එදා රුපියල් 80ට විකිණූ බෑග් එකම අද විකුණන්නේ රුපියල් 800 ට

මේධාවි බෑග් හිමිකාරිණිය ඉරේෂා
අගෝස්තු 26, 2020

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය (SED)  ගැන තරුණී බලන ඔබ මේ වන විටත් දැනුවත්. ශ්‍රී ලාංකේය ව්‍යවසායකත්ව සංවර්ධනයේ මහ ගෙදරත් පුවත්පත් කලාවේ මහගෙදරත් එකතු වී රටේ කාන්තාවන්, ව්‍යාපාරික ලොවේ රජකරවන්න දරන උත්සාහයකි මේ.

අද බොහොමයක් පවුල් ආරවුල් ඇති වන්නට පවුලේ ආර්ථික ගැටලු බලපානවා. සැමියා හරිහම්බ කර ගෙනෙන මාසික වැටුප ප්‍රමාණවත් නොවන විට බිරියගේ, දරුවන්ගේ අවශ්‍යතා මඟහැරී යයි. මෙලෙස ආර්ථික අස්ථාවරයක් ඇති පවුලක ගැටුම් ඇතිවීම ස්වභාවිකයි.

මේ ප්‍රශ්නයට වඩාත් සාර්ථක විසඳුම වන්නේ රැකියාවක් නොකරන නිවෙසේ රැඳී සිටින කාන්තාව ස්වයං රැකියාවකට යොමුවීම යෝග්‍යයයි. නිවෙසේ වැඩ කටයුතු කරගෙන යන අතරතුර යම් මුදලක් ඉපයිය හැකි නම් කෙතරම් අගනේද? ‘දිරියට සවියක්’ විශේෂාංගය ඔස්සේ එවැනි උත්සාහයක යෙදෙන දිරිය කතුන් ගැන ඔබට කියනුයේ එයින් ඔබේ ජීවිතයට යමක් එකතුකර ගනු පිණිසය.

තරුණී කර්තෘ මණ්ඩලයට ලැබෙන ලිපි ගොනුවත්, දුරකථන ඇමතුම් සංඛ්‍යාවත් මේ සඳහා ඔබේ ඇති උනන්දුව තහවුරු කරයි.

ශ්‍රි ලංකාවේ ජාතික සංවර්ධනයට උපරිම දායක්තවයක් ලබා දීමට ඔබ අදම හිතට ගන්න. මේ එවන් තවත් එක් දිරිය කාන්තාවකි.

ඇය ඉරේෂා අබේකෝන්. කොට්ටාවේ පදිංචිකාරියකි. මව, පියා සහ වැඩිමහල් සොයුරියන් දෙදනකුගෙන් යුත් පවුලක බාල දියණියයි. දියණිවරුන්ගේ වගකීම සුළු පටු නොවේ. ඇයගේ පියා පෞද්ගලික අංශයේ රැකියාවක් කළ අයෙකි. මව ගෘහණියකි. කෙසේ හෝ තම දියණියන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීම මේ මවුපියන්ගේ අරමුණ විය. එබැවින් ඉරේෂාටත් උසස් පෙළ වානිජ අංශයෙන් ඉගෙනුමට වරම් ලැබුණි.

 

2020/08/26 තරුණි බලන්න