ලස්සන වෙන්න මෙන්න රහසක්

ජූලි 31, 2023

 

ඉවසීම තමයි අවශ්‍යම දේ. ඔබට ඉවසීම සහ කැපවීම නැත්නම් මේ ලිපිය කියවීම ද නවත්තන්න.

 ලේසි මාර්ගවලින් බ්ලීචිං යොදාගෙන සුදු වෙන්න පැහැපත් වෙන්න පුළුවන්. හැබැයි ඊට පස්සෙ ඇතිවන අතුරු ප්‍රතිඵලවලටවත්, තාවකාලික සුදටවත් කවුරුත් වග කියන්නේ නෑ.

ඒ නිසා ඉවසීමෙන් කටයුතු කරොත් ප්‍රතිඵලය ඉතා ඉහළයි. කල් පැවැත්මෙන් යුතුයි.

 

ඉතින්

මේ විදිහට ලස්සන වෙන රහසක් ගෙන ආවේ ඔයාට ඔයාගේ සම පැහැපත් කරන්නට ඉවසීමෙන් සුදු වෙන්නට.

මේ සුදුවන සත්කාර මාලාව පටන් ගැනීමට පෙර ඔබ විසින් කළ යුතු දේවල් කිහිපයක් තියෙනවා.

ආයෙත් මතක් කරනවා ඉවසීම තමයි අවශ්‍යම දේ. ඔබට ඉවසීම සහ කැපවීම නැත්නම් මේ ලිපිය කියවීම ද නවත්තන්න.

හොඳ ෆේස් වොෂ් එකක් , බොඩි වොෂ් එකක් පාවිච්චියට ගන්න.

සබන් පාවිච්චිය සම්පූර්ණයෙන්ම නතර කරන්න.

තද අව්වේ පිටතට යාම සම්පූර්ණයෙන්ම නවත්තන්න.

එළියට යන්න හොඳ ජැකට් එකක් තියාගන්න.

අත් දිගට, ඕනෑම තැනකට පැලඳීමට සුදුසු අයුරින්.

සමට ගැළපෙන රූපලාවණ්‍ය නිෂ්පාදන භාවිත කරන්න. වර්ග කිහිපයක් කලවමේ භාවිතා නොකරන්න.

රාත්‍රී ආලේපන දහවල් ආලේප නොකරන්න.

රාත්‍රී ආලේපන ගැල්වීමෙන් පසු රස්නය වදින තැන්වලට යන්න එපා. උදාහරණයක් විදියට ගෑස් කුකර් එකේ කෑම උයන්න යන්න එපා.

පසුදින උදෑසනම පෙරදින නින්දට කලින් ආලේප කළ සියල්ල හොඳින් සෝදා හරින්න.

ටෝනර් එකක් භාවිතා කරන්න.

අනවශ්‍ය රෝම ඇත්නම් රේසර් නොකරන තරමට හොඳයි. වැක්ස් කරන්න. සීනි වැක්ස් එක නම් ගොඩක් හොඳයි

රාත්‍රී ආලේපන ඉවත් කරනකොට, මේකප් ඉවත් කරනකොට උණුවතුර කිසිසේත්ම භාවිත කරන්න එපා. සිසිල් ඇල් ජලය පමණක් ගන්න.

හිසකෙස් අවුල් හැර පීරාගන්න. එවිට හිස් කබලට හොඳ සම්බාහනයක් ලැබේවී. විශේෂයෙන් දැති ආකාර කිහිපයක පනා භාවිතා කරන්න.

තෙත පිටින් කොණ්ඩය පීරන්නට එපා. අවුල් හැර ගැනීමට දැති ලොකු පනාවක් භාවිත කරන්න.

නිතරම සුවපහසු බාටා දෙකක් පලඳින්න.

සත්කාරය ඇරඹීමට දින තුනකට පෙර බඩ සුද්ද වී යාම සඳහා බෙහෙතක් බොන්න.

සෝස් වර්ග, සෝස් යෙදූ චයිනීස් කෑම, පේස්ට්‍රි, වෙනත් බේකිං පවුඩර් යෙදූ කෑම, පාන් පිටි සහ එවැනි ඊස්ට් යෙදූ කෑම, පැණි බීම සහ විනාකිරි ආහාරයට ගැනීම සම්පූර්ණයෙන් නවතා දමන්න. (ඔබේ ඉලක්කයට යා යුතු නම් මේ දේවල් සිදු කළ යුතුමයි.)

දිනකට එළවළු වර්ග පහක් කන්න. පලතුරු වර්ග පහක් කන්න.

දින තුනකට පෙර මඳ රස්නය ඇති වතුර පමණක් බොන්න.

හැකි නම් ශරීරය සිසිල් කිරීමට කස කසා ඇට ටිකක් බොන්න. පෙරදින වතුර වීදුරුවකට දමා පසුදින හිස් බඩ පානය කරන්න.

ස්නානයේදී සමට රළු නොවන luffa එකක් භාවිත කරන්න. ගල් කැබලි භාවිත කරන්න එපා.

තරබාරු බව ඇති නම් රාත්‍රී නින්දට පෙර ඩෙටොක්ස් පානයක් ගන්න. Golden milk වෙනුවට

හැකිනම් රතු කැකුළු බත් පමණක් ආහාරයට ගන්න.

තේ වෙනුවට නැවුම් මිරිකාගත් දොඩම් වීදුරුවක් පානය කරන්න.

රාත්‍රී නින්දට පෙර Golden Milk වීදුරුවක් පානය කරන්න.

මාස හයකට වරක් ඔබ සමට භාවිත කරන ආලේපන වර්ගය වෙනස් කරන්න. එකම නිෂ්පාදනය වසර ගණනක් භාවිත කරන්නත් එපා.

Daily Skin Routine ඔබටම, ඔබේ සමටම ආවේණික වූ ආකාරයට සකස් කරගන්න.

නිතර නිතර මුහුණ සෝදන්න එපා. දිනකට දෙවරක් හෝ තුන් වරක් ප්‍රමාණවත්. මොකද සමේ ඇති ස්වාභාවික ගතිය නැතිවෙලා යන්න පුළුවන්.

අලුත් කොට්ටඋරයක් සහ ඇඳ රෙද්දක් දමාගන්න. එය පිරිසුදු කපු එකක් විය යුතුයි.

හිස්හොරි සඳහා හොඳ ප්‍රතිකාරයක් ගන්න.

දිනකට වරක් හොඳින් ස්නානය කරන්න.

සුදුසු ෂැම්පෝ, කන්ඩිෂනර් භාවිතා කරන්න.

සෑම දින තුන-හතරකට වරක් හොඳින් බොඩි ස්ක්‍රබ් කරන්න.

දෙහි ලෙල්ලක් භාවිතයෙන් නියපොතු පිරිසිදු කරගෙන, ලස්සනට කපාගන්න.

කුරුලෑවලට ප්‍රතිකාර ගන්න.

භාවිත කරන ෂැම්පෝ, කන්ඩිෂනර්, ආලේපන තද අව්වට නිරාවරණය නොවන ලෙස තබා ගන්න. මක් නිසාද සූර්ය තාපය නිසා ඒවායේ ඇති structures වෙනස් විය හැකි නිසා.

දවල් කෑමට පසු මුදවපු කිරි කප් එකක් හෝ යෝගට් කප් එකක් ආහාරයට ගන්න.

සිත නිස්කලංක කරගන්න.

අනවශ්‍ය ප්‍රශ්න සිතින් ඉවත් කරන්න.

මස් ආහාරය මඳක් නවතා මේ දින කිහිපයවත් පිරිසුදු අලුත් මාළු කෑමට ගන්න.

සලාද මැල්ලුම් සහ කොළ සම්බෝල වැඩියෙන් ආහාරයට එකතු කරගන්න.

ඔබට ගැස්ට්‍රික් ඇත්නම් එයට නිසි බෙහෙතක් ගන්න.

විශේෂයෙන් අජිනමොටෝ රසකාරක සහිත ක්ෂණික ආහාර රාත්‍රී ආහාරයට නොගැනීම වැදගත්.

අනවශ්‍ය තරහ, වෛරය, ක්‍රෝධය සිතින් අමතකකර නින්දට යන්න.

 

 

අන්තර්ජාලයෙනි