්ධන

හිරාන් චන්ද්‍රසේන, නුවන් වික්‍රමසිංහ, හංසි සාරා පෙරේරා (මාධ්‍ය සම්බන්ධීකාරක / ප්‍රධාන නිවේදිකා), සන්දිතා පෙ‍රේරා, නයනි කලංසූරිය, දිලිනි සොයිසා යන මේ සියලු දෙනාම එකම පවුලක අය වගේ තම්බපණ්ණී හැඩ කරන්නත් සාර්ථක කරන්නත් වෙහෙසෙනවා.

*ප්‍රදර්ශන කුටිවලට අමතරව තවත් විශේෂ අවස්ථා දැක බලා ගැනීමට හැකි වේවිද?

ඔව්. සහභාගීවන ඔබට මංගල උත්සවයකට අවශ්‍ය සේවාදායකයන් සම්බන්ධකර ගැනීමේ අවස්ථාවට අමතරව දැවැන්ත මනාලියන් දැක්මක් දැකබලා ගැනීමේ හැකියාව ද පවතී. එසේම මේ සඳහා අලෙවි කුටි වෙන්කර නොගත් රූපලාවණ්‍ය ශිල්පීන්ට ශිල්පිනියන්ටත් තමන් අතින් හැඩ ගැන් වූ මනාලියක් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී. මේ සඳහා ඔබත් මනාලියක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ නම් 077 5576905 / 076 2611343 යන අපගේ දුරකථන අංකවලින් වැඩි විස්තර ලබා ගත හැකියි. අප මීට පෙර පැවැත් වූ මෙම ප්‍රදර්ශනයන් මඟින් දකුණුලකට අමතරව ලංකාවේ වෙනත් ප්‍රදේශයන්වලින් ඉදිරිපත් කළ මනාලියන් ජයග්‍රහණයකර තිබුණි. එබැවින් මෙම මංගල ප්‍රදර්ශනය ඔබේ සිිහින සැබෑ කරන සොඳුරු ප්‍රදර්ශනයක් වනු නොඅනුමනය.