ලෝකෙ වටේ යන බාබි ගර්ල්ගේ කාන්තා හැඩේ

බාබි ගර්ල් ගැන නොහිතපු කතාවක්
ජනවාරි 1, 2024

 

2023 වසරේදී කාගෙ කාගේත් ජනප්‍රියම චරිතයක් විදියට ඇස් ඉදිරියේ මැවුණු තරුණිය තමයි Barbie Girl. හැබැයි එහෙම වෙන්නත් හේතුවක් තිබුණා. මොකද Barbie Girl ආයෙමත් ලෝකෙ හැම තැනම කරක් ගහන්න පටන් ගත්තේ 2023 චිත්‍රපටයක් විදිහට තිරගත වීම ආරම්භ වීමත් සමඟයි.

මේ හින්දම Barbie බෝනික්කො විදිහටත් වයස් භේදයකින් තොරව ගේ මැද සාලෙට, නිදන කාමරයට එන්නත් ඒ හැටි කාලයක් ගත වුණේ නෑ. කොහොම වුණත් අපි මේ කතා කරන Barbie Girl චිත්‍රපටය ආරම්භ වෙන්නේ Barbie බෝනික්කන් විසින් සමාජයට කරනු ලබන බලපෑමත් සමඟයි. ඒ වගේම Barbie කාන්තාර දර්ශනයත් සමඟින් නැඟී සිටින ආකාරයත්, කුඩා දරු දැරියන් බෝනික්කන් විනාශ කරන ආකාරයත් මේ මඟින් දැක්වෙනවා.

මේ අතර චිත්‍රපටය ආරම්භයේදී හදිසියේම Barbieට තමන්ගේ පැවැත්ම සම්බන්ධයෙන් අර්බුද මාලාවකට මුහුණ දීමට සිදු වන්නේ සම මත කැළැල් ඇති වීම සහ පාදයන් පිළිබඳ ඇතිවන ප්‍රශ්නයන්ද සමඟින්. මේ අතර, Barbieවරුන්ගේ උපදේශය වන්නේ Stereotypical Barbieට අසතුටින් සිටින ගැහැනු ළමයකු සොයා සැබෑ ලෝකයට යන ලෙසයි. මේ හේතුවෙන් ඇය පැමිණෙන්නේ වැනීසියේ වෙරළටයි. මෙය නරඹමින් සිටින ඕනෑම අයකුට එය විනෝදාත්මක චිත්‍රපටයක් ලෙසින් නැරඹීමේ හැකියාව උවමනාවටත් වඩා පවතී. එයට ලැබෙන ප්‍රතිචාර ද අතිමහත්ය. කොයි හැටි වෙතත් සැබෑ ලෝකේ බෝනික්කන් සමඟ සෙල්ලමි කරමින් සිටිනා ගැහැනු ළමයා සොයා ඒමේදී Barbie Girl සමඟ පැමිණෙන්නේ 'කෙන්' ය. ඔහුගේ පැවැත්ම රඳා පවතින්නේ ද Barbie ඔහුව පිළිගැනීම මතයි. ඇය මිනිස් ලොවට පැමිණීමෙන් පසු තමා සොයමින් සිටි මිනිස් දැරිය සොයා ගනී. ඇය නමින් 'සාෂා' ය.

Barbieවරුන් අතර චිත්‍රපටයේ තරුව ලෙසින් හැඳින්විය හැක්කේ Margot Robbie ය. ඇය නිතරම උපහාසය මෙන්ම අවංකභාවය අතර දෝලනය වන නිවැරදි සමතුලිතතාවය සොයා ගැනීමට උත්සාහ ගනී.

මෙම චිත්‍රපටය නැරඹීමේදී ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනාට කතා කළ හැකි මට්ටමේ මාතෘකාවන් පැමිණේ. තවත් ලෙසකින් කිවහොත් Barbie සම්බන්ධයෙන් වෛර කරන පුද්ගලයන් මෙන්ම Barbie ට ආදරය කරන පිරිසක් වශයෙනි. ඇයට වෛර කරන පුද්ගලයන්ට ඒ පිළිබඳව හුවා දැක්විය හැක්කේ පුරුෂ පක්ෂය සම්බන්ධයෙන් හාස්‍යජනක ලෙස කතා කරන ආකාරය අනුවය. ඒ අනුව මෙයින් බොහෝ දෙනෙක් සඳහන් කර සිටින්නේ Barbie Girl යනු ස්ත්‍රීවාදය කෙරෙහි දැඩි නැඹුරුතාවක් දක්වන චිත්‍රපටයක් ලෙසිනි.

දෙපාර්ශ්වයම සම්බන්ධයෙන් ඒ ඒ අවස්ථාවන්ට අනුකූලවන පරිදි වලංගු කරුණු කාරණා තිබෙනමුත් දැඩි ලෙසින් මතුව ආවේ මෙය ස්ත්‍රීවාදය නිරූපණය කරන චිත්‍රපටයක් ලෙසිනි.

ඒ අනුව බැලුවහොත් එය ඒ ආකාරයෙන්ම නම් බොහෝ දෙනකු අතින් එය මඟහැරීමට ලක්ව තිබේ. දුඹුරු පැහැ හිසකෙස්, ළා නිලෙන් දිදුළන දෑස්, රෝස පැහැ Barbie Girl අතර ඔවුන් අතරමං වී තිබේ. ඔවුන් මේ නිසාම තවත් කාට හෝ චිත්‍රපටය නැරඹීමට ආරාධනා කරන්නේ ද මෙම වෛවර්ණ ෆැන්ටසියට ලොල්වය. Barbie Girl ස්ත්‍රීවාද චිත්‍රපටයක් යැයි කවුරුන් හෝ පිළිගන්නාතුරු ඔවුනට එවැනි හැඟීමක් ඇති වන්නේ ද නැත.

එහෙත් ඒ මතයේ පිහිටා බැලුවහොත් අනිවාර්යයෙන්ම එය බෝනික්කන් අතර සැරිසැරූව ද දාර්ශනිකවාදී චිත්‍රපටයකි. යම් විටෙක චිත්‍රපටය තුළ කෙන් පුරුෂාධිපත්‍ය පෙන්නුම් කිරීමට උත්සාහ ගන්නා බවක් ද පෙනේ. සැබෑ ලෝකයේ කාන්තාවන්ට මෙන්ම Barbie ට ද නොයෙකුත් ආකාරයේ විවේචනයන්ට මුහුණදීමට සිදුවන අවස්ථා ද නැතුවාම නොවේ.

චිත්‍රපයට තුළ පවා Barbie landහි සියලුම කටයුතු සිදු වන්නේ, ස්ත්‍රීන්ට මනා හැකියාවෙන් යුතු පැහැයක් ගෙන එමිනි. ඔවුන් බොහෝ දෙනා ඉහළ තනතුරුවල රැකියා කටයුතු කරන්නෝය. එහි මුලසුන හොබවන්නේ ද මාතෘමූලික ක්‍රමවේදයක් තුළය. බොහෝ දෙනෙක් දේශපාලනික, වෛද්‍ය, නීතිඥ වැනි රැකියාවල යෙදෙන්නෝය. එපමණක් නොව, Barbie land යනු ඕනෑම දෙයක් කළ හැකි කාන්තාවන් සිටින්නාවූ තැනකි. පෙර සඳහන් කළාත් මෙන්ම Barbie Land අමුතුම තැනක් වන්නේ උවමනා උවමනා අයුරින් එහි දක්ෂතාවයන්ගෙන් යුත් පිරිස් සිටිනා නිසාවෙනි. ජනාධිපති Barbie, ලේඛක Barbie, වෛද්‍ය, නීතිඥ, විනිසුරු, භෞතික විද්‍යාඥ හා මාධ්‍යවේදිනී ආදී ලෙසින් චරිත සියල්ලම මෙහි සිටියි. මේ හේතුවෙන්ම Barbie Girl යනු කාන්තාවාදී චිත්‍රපටයක් ලෙසින් බොහෝ දෙනකුට පැවසීමේ හැකියාවක් පවතී.

සම කර්තෘවරියකවන Ana Christina Romon විසින් චිත්‍රපටය සම්බන්ධයෙන් අදහස් දැක්වීමේදී ප්‍රකාශ ක‍රනු ලැබුවේ හොලිවුඩයේ චිත්‍රාගාර තුළ නායකත්වය පිළිබිඹු කරන කාන්තාවන් නොමැති හෙයින් කාන්තාව කේන්ද්‍රීය කරමින් කරන නිර්මාණ චිත්‍රපට පවා අවතක්සේරුවට ලක්වන බවයි.

2023 වසරේදී අමෙරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේ තිරගත වුණු සාර්ථකම චිත්‍රපටය ලෙසින් නම් කළ හැක්කේ Barbie Girl චිත්‍රපටයයි. මෙය මේ වන විට අමෙරිකානු ඩොලර් මිලියන 635කට වැඩි ප්‍රමාණයක් උපයාගෙන තිබේ. කරන ලද සමීක්ෂණයකදී හෙළිව ඇත්තේ කාන්තාවන්ගෙන් සියයට 62ක් Barbieට ආදරය කළ අතර, පුරුෂ පාර්ශ්වයෙන් ඇයට කැමැත්ත ප්‍රකාශ කර තිබුණේ සියයට 43ක් පමණක් බවයි.

Barbieවරුන් සියලුදෙනා කාන්තාවන් වූ අතර, කෙන්වරුන් සියලු දෙනා පුරුෂ පාර්ශ්වය වූහ. චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට Morgot Robbie සහ Ryan Gosling සම්බන්ධ වූහ. Barbie Girl චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබුවේ අමෙරිකානු නිළියක මෙන්ම පිටපත් රචකාවියක් ද වන Greta Celeste Gerwig විසිනි.