වර්ෂ 2025 ක්වූ June 30 වැනිදා Monday
කොරෝනා සමඟ ජීවත් වෙමු

කෝවිඩ් වසංගත තත්ත්වය නැවතත් ඉතාමත් දරුණුවට උත්සන්න වෙලා. ඒ නිසාම මේ දිනවල බොහෝදෙනකුගේ සිත් තුල ඒ විතරක් නෙමෙයි මේ වසංගතයෙන් බේරිලා සිටින්න කළ හැකි දේ උපරිමයෙන් කරන්නයි ඇප කැප වෙන්නේ.
නමුත් කියන්නත් කණගාටුයි අප අතරම ඉන්නා ඇතැමුන් කිහිප දෙනකු මේ අවවාද අනුශාසනා කනකටවත් ගන්න කැමති නැති බවකුත් පෙනෙනවා. දකිනවා.
නිරෝධායනය
මේ කොරෝනා වසංගතයම නොවුණත් කාලයෙන් කාලයට පැන නගින විවිධ වසංගත සඳහා මුහුණ දීමට අපට සිදු වුණා. ඈත අතීතයේ දී අපේ රටේ ජනතාව වසංගත එහෙමත් නැත්නම් බෝවන රෝග පැතිරී යන විට විවිධ වූ නිරෝධායන ක්‍රම නිවැරැදිව භාවිත කළා. එමඟින් තමන් සේම තම පවුලේ සාමාජිකයන් පමණක් නොව අන් අය ද රෝග නොවැළදෙන ලෙසින් ආරක්ෂා කර ගැනීමට තරම් ඔවුන් පරෙස්සම් ද වූවා. විශේෂයෙන්ම මෙවැනි අවස්ථාවක බෝවන රෝගයකට මුහුණ දුන් පුද්ගලයා අන් අයගෙන් වෙන්කර රැකබලා ගත්තා සේම එම නිවෙසේ බෝවන රෝගයක් ඇති බව හඟවන්නට විවිධ උපක්‍රම භාවිත කළා. එමගින් වසංගතය ගම පුරාම පැතිරී යාමත් වැළකුණා.
දුමායනය
එම අතීත නිරෝධායන වත් පිළිවෙත් තව අදටත් මනාව ගැළපෙන අතර මේ කොරෝනා මර්දනය සඳහා වඩාත් ගැළපෙන දුමායනය ගැනත් අපි අවධානය යොමු කර බලමු.
නිකකොළ දුමායනය
බෝවනරෝග ,වසංගත පැතිරී යනවිට නිරෝධායන සිරිතක් හැටියට අපේ මුතුන් මිත්තන් නිකකොළ දුමායනය සිදු කළා. ආයුර්වේදයේ නිකකොළ වේදු ඇල්ලීම යනුවෙන් සඳහන් වන මෙහිදී නිකකොළ තම්බා වාෂ්පය ඇල්ලීම සිදුවේ. එමඟින් රෝගයට ඔරොත්තු දීමේ ප්‍රතිශක්තිකරණය පහසුවෙන් ඇතිකර ගත්තා .
මේ සඳහා ගෙවත්තෙන්ම නිකකොළ මිටක් කඩාගන්නා අතර එය වතුරට දමා හොඳීන් තම්බා ගැනීම සිදු කළා. යහමින් දුම් දමනවිට හිසේ සිට රෙද්දක් පොරවාගෙන වාෂ්ප ඇල්ලීම එහෙමත් නැතිනම් වේදු ඇල්ලීම සිදු කරනවා විනාඩි පහක් හයක් විතර කාලයක් වාෂ්ප ඇල්ලීම ප්‍රමාණවත්. ඒ වගේම මෙම නික කොළ තම්බා ගැනීම සඳහා මැටි මුට්ටියක් භාවිත කළ හැකි නම් ඒ වඩාත් අපූරුයි.
මෙම නිකකොළ වේද ඇල්ලීම මඟින් නාසයේ උඩ පරානාසික කුහර පිටුපස රැඳී තිබෙනා වෛරස් විසබීජ විනාශ කිරීමයි අරමුණ . මන්ද
කොරෝනා විසබීජ දින 3ක් හෝ 4ක් අපේ නාසයේ පරානාසික කුහර පිටුපස සැඟවී සිටින බව දැන් හඳුනා ගෙන තිබෙනවා. එබැවින් මෙලෙස දුමායනය කළ විට එම විසබීජ පහසුවෙන්ම විනාශයට පත් කළ හැකි වේවි.
තවත් දුමායනයන්
මෙතරම් දියුණු නවීන පහසුකම් නැති අතීතයේ දී අපේ මුතුන් මිත්තන් නිකකොළ වේදු ඇල්ලීම මඟින් අපට කියලා දුන්නු සාම්ප්‍රදායික දැනුම ඇයි අද අපි ප්‍රයෝජනයට නොගන්නේ.ඒ සම්මත සිරිත යළි භාවිතයට ගැනීමට කාලය උදා වෙලා.
මේ නික කොළ දුමායනයට අමතරව පැඟිරි කුලයේ ශාක පත්‍ර වූ දෙහි , දොඩම් , නාරං, යකිනාරං ආදියත් බෙලි කොළ, පාවට්ටා, කුරුඳු පත්‍ර වාගේ දේවල් වලිනුත් ඔබට දුම් අල්ලන්න පුළුවනි.
මේ පැතිරී යන කොරෝනා විසබීජ අතර ගැවසී අපට නිවෙසින් බැහැරව වැඩකරන්නට සිදු වෙනවා . එබැවින් දිනපතාම උදේ හවස දෙවරුවට ඇයි අපට බැරි නිකකොළ හෝ වෙනත් වේද ඇල්ලුමක් කරන්නට. එය වේගයෙන් පැතිර යන කොරෝනා වසංගතය ජයගන්න සවියක් වගේම අනිසි බිය කරදර වලට උත්තරයක් නොවේද කියලා ඔබම තීන්දු කරන්න.
උපදෙස් - ජනශ්‍රැති
පර්යේෂක සහ ප්‍රවීණ ලේඛක
මහින්ද කුමාර දළුපොත