නයිට් ක්‍රීම් ආලේපය හිතුවට වඩා හොඳ වෙයිද?

දෙසැම්බර් 4, 2023

ඔබ නින්දට යාමට පෙර නයිට් ක්‍රීම් එකක් භාවිත නොකරන්නේ ද? එසේ වී නම් නයිට් ක්‍රීම්වල ප්‍රතිලාභ ඔබ නොදන්නවා විය හැකියි.

හොඳ තත්ත්වයේ නයිට් ක්‍රීම් එකක් ඔබේ සම වැඩි දියුණු කරන අතර සම සුවපත් කිරීමට, අලුත්වැඩියා කිරීමට සහ යථා තත්ත්වයට පත් කිරීමට උපකාරීවන අතර සමට අලුත් බවක් ලබා දෙයි.

ඔබ තවමත් සිතන්නේ නයිට් ක්‍රීම් ආලේප කිරීමෙන් වෙනසක් නොවන බවද?

* නයිට් ක්‍රීම් ඔබේ මුහුණේ වියළි කොටස්වලට හොඳ තෙතමනයක් සපයයි. එම නිසා, ඔබේ මුහුණ වියළි නොවේවි.

* එය ඔබේ සම සුසිනිඳු සමක් කරාවී.

*නයිට් ක්‍රීම් ඔබේ සමේ කොලජන් නිෂ්පාදනය වැඩි කරයි.

* මනා රුධිර සංසරණයක් සඳහා ද උපකාරී වේ.

* නයිට් ක්‍රීම් සමේ රැලි අඩු කිරීමට ද උපකාරී වේ.

* එය ඔබේ සම එල්ලා වැටීම වළක්වයි.

* ඒ ඔබේ වයස්ගත සම අනුව තවදුරටත් වයසට නොයනු ඇත.

* සෛල අලුත් කිරීමට සහ සම පෝෂණය කිරීමට උපකාරී වේ.

නයිට් ක්‍රීම් එකක් භාවිත කිරීම සමට හිතකර වන්නේ ඇයි?

ඔබේ සම දිවා කාලයට වඩා රාත්‍රියේදී ක්‍රියාකාරී ද්‍රව්‍ය හොඳින් අවශෝෂණය කරයි. නිදා සිටින විට රාත්‍රියේදී සමේ සෛල වැඩි වැඩියෙන් අලුත් වේ.

නයිට් ක්‍රීම් ඔබේ මුහුණේ ඇති කුණු ඉවත්කර, මුහුණේ සෛල අලුත්කර පටකවලට හානි වීම වළක්වාලයි.

එම නිසා, නයිට් ක්‍රීම් ඔබේ සම පෝෂණය පමණක් නොව, හානියට පත් සෛල අලුත්වැඩියා කිරීමටද උපකාරී වේ.

 

නයිට් ක්‍රීම්වල අවාසි

නයිට් ක්‍රීම්වල සක්‍රීය අමුද්‍රව්‍ය සහ සුවඳ ද්‍රව්‍ය අඩංගු විය හැකි අතර එය අසාත්මික ප්‍රතික්‍රියා ඇති කළ හැකි අතර සංවේදී සම තරමක් වෙනස් විය හැකියි. මෙය වළක්වා ගැනීම සඳහා අලුත් වෙ⁣ළෙඳ නාමයකින් යුතු නයිට් ක්‍රීම් එකක් භාවිත කිරීමට පෙර අසාත්මිකතාව පිළිබඳ පරීක්ෂාවක් සිදු කරන්න.

සමහර නයිට් ක්‍රීම් තෙල් සහිත විය හැකි අතර එමඟින් සිදුරු අවහිර වී කුරුලෑ ඇති විය හැකියි. ඔබට තෙල් සහිත හෝ කුරුලෑ ඇති සමක් තිබේ නම් ඊට සුදුසු නයිට් ක්‍රීම් එකක් තෝරා ගන්න. මේ සඳහා රූපලාවණ්‍ය පිළිබඳ වෛද්‍යවරයකුගෙන් උපදෙස් ලබා ගන්න.

උසස් තත්ත්වයේ රාත්‍රී ක්‍රීම් මිල අධික විය හැකි අතර සමහර ඒවායින් අපේක්ෂා කළ ප්‍රතිඵල ලබා නොදෙනු ඇත.

නයිට් ක්‍රීම් මත අධික ලෙස යැපීමෙන් ඔබේ සම ස්වභාවික තෙල් සහ තෙතමනය නිපදවීම මන්දගාමී විය හැකියි.

නයිට් ක්‍රීම් ආලේප කිරීම ආවාට ගියාට නොකරන්න. නිසි ප්‍රතිඵල නොලැබී යා හැකියි.

* නයිට් ක්‍රීම් ආලේප කිරීමට පෙර මුහුණ සෝදන්න.

* කුඩා ප්‍රමාණයක් අල්ලට ගෙන එය මුහුණේ ආලේප කරන්න.

* සම මත ක්‍රීම් ආලේපකර සම්බාහනය කිරීම ඉහළට, රවුමට කරන්න.

* නයිට් ක්‍රීම් ඇස් පියන් මත ආලේප නොකරන්න.

නයිට් ක්‍රීම් එකක් භාවිතය අවශ්‍යද?

ඔව්. සමට අවශ්‍ය තෙතමනය ලබා දීමට උපකාරී වේ.

ඔබ සෑම රාත්‍රියකම නයිට් ක්‍රීම් භාවිත කළ යුතුද?

නයිට් ක්‍රීම් එකක් කාන්තා සම ආරක්ෂා කිරීමේ ක්‍රියාවලියේ කොටසකි. ඔබ නිදා සිටියදී ඒවා විශිෂ්ට ලෙස ක්‍රියා කරයි, ඔබේ සමට අවශ්‍ය පෝෂණය ලබා දෙයි. සම⁣ට නීරෝගී පෙනුමක් ලබා දෙයි.

නයිට් ක්‍රීම් එකක් සමට උරා ගෙන මනා ප්‍රතිඵල ලබා දීමට කොපමණ කාලයක් ගතවේද?

සාමාන්‍යයෙන්, සමේ සෛල අලුත් වීමට දින 28ක් ගත වේ. එයින් අදහස් කරන්නේ ඕනෑම සම රැකදෙන නිෂ්පාදනයක් (නයිට් ක්‍රීම් ඇතුළුව) ප්‍රතිඵල පෙන්වීමට මාසයක් පමණ භාවිත කළ යුතු බවයි.

මොයිස්චරයිසර් සහ නයිට් ක්‍රීම් දෙකම භාවිත කළ හැකිද?

නයිට් ක්‍රීම් එකක් මොයිස්චරයිසර් එකක් වෙන්න පුළුවන්. එබැවින් ඔබේ සම සඳහා මොයිස්චරයිසර් හෝ නයිට් ක්‍රීම් යන දෙකින් එකක් වුව භාවිත කරන්න පුළුවනි.

දිවා රාත්‍රී ක්‍රීම් අතර වෙනස කුමක්ද?

ඒවාහි අඩංගු අමුද්‍රව්‍ය ලැයිස්තුවෙන් වෙනස් විය හැකියි. ච්චර ක්‍රීම්වල ප්‍රධාන වශයෙන් ඉර්‍ථජ් සහ විටමින් ඛ් අඩංගුවන අතර නයිට් ක්‍රීම් රෙටිනෝල් සහ ග්ලයිකොලික් අම්ලය වැනි අනෙකුත් ක්‍රියාකාරී ද්‍රව්‍යවලින් පොහොසත් වේ.

නයිට් ක්‍රීම් වයසට යාම වළක්වයිද?

ඔව්, නයිට් ක්‍රීම් ඵලදායී ලෙස වයස්ගත වීම වැළැක්වීමේ ද්‍රව්‍යවලින් පිරී ඇත.