සැලෝන් එකේදී අනතුරක් වුණොත්

සේවකයින්ගේ අයිතිවාසිකම්, යුතුකම්, වගකීම් ගැනත් හිතන්න
මැයි 6, 2024

 

සැලෝන් එකක් පවත්වා ගෙන යෑම ආවට ගියාට කළ හැකි දෙයක් නොවේ. ඔබ පවත්වා ගෙන යනු ලබන සැලෝන් එක යටතේ ඔබ හැරෙන්න තවත් සේවකයන් සිටී නම් ඔවුන්ගේ අයිතිවාසිකම්, යුතුකම්, වගකීම් පිළිබඳව සැලකිලිමත් විය යුතුවේ. එය සේවකයින්ගේ සහ සේවායෝජකයින්ගේ යන දෙපාර්ශ්වයෙන්ම ඉටු විය යුතු ඒවා වේ. මේවා සැලෝන්වලට පමණක් නොව පොදුවේ සේවකයින් සහ සේවායෝජකයින් සඳහා බලපාන යුතුකම්, වගකීම් සහ අයිතිවාසිකම්ය.

 

සේවකයින්ගේ සහ සේවා යෝජකයින්ගේ අයිතිවාසිකම් වගකීම් සහ යුතුකම්

* සේවකයින්ට මෙන්ම සේවායෝජකයින්ටද අයිතිවාසිකම් සහ වගකීම් තිබේ.

* වගකීම් දෙපිරිසටම පැවරී ඇති අතර ඔවුන් සියල්ලෝම අයිතිවාසිකම් පවත්වා ගැනීමට අපේක්ෂා කරයි.

* වගකීම් සහ යුතුකම් පිළිබඳ සලකා බැලීමේදී ආරක්‍ෂාව සහ නිශ්චිත වැටුපක් ලැබීමේ අයිතිය සමාන අවස්ථා රැකියාවේ නියමයන් සහ කොන්දේසි ප්‍රධාන වශයෙන් සැලකිල්ලට ගනී.

* රැකියාවක නිරත වීමේදී තම අයිතිවාසිකම් සහ වගකීම් පිළිබඳ දැන සිටීම අත්‍යවශ්‍ය වේ.

සේවා ස්ථානය සම්බන්ධයෙන් සේවකයින්ගේ සහ සේවායෝජකයන්ගේ අයිතිවාසිකම් සහ වගකීම්

 

ආරක්ෂිත පරිසරය

සේවායෝජකයාගේ යුතුකම වන්නේ සේවකයින්ට සෞඛ්‍ය සම්පන්න සහ ආරක්ෂිත පරිසරයක් ලබාදීමයි. ඔවුන්ට ආරක්ෂිත සහ සෞඛ්‍ය සම්පන්න වූ වටපිටාවක් ඊට අවශ්‍ය යන්ත්‍ර උපකරණ ස්ථාපනය කිරීම අවශ්‍ය වේ. සේවකයින් ද අන් අයට ආරක්ෂිත ලෙස තම කටයුතු කරගෙන යාමට වග බලා ගත යුතුයි.

 

විධිවිධාන

ඕනෑම ආයතනයක් තුළ හානිකර නිෂ්පාදන හෝ රසායනික ද්‍රව්‍ය භාවිතය සඳහා විධිවිධාන තිබිය යුතුයි. එවැනි ද්‍රව්‍ය භාවිතය සහ ගබඩා කිරීම සඳහා අනුගමනය කළ යුතු නිශ්චිත රෙගුලාසි තිබේ.

 

සේවායෝජකයින් සහ සේවකයින් සඳහා මූලික අවශ්‍යතා

පිරිසුදු වැසිකිළි, පිළිවෙළකට ආහාර ගන්නා ස්ථාන, පිරිසුදු සේවා ස්ථානය, හොඳ පානීය ජලය වැනි සියලු මූලික පහසුකම් සේවකයින්ට තිබෙන බවට සේවායෝජකයා සහතික විය යුතුයි.

 

සේවකයින් සඳහා තොරතුරු ඉදිරිපත් කිරීම

පුහුණුව ආරක්‍ෂාව පිළිබඳ තොරතුරු ආදී සියල්ලම පිළිබඳ හොඳ දැනුම්වත්භාවයක් තිබිය යුතුයි. තොරතුරු සෑම අවස්ථාවකදීම තම සේවකයන් වෙත යාවත්කාලීන කළ යුතුයි.

නව වර්ගයේ ක්‍රීම් වර්ග, නිෂ්පාදන උපකරණ සහ යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීමේදී සේවායෝජකයින්ද රජයේ කොන්දේසිවලට අවනත විය යුතුයි. තවද සේවා ස්ථානයේ උෂ්ණත්වය පාලනය පිළිබඳ යම් ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුයි.

 

රැකියා ස්ථානයේ අසමානතා

සේවක පරිසරය තුළ සේවකයින්ට වෙනස්කම් කිරීම, හිරිහැර කිරීම සහ අපයෝජනයන්ගෙන් තොර ස්ථානයක සේවය කිරීමට අවස්ථාව තිබිය යුතුයි.

 

ඇඳුම් ඇඳීම සහ ක්‍රියාකාරකම්

ඕනෑම පුද්ගලයකු අඳින පලඳින ආකාරය වෙනස්වන අතර මේ නිසා ඕනෑම සේවකයකුට ඔවුන්ගේ රුචිකත්වය සහ සම්ප්‍රදායට අනුව ඇඳුම් ඇඳීමට සහ වැඩ කිරීමට නිදහසව තිබිය යුතුයි. බොහෝ සේවා ස්ථාන තුළ නිශ්චිත නිල ඇඳුමක් පවතින අතර එසේ වූ විට ආයතනයට ගැළපෙන ආකාරයෙන් ඇඳුම් පැලඳුම් යොදා ගැනීම සේවාදායකයාගේ යුතුකමකි.

 

වැටුප් සහ ගෙවීම්

සෑම සේවකයකුටම හෝ සේවායෝජකයකුටම ස්ථාවර ගෙවීමක් සහ දීමනා තිබේ. එබැවින් සෑම සේවකයකුටම සාධාරණව හා නිවැරැදිව වැටුප් ලැබීමේ අයිතිය ඇත. සේවකයින් සඳහා ගෙවීම් සම්බන්ධයෙන් කිසිදු වෙනසක් නොතිබිය යුතුයි.

 

සමාන අවස්ථා

සෑම පුද්ගලයකුම ඔවුන්ගේ කුසලතා සහ අත්දැකීම් මත පදනම්ව රැකියාවන්ට සම්බන්ධ වෙයි. සැබෑ ලෙසම සුදුසුකම් සපුරා ඇති සේවකයින්ගේ කුලය, වයස, වර්ණය ආදිය නොසලකා වැඩ සම්බන්ධයෙන් ඇති අත්දැකීම් සහ කුසලතා නිපුණත්වය මත පදනම්ව උසස් වීම් ලබා දිය යුතුයි.

 

නිවාඩු දින

සේවකයින්ට සේවායෝජකයන් හට ඔවුන් සඳහා නියමව ඇති නිවාඩු නිසි පරිදි ලබා ගැනීමේ අයිතියක් ඇත. රජයේ නිවාඩු, පුද්ගලික නිවාඩු සහ වෙනත් නිවාඩු මේ අතරට එක්වේ.

 

ගෞරවය

සේවකයින් අතර එකිනෙකාට ගෞරව දැක්වීමෙන් තම සබඳතා වැඩි දියුණු කරන අතර ගනුදෙනුකරුවන්ට සහ සේවකයින්ට ගරු කිරීම ඔබේ සේවා ස්ථානයේ දියුණුවට හේතුවකි.

 

සෞඛ්‍ය සහ ආරක්‍ෂාව රූපලාවණ්‍ය ශිල්පිනියක් ලෙස කටයුතු කිරීමේදී බොහෝ අවදානම් සහිත තත්ත්වයන් වලට ඇතැම් විට මුහුණ දීමට සිදුවේ. එවැනි අවස්ථාවලදී තියුණු ආයුධවලින් ගිනි සුළු රසායනිකයන් සමඟ සේවා දායකයා වෙත සේවය සැපයීමට සිදුවේ. මේ නිසා එවැනි අවස්ථාවලදී වැඩ බිමේ දී ක්‍රියා කළ යුතු සෞඛ්‍ය සහ ආරක්ෂිත ක්‍රියා පටිපාටිය පිළිබඳව හොඳ දැනුම්වත්භාවයක් තිබිය යුතුයි.

 

අනතුරු සහ අවදානම්

ආයතනයේ ඕනෑම දෙයක් අනතුරුදායක විය හැකි අතර ඔබගේ වගකීම විය යුත්තේ ප්‍රධානියා සමඟ එක්වී මෙම අනතුරුදායක දේ ඔබට මෙන්ම අන් අයටද අවදානමක් නොවීමට වග බලා ගැනීමයි.

 

හදිසි අනතුරක් සිදු වූ විට

තුවාල වූ පුද්ගලයාට රැකවරණය සලස්වන්න. හැකි ඉක්මනින් පාලකයාට හෝ කළමනාකරුට දන්වා හදිසි අනතුර පිළිබඳව විස්තර වාර්තා කරන්න.

පුද්ගල ආරක්ෂණ උපකරණ -PPE(Personal Protection Equipment)

පුද්ගල ආරක්ෂණ උපකරණ ඔබ හා ඔබේ සේවා දායකයා යම්කිසි කටයුත්තක් සිදුකර ගැනීමේදී වඩා හොඳ ආරක්ෂාවක් සපයා ගැනීම සඳහා යොදා ගනියි.

තුවා, ප්ලාස්ටික් ටේප්, ෆේස් මාස්ක්, ඒප්‍රන්, කපු පුළුන්, අත්වැසුම් ඉන් කිහිපයකි.

 

අත්වැසුම් භාවිතය

සමහර රූපලාවණ්‍ය සේවා සිදුකිරීමේදී ඔබගේ දෑත් ආරක්ෂා කරගැනීමට අත් අවර්ණ වීම වළක්වා ගැනීමට සහ ඇතැම් ආසාදන තත්ත්වයන් වළක්වා ගැනීමට අත්වැසුම් භාවිත කිරීම යෝග්‍ය වේ. වඩාත් සුදුසුම අත්වැසුම වන්නේ නයිට්‍රිල්(Nitrile) හෝ පුයර නොමැති ඒවාය. රබර් අත්වැසුම් සමහර ශිල්පීන්ට මෙන්ම සේවාලාභීන්ටද අසාත්මික විය හැකි නිසා ඒවා භාවිත නොකළ යුතුය. ස්වභාවික ඉවත දමන රබර් අත්වැසුම් සුවපහසුව සහ ආරක්ෂාව සපයයි. වැක්සින් සේවාවලදී අත්වැසුම් පැලඳිය යුතුය.

 

හිසකෙස් වර්ණ ගැන්වීමේදී හිසකේ සෝදන අවස්ථාවලදීද අත්වැසුම් පැලඳීම අත්‍යවශ්‍ය වේ.

පාද පරික්ෂා කරන විටද පාද සත්කාරයන් සිදුකරන අවස්ථාවලදී ද අත්වැසුම් පැලඳීම ඔබගේ මනාපයට අනුව සිදු කළ යුතුය.

 

ඉදිරිපත් කිරීම:

ප්‍රවීණ මනාලියන් හැඩගැන්වීමේ සහ රූපලාවණ්‍ය පිළිබඳ ශිල්පිනි ඉෂාරා කෝරලගේ