පිරිපුන් ඇස්පිහාටු සඳහා නි‍ෙවසේදී කළ හැකි ප්‍රතිකාරයන්

අප්‍රේල් 10, 2023

 

ඝන, දිගු සහ පිරිපුන් ඇස්පිල්ලම් තිබීම කාගේත් සිහිනයකි. නමුත් බොහෝ පිරිසක් එම සුන්දරත්වය උපතින්ම රැගෙන පැමිණියත්, තවත් බොහෝ පිරිසකට එය එසේ නොවේ. දිගු සහ සෞඛ්‍යසම්පන්න ඇස්පිහාටු හිමිකරගැනීමට එදිනෙදා ජීවිතයේදී ඔබට කළ හැක්කේ මොනවාද?

අපට ඒවා "Organic Lash Booster" නමින්ද හැඳින්විය හැකියි.

ඇස්පිහාටු වර්ධනය කරගැනීම සඳහා ප්‍රයෝජනවත්වන ස්වභාවික ද්‍රව්‍ය රාශියක් තිබේ.

 

තෙල්වර්ග

 

විටමින් E, caster තෙල්, ඔලිව්තෙල් සහ පෙට්රෝලියම් ජෙලි වැනි දෑ ඇහි පිහාටු කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇතිකිරීමට උපකාරි වෙයි.

මෙහිදී වැදගත්ම කරුණ වන්නේ ඒවා ප්‍රමිතියෙන් යුක්ත විය යුතුම වීමයි. මස්කාරා බ්‍රෂ් එකක් යොදා ගනිමින්, එය තෙල්වල ගිල්වා ඇහිපිහාටු වල අග සිට මුල දක්වා ක්‍රමානුකූලව එය ගැල්වීම කළ යුතුයි. එහිදී ඇස් ඇතුළත ආලේප තැවරීම නොවීමට වගබලා ගත යුතුයි. මෙම තෙල්වර්ග හරහා ඇස්පිහාටුවලට ඉතා හොඳ තෙතමනයක් ලැබෙන අතර, පිහාටු වර්ධනය සඳහා උපකාරී වෙයි.

 

Green Tea Bath

 

දිගු සහ තද පැහැති ඇස්පිහාටු ලබාගැනීම සඳහා විශිෂ්ට ක්‍රමවේදයකි මේ. සීනි නොමැතිව ග්‍රින් ටී කෝප්පයක් සාදා, එය සිසිල්වන තෙක් තබන්න.

ඉන්පසු කපු පුළුන් බෝලයක ගිල්වා එය ඇස්පිහාටු මත තබන්න. හරිත තේ සෞඛ්‍ය සම්පන්න ඇස්පිහාටු පවත්වා ගැනීමට ප්‍රයෝජනවත් වනු ඇත.

ප්‍රතිඔක්සිකාරකවලින් පිරී පවතී.

කෝමාරිකා

 

කෝමාරිකා අප නිවෙස්වල සුලභව දක්නට ලැබෙන ඖෂධීය ගුණැති පැළෑටියකි. කෝමාරිකා, ඇස් ප්‍රබෝධමත් කිරීමට සහ සශ්‍රික, අඳුරු

ඇහිපිහාටු පවත්වා ගැනීමට උපකාරී කරගත හැකිය. ඒ කෝමාරිකාවල ඇති විටමින් සහ ඛනිජ ලවණවලින් පිරි ගුණය නිසාය.

 

සම්බාහනය කිරිම

 

සෑම දිනකම නින්දට යෑමට පෙර, ඇස්වටා සම්බාහනය කිරීම මඟින් ස්නායු උත්තේජනය වීම හරහා ඇස් පිහාටු වර්ධනයට එය බෙහෙවින් බලපාවී.

ආසන්න වශයෙන් තත්පර 60ක් පමණ මෘදු ලෙස ස්පර්ශයක් ලබාදීමට උත්සාහ කරන්න. මෙම සම්බාහනයේදී ස්වභාවික තෙල් කෝමාරිකා යොදා

ගැනීමෙන් වඩාත් මෘදු සම්බාහනයකට ඒවා උපකාරීවනු ඇත.

 

පිරිසිදු ඇහිපිහාටු පවත්වා ගැනීම

 

ඔබ දිනපතා මේක් අප් කරන්නේ නම්, ඔබේ ඇහිපිල්ලම් හොඳින් පිරිසුදු කිරීම ඉතා වැදගත්වේ. සෑම රාත්‍රියකම ඔබේ ඇහිපිහාටු පිරිසුදු

 

කිරීම ඒවා නිරෝගීව තබා ගැනීමට උපකාරී වේ.

 

සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් අනුභව කිරීම

 

ගුණාත්මක අාහාර වේලක් සිරුරේ සෙසු අංග මෙන්ම ඇස් පිහාටු ද වර්ධනය කිරීමට බලපායි.

 

 

උපදෙස් :

මනාලියන් හැඩගැන්වීමේ සහ රූපලාවණ්‍ය ශිල්පිනි

ඉෂාරා කෝර⁣ළගේ