කෝවිඩ් - 19 ගැන මුළුතැන්ගෙයින් නැඟෙනා ප්‍රශ්න

නොවැම්බර් 4, 2020

* ආහාර මත වෛරසය ජීවත් වෙනවාද?

ආහාර මතුපිට ( දවටනවල, පලතුරුවල, එළවළුවල, සීත කළ පැකැට් කළ ආහාරවල, ) විසබීජය වර්ධනය වන්නේ නැත. නව කොරෝනා වෛරසය වර්ධනය වන්නේ සතුන් හා මිනිසුන් තුළ පමණි. එනිසා ඒවා විසබීජහරණය කළයුතු නැත. කළයුත්තේ ආහාර ඇල්ලූ පසු හොඳීන් සබන් ගා අත් සේදීමයි.

එළවළු, පලතුරු පිරිසුදු ජලයෙන් සේදීම ප්‍රමාණවත්ය. අඩු වශයෙන් ආහාර සෙල්සියස් අංශක 70 ක උෂ්ණත්වයකටවත් පිසගත යුතුයි.

* නිවෙසට ආහාර පාන රැගෙන ඒමට වෙළෙඳ සලට යාමේදී නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට ගතයුතු ක්‍රියාමාර්ග මො නවාද?

වෙළෙඳ සලේදී අඩු වශයෙන් මීටරයක දුරක් පවත්වාගෙන යන්න. බඩු බාහිරාදිය දමන කූඩ, ට්‍රොලි භාවිතයෙන් පසු දෑත් සැනිටයිසර් හෝ සබන් යොදා පිරිසුදු කරගන්න.

නිවෙසට ගොස් යළි සබන් ගා දෑත් සෝදන තුරු මුහුණ, කට, නාසය ඇල්ලීමෙන් වළකින්න. නිවෙසින් පිට වීමට පෙර පැලඳූ මුව ආවරණය ගැලවිය යුත්තේ නිවෙසට ගියාට පසුවය.

කාසි නෝට්ටුවලින් ගනුදෙනු කරනවාට වඩා කාඩ්පත් මඟින් ගනුදෙනු කිරීමේදී වෛරසය ආසාදනය වීමේ ඉඩකඩ අඩුවෙයි.

* භාණ්ඩ ගෙන්වා ගැනීම ආරක්ෂිතද?

දුරකථනයෙන් අමතා හෝ අන්තර්ජාල මාර්ගයෙන් භාණ්ඩ ගෙන්වා ගැනීම තමන් කඩයකට යනවාට වඩා ආරක්ෂිතයි.

එසේ වන්නේ භාණ්ඩ රැගෙන එන්නා නිසි ආරක්ෂිත උපදෙස් පිළිපැද්දොත් පමණයි. භාණ්ඩ ලබාගත් පසු දෑත් සේදිය යුතුයි.

* නිවෙසේ භාණ්ඩ මතුපිට විසබීජහරණය කිරීමට ගතයුතු හොඳම විසබීජනාශකය කුමක්ද?

0.05% සෝඩියම් හයිපොක්ලෝරයිට් හෝ එතනෝල් සියයට හැත්තෑවක් අඩංගු නිෂ්පාදන වඩාත් සුදුසුයි.

* ආහාරවලින් කෝවිඩ් - 19 බෝවෙනවාද?

තවමත් රෝගය ආහාරවලින් හෝ ආහාර දවටනවලින් බෝ වෙන බවක් වාර්තාවී නොමැත.

* කෝවිඩ් - 19 න් වළකින්න ප්‍රතිශක්තිය නංවා ගන්න ගතයුතු ආහාර තිබෙනවාද?

ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට සියලුම ආහාර කාණ්ඩ අවශ්‍යයි. එක් ආහාරයක් කියා නම් කළ නොහැකියි.

* ලොක්ඩවුන් කාලයේ ගමන් බිමන් අඩු වෙයි. වැඩිපුර නිවෙසට වී කාලය ගත කරන නිසා විටමින් ඩී හිරු එළියෙන් සිරුරට ලැබෙන්නේ අඩුවෙනි.

මේ කාලයේදී විටමින් ඩී ලබා ගන්නේ කෙසේද?

කෝවිඩ්-19 න් ආරක්ෂා වීමේ දී විටමින් ඩී ලබා ගැනීම වැදගත් බව පර්යෂණයේ මඟින් ඔප්පු වී තිබේ.

ගෙවත්තේ උදෑසන හිරු එළියට නිරාවරණයවන්න, සැමන්, ටූනා, මැකරල්, මාළු අක්මා තෙල් ( ෆිෂ් ලිවර් ඔයිල් ), චීස්, බිත්තර කහමදවලද විටමින් ඩී එක්කළ ආහාර මඟින් ද විටමින් ඩී ලබාගත හැකියි.

උපදෙස්- ලෝක සෞඛ්‍ය සංවිධානයෙනි

 

 

2020/11/04 තරුණි බලන්න