අතුරුගිරියේ TM Dancers හිරු Step up රන් කිරුළ දිනයි

ඔක්තෝබර් 2, 2023

නර්තන කලාවේ දක්ෂයන් සොයා යමින් හිරු රූපවාහිනී නාලිකාව ඉදිරිපත් කළ 'හිරු STEP UP 'අවසන් මහා තරගය පසුගිය දා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

මෙහිදී නර්තනයේ රන් කිරුළ උදෙසා අතුරුගිරියේ TM DANCERS ,කොලොන්නාවේ SENTRIANS, වෙන්නප්පුවේ PJ & SONIC සහ හොරණ LPDS යන නර්තන කණ්ඩායම් හතර තරග වැදුණු අතර අවසන් කණ්ඩායම් දෙක ලෙස තියුනු ජනතා මනාපයෙන් හොරණ LPDS සහ අතුරුගිරියේ TM Dancers කණ්ඩායම් දෙක තේරී පත් විය. ඒ අතරින් ද හිරු STEPUP APP කිරුළ දිනාගන්නට වාසනාවන්ත වූයේ අතුරුගිරියේ TM Dancers කණ්ඩායමයි.

අවසන් මහා තරගයේ ශූරතාවය සහ අනුශූරතාවය වෙනුවෙන් මෙන්ම අනෙක් නර්තන කණ්ඩායම් වෙනුවෙන්ද රුපියල් මිලියන 4කට වඩා අධික වටිනාකමින් යුත් මුදල් ත්‍යාග සම්මාන සහතිකපත් පිරිනැමුණි. මේ නර්තන තරගාවලිය පුරාවටම විනිශ්චයෙන් දායකත්වය ලබාදුන්නේ ආචාර්ය චන්න විජේවර්ධන, අනූෂා දමයන්ති සහ අකිල ධනුද්දරයි.