මුහුණේ රැලි වෙනස් කරන්න ආ රැල්ල

Botox
ජනවාරි 22, 2024

 

තරුණ පෙනුම වියැකී යා නොදෙන්නට අපි හැකි තරම් උත්සාහ ගන්නෙමු. දියුණු තාක්ෂණික ක්‍රමවේදයන් දැන් ඒ සඳහා පිහිටට සිටීම සිතට අස්වැසිල්ලක් වනවා ඇති.

රූපාලංකරණ වෛද්‍ය විද්‍යාවට අනුව මුහුණේ රැලි වැටීම් පාලනයට Botox ප්‍රතිකාරය උදවු වේ.

මෙය වියැකී යන තරුණ විය නැවත ළඟා කරගන්නට ආ විප්ලවීය වෙනසකි.

නාසය දෙපස මෙය රැලි වැටීම නොවේ. නළලේ, ඇස් දෙපැත්තේ.... වයසත් සමඟ රැලි වැටීම් සිදුවීම ස්වභාවික දෙයකි.

නළල රැලි ගැන්වූ විට, ඇස් දෙපැත්ත ආදියේ රැලි තරුණ වයසේදී එසැණින් ඉවත් වුවත් තරුණ විය ඉක්මවා යෑමත් සමඟින් මේ රැලි ඉවත්ව යෑම පසුගාමීව සිදුවේ. එසේ වන්නේ මාංශපේශීවල ඇති තද ගතිය නිසයි. Botox මඟින් ස්නායුවල සිට මාංශපේශි දක්වා සංඥා අවහිර කරයි.

මෙය සිදුවන්නේ එන්නතකිනි.

එන්නත් කරන ලද මාංශපේශි ලිහිල් වේ. එමඟින් රැලි ලිහිල් කර මාංශපේශී මෘදු කරයි.

Botox බොහෝ විට නළලේ රේඛා, කපුටන්ගේ පාද වැනි(ඇස වටා රේඛා), රැලි රේඛා සහ හතරැස් හැඩයේ මුහුණට ප්‍රතිකාර කිරීමේදී භාවිත වේ.

 

Botox ක්‍රියාවලිය සිදු කරන්නේ කෙසේද?

Botox ලබා ගැනීමට ගතවන්නේ මිනිත්තු කිහිපයක් පමණක් වන අතර නිර්වින්දනය කිරීමක් අවශ්‍ය නොවේ.

Botox සිහින් ඉඳිකටුවකින් විශේෂිත මාංශපේශිවලට එන්නත් කරනු ලබද්දී ඇතිවන්නේ සුළු අපහසුතාවයක්.

එය සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක වීමට සාමාන්‍යයෙන් දින තුනත්, හතත් අතර කාලයක් ගත වන වේ.

Botox ප්‍රතිකාරය ලබන්නා යම් හෙයකින් මත්පැන් පානය කරන්නේ නම් අවම වශයෙන් සතියකට පෙර මත්පැන් පානය කිරීමෙන් වැළකී සිටීම වඩාත් සුදුසුය.

 

Botox එන්නත් කිරීම කොපමණ කාලයක් පවතින්නේද?

Botox හි බලපෑම මාස හතරත්, හයත් අතර කාලයක් පවතිනු ඇත.

මුහුණේ මාංශපේශි අධි ක්‍රියාකාරිත්වයක් ඇති බැවින් ක්‍රමයෙන් රේඛා සහ රැලි නැවත ආරම්භ වීමට පටන් ගනියි. එවිට නැවතත් Botox ප්‍රතිකාර කිරීම අවශ්‍ය වේ.

මෙසේ මාංශපේශී ලිහිල් කිරීමට පුහුණු කරන නිසා බොහෝ විට කාලයත් සමඟ රේඛා සහ රැලි අඩු වේ.

 

Botox ප්‍රතිකාරය සිදු කෙරෙන්නේ

* මුහුණට

* ඇස්වල දෙපැත්තට, මුඛය දෙපැත්තේ (කාක පාදය මෙන් දිස්වන)

* නළලේ රැලි

* ඇහි බැම හැඩගැන්වීමට (Botox එන්නත් භාවිත කිරීමෙන් ඇහිබැමවල හැඩය වෙනස් කර වඩාත් සෞන්දර්යාත්මක පෙනුමක් ලබා ගත හැකියි).

* ඇහිබැම එසවීමට

* ඇහි බැම අසමමිතිය නිවැරදි කිරීමට

* සිනහවනවිට විදුරුමස් දක්වා පෙනෙද්දී ඇති අවලස්සන දුරු කිරීමට

* බෙල්ලේ සිරස් හා තිරස් අතට ඇති රැලි ඉවත් කිරීමට

ආසන්න වශයෙන් විනාඩි පහළොවක පමණ කාලයක් මේ ප්‍රතිකාරය සඳහා ගතවන බැවින් එය සිදුකිරීමෙන් පසු සුපුරුදු රාජකාරීවල නිරත විය හැකියි.

ප්‍රතිඵලය වන්නේ

රේඛා සහ රැලි සමනය වන අතර තරුණ, දිදුලන පෙනුමක් ඔබට ඉතිරි වනු ඇත.

ඔබ දින දෙක තුනකින් වෙනස දැකීමට පටන් ගනී. සමස්ත බලපෑම් සතියකින් පමණ පෙනෙනු ඇති

අතුරු ආබාධ තිබේද?

Botulinum Toxin ඉතා කුඩා ප්‍රමාණයක් පමණක් භාවිත වන බැවින් මෙම ප්‍රතිකාරය හානිකර නොවේ. වඩාත් සුලභ අතුරු ආබාධයන් වන්නේ සමේ සුළු රතු පැහැය සහ එන්නත් කරන ස්ථානයේ ඉඳහිට සුළු ඉදිමීමක් වැනි දේය.

ඉදිරිපත් කිරීම :
රූපාලංකාරය පිළිබඳ
විශේෂිත පුහුණු වෛද්‍ය
ඩබ්ලිව්. ඒ නුවන් කුමාර