බොලිවුඩය හෙල්ලූ භූමිගේ අලුත්ම මාධ්‍ය මෙහෙයුම

පෙබරවාරි 26, 2024

ෂාරුක් ඛාන්ගේ රෙඩ් චිලීස් එන්ටර්ටේන්මන්ට් වසර දෙකකට පසු ඩිජිටල් නිකුතුවක් ඉදිරිපත් කරන්නට සමත් විය. ඒ පුල්කිට් අධ්‍යක්ෂණය කළ භක්ෂක් චිත්‍රපටයයි. චිත්‍රපටයට මුලික තේමාවකර තිබුණේ නිවාසයක සිදු වූ සිදුවීම් මාලාවකි. මෙම සත්‍ය සිදුවීම් පදනම් කරගනිමින් නිර්මාණය කිරීම තුළම, විනෝදාස්වාදය වෙනුවෙන් කතාබහට ලක්ව තිබූ සිනමාව තුළින් සමාජයේ අහුමුළුවල සැඟවුණු දෑ පුන පුනා හෙළි කිරීමට සමත් විය. තවත් මෙවැනි දෑ නොවන තැනටම සමාජය තල්ලුකර යාමක් එයින් බලාපොරොත්තු වුණා වැනිය.

චිත්‍රපටයේ ප්‍රධාන චරිතය මාධ්‍යවේදිනියක ලෙසින් නිරූපණය කරනුයේ භූමි පෙඩ්නේකාර්ය. අැය වියපත් කැමරාකරුවකු සමඟ ප්‍රාෙද්ශීය ප්‍රවෘත්ති නාලිකාවක් පවත්වාගෙන යන තරුණියකි. දිනෙක ඇයට අපූරු වූ ප්‍රවෘත්තියක් ලැබෙනුයේ දේශපාලකයකු විසින් පවත්වාගෙන යනු ලබන නිවාසයක් පිළිබඳ තොරතුරකි. මෙම තොරතුරු ලබාදුන් තැනැත්තා ඇයට ලබාදෙනුයේ සමාජ විගණනය පිළිබඳව වූ වාර්තාවකි. මාධ්‍යවේදිනියකට එවන් වූ සැඟවුණු තොරතුරු සමාජයට ඉදිරිපත් කරන්නේ නම් එය මහඟු අවස්ථාවකි. එතැන් සිට වෛශාලි ලෙසින් චරිත නිිරූපණය කරන මාධ්‍යවේදිනිය ඒ පසුපස හඹා යන්නේ ගොදුරක් දුටු සිංහයකු පරිද්දෙනි. ඇයට ලබාදුන් වාර්තාවෙන් කියැවුණේ නිවාසය පවත්වාගෙන යනු ලබන බන්සි සාහු සහ ඔහුගේ සහායකයින් විසින් එහි රඳවා සිටින අයට ලිංගික අතවරයන් සිදුකළ බවයි. වෛශාලි සමාජයට තොරතුරු ඉදිරිපත් කරන්නට සුදානමින් සිටින්නේ මේ සම්බන්ධයෙනි. එහෙත් ඇය කිසිම විටෙක මේ පිළිබඳව තොරතුරු ලබාදුන් අය ගැන හෝ ඒ පිළිබඳව කිසිඳු සඳහනක් කිරීමට හෝ උත්සාහ නොගන්නේ රැකියාමය ගැටලු, පණිවුඩය ලබාදුන් තැනැත්තාට එකිනෙහිම එල්ලවන බැවිනි. මේ සිදුවීම නිසා එක්වරම චිත්‍රපටයේ කතා නායිකාව වූ වෛශාලිව ඉහළ තලයක රඳවා තබන්නට අධ්‍යක්ෂවරයා සමත් වූ බවක් පෙනේ.

කෙසේ වෙතත් මාධ්‍යවේදිනියක නොව කවුරුන් යමක් ඉදිරිපත් කරන්නේ නම් කා සතුව හෝ සාක්ෂි තිබිය යුතුය. තුරුම්පු ආසියා වන්නේ එවන් වූ එක් ප්‍රබල සාක්ෂියකි. මෙසේ තොරතුරු සොයමින් සිටිනවිට නිවාසයේ වැඩකළ කෝකියකු සොයා ගැනීමට ඇයට හැකි වේ.

මේ ඇය සැරසෙන්නේ තරුණියක් අපයෝජනයට ලක්කළ වුන් නීතිය ඉදිරියට ගෙනඒමේ සැලසුම ක්‍රියාත්මක කිරීමටයි. එහෙත් ඇය සිතන තරම් එය පහසු කාරණාවක් නොවිණි. මන්ද බලඅධිකාරිය ක්‍රියාත්මකව පැවතියේ ඇයට තර්ජන එල්ල කරමින් හෝ මෙය යටගසා පාගා දැමීමටය. එය මුලින්ම ආරම්භ වුයේ වෛශාලිගේ පවුල තුළිනි. පවුලේ අයට තර්ජනයක් එල්ලවන අතරම, ඇය වෙනුවෙන් සත්‍ය හෙළිකරන්නට ඉදිරිපත් වූ අයට සිදුවුයේද ද නොයෙක් අන්දමේ තර්ජනයන්ට මුුහුණ දීමටය. එහෙත් සියල්ල යටපත් වන්නට තිබු මොහොතක ඇය වෙනුවෙන් ඉදිරිපත් වන්නේ සුධා කුමාරි සහ සහකාර පොලිස් අධිකාරිවරියෙකි. සුධා කුමාරිගේ චරිතය නිරූපණය කරන්නේ ටනීෂා මේනාය. අඳුරු වලාපටකින් වැසී තිබු ගගන තලය රීදි වලාවකින් ආලෝකමත් වූවා සේ ඇය යළිත් සත්‍ය සොයායාමේ සටන ඇරඹුවාය. අයුක්තියට එරෙහිව නැඟී සිටීමේ යෝධ පියවර අභිමුව ඇය සත්‍ය සොයා සෙමෙන් පියමනින්න විය.

රෙඩි චිලීස් එන්ටර්ටේින්මන්ට් ඉදිරිපත් කළ ‘භක්ෂත්‘ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබුවේ පුල්කිට් විසිනි. එහි නිෂ්පාදනය ගෞරි කාන් සහ ගෞරව් චර්මාය. චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කරනුයේ භූමි පෙඩිනේකාර්, සන්ජේ මිශ්‍රා, ආදීත්‍ය ශ්‍රිවාස්තාවා සහ සායි තම්හන්කර්ය. චිත්‍රපටයේ මංගල දර්ශනය පැවතියේ පසුගිය පෙබරවාරි 09 වැනිදාය.

චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා මේ සම්බන්ධයෙන් සඳහන්කර සිටියේ ‘අපේ අරමුණු වුණේ සමාජයේ සැඟව පවතින කටුක යථාර්ථයන් ඉදිරිපත් කිරීම සහ අර්ථවත් වෙනසකට තුඩුදෙන සංවාද අැති කිරීමයි.‘ යනුවෙනි.

භූමි පෙඩ්නේකර් චිත්‍රපටය පුරා කාන්තාවක විසින් තම වෘත්තියෙහි යෙදිය යුත්තේ කවර ආකාරයට ද යන්න මැනවින් නිරූපණය කිරීමට සමත් විය. මේ තුළින් ඇය සියලු කාන්තාවන් වෙත නිහඬ පණිවුඩයක් දීමට සමත් විය. කැපවීම හා අධිෂ්ඨානය තිබිය යුත්තේ කවර අයුරින් ද? ඇය සියලු කාන්තාවන්ට භක්ෂත් තුළින් පෙන්නුම්කර සිටියාය.

චිත්‍රපටය පුරා මුලිකවම දිවෙන්නේ යුක්තිය පතා නොසැලෙන කාන්තාවකගේ ගවේෂණාත්මක ගමනකි. භූමි පෙඩිනේකර් වත්මනහි සමාජ හා දේශපාලනික සංකලනය උකහා ගනිමින් චරිතය නිරූපණය කරන්නට සමත් විය. පුල්කිට් විසින් රචිත ‘භක්ෂත්‘ චිත්‍රපටයෙන් වෛශාලි සිං මුලික කරගනිමින් භූමි පෙඩිනේකර් රංගනයේ යෙදුණේ. සැබැවින්ම කාන්තාවකගේ අැති අධිෂ්ඨනශිලී ශක්තිය මිස අන් කිසිවක් නොවේ.