කියාගන්න බැරි ලෙඩ ගැන හිතේ තියාගන්නෙ නැතිව අපට කියන්න

ජනවාරි 1, 2024

 

මේ ජීවිත ගමනේදී එක් එක් අවධි පසු කරමින් යන විට දී විවිධාකාර ගැටලුවලට මුහුණ දීමට සිදුවේ. එලෙස පවුල් ජීවිතයේ ගැටලු, දරුවන්ගේ ගැටලු, මානසික ගැටලු, ලිංගික ගැටලු සහ අඹු සැමි ගැටලු ආදී විවිධාකාර වූ ගැටලුවලට නිසි විසඳුමක් සොයා ගත නොහැකිව පීඩා විඳින්නන් බොහෝ දෙනෙක් සිටිති. ඔබටත් එවැනි ගැටලුවලට විසඳුම් ලබා දෙන්න හොඳ උපදේශකයකු සිටියි නම් බාධාවකින් තොරව ඔබේ ජීවිතය සතුටින් ගෙන යෑමට පහසු වේවි. සිතේ තියෙන කාටවත්ම කියාගත නොහැකිව ජීවතකාලය පුරාවටම සිතින් තැවි තැවි ඉන්න පවුලෙන් ගිලිහුණු සතුට සමාදානය නැවත රැගෙන එන්න තරුණී නිරතුරුවම ඔබට සහයක් වනු ඇත. ලියන්න ඔබේ හද දවන ගැටලුව තරුණීට. අප ඔබට ඉක්මන් විසඳුම් ලබා දෙන්නෙමු. අපේ ලිපිනය. ඩොක්ටර් ඩෝ, තරුණී, ලේක්හවුස්, කොළඹ - 10. එසේත් නැතිනම් ඔබගේ ගැටලුව 0715927752 දුරකථන අංකයට whatsapp කරන්න.

 

ලිංගාශ්‍රිත රෝගයක් නිසා පීඩාවෙන්

ප්‍රශ්නය

මට වයස අවුරුදු 35යි. විවාහ වී වසරක් පමණ වේ. අප දෙදෙනාම වෙනත් අය සමඟ ලිංගික සබඳතා පවත්වා නැත. මා හට Vestibular Papillomatosis නම් රෝගී තත්ත්වය හටගෙන ඇති බව දැන ගන්න ලැබුණා. එයට ප්‍රතිකාර කිරීම අත්‍යවශ්‍ය ද? එමඟින් ගර්භණී වීමේදී ගැටලු ඇතිවේද ? එය ඉබේ සුව වන්නේ නැතිද ? එය ක්‍රමයෙන් වැඩිවන රෝගයක්ද ? මෙම රෝගය සඳහා ලංකාවේ පවතින ප්‍රතිකාර මොනවද ?

මීගමුව - හර්ෂණී

 

පිළිතුරු

මෙය vestibular papillamatosis තත්ත්වයක් ද නැතහොත් එය වෙනත් ආකාරයක මානව පැපිලෝමා වයිරසය (HPV) නිසා ඇති වූ තත්ත්වයක් ද යන්න නිශ්චිතව පැවසූයේ වෛද්‍යවරයකු විසින් නම් එහි ගැටලුවක් නැත.

එසේ නොමැති නම් එය ඔබට පිටතින් බලා තීරණය කළ නොහැකි නිසා ඔබ කළ යුත්තේ වෛද්‍යවරයකු හමුවී පෙන්වා එම රෝගය කුමක්දැයි නිවැරැදිව හඳුනා ගැනීමයි.

මෙය මිනිසකුගෙන් මිනිසකුට බෝවිය හැකි වයිරසයකි. මෙම වයිරසය මානව සිරුර තුල විවිධ රෝග ලක්ෂණ ඇතිවීමට හේතු වේ. වෛරසය අසාදනය වූ විට සිරුරේ ඉන්නන් තුවාල ආදිය ඇතිවීම වැනි සංකූලතා දක්නට ලැබේ. ඇතැම් තුවාල පිළිකා දක්වා වර්ධනය වේ. ගැබ්ගෙල, යෝනිය, ශිෂ්්නය, උගුර, ගුදය, මුඛය ආශ්‍රිත පිළිකා මේ අතර ප්‍රධානය. එමෙන්ම ලිංගික පෙදෙස්වල ඉන්නන් ඇති වීමට ද හේතුවක් වේ.

 

බොහෝවිට මෙම වයිරසය ප්‍රථම ලිංගික එක්වීමේදී ආසාදනය වේ. මීට අමතරව සමලිංගික චර්යා, ලිංගික සහකරුවන් කිහිප දෙනෙක් සමඟ සංසර්ගයේ යෙදීම, දුම්පානය හා ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඇති දුර්වලතා හේතුවෙන් ආසාදනය වේ. වයිරසය ඍජු ස්පර්ශය මගින් ද ආසාදනය වේ. ඇතැම්විට මවගෙන් දරුවාට බෝ වේ.

බොහෝ විට ඔබට ඇත්තේ HPV තත්ත්වයක් නම් ඔබ බිය විය යුතු නැත. නමුත් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර සහ උපදෙස් වෛද්‍යවරයකු හරහා ලබා ගත යුතුය.

 

පියයුරුවල ගැටලුවක්

ප්‍රශ්නය

මාගේ පියයුරුවල අඳුරු පැහැ ලප පවතියි. මාස කිහිපයක සිට එවැනි ලප පැවතියත් ඒවායින් කිසිදු වේදනාවක් හෝ අපහසුතාවක් නොමැත. එහෙත් පියයුරු ඉතා තදින් මිරිකූ විට ශ්‍රාවයක් පැමිණෙයි. සාමාන්‍ය පරිදි මිරිකු විට එසේ නොවෙයි. ඔසප් දින ආසන්න වූ විට දී ද පියයුරුවල අධික වේදනාවක් පවතී. වෙනත් රෝග ලක්ෂණ නොමැත. මෙය බිය විය යුතු තත්ත්වයක් ද? නැතිනම් සාමාන්‍ය තත්ත්වයක් ද? පිළිකාවක් ද?

මහර - සඳුනි

 

පිළිතුර

ඔබේ වයස සඳහන්කර නොමැති නිසා ඔබ තරුණියක් ද නැතිනම් මවක් ද කියා හඳුනාගත නොහැකියි. වයස සටහන්ව තිබුණේ නම් වඩා නිවැරැදිව පිළිතුර ලබා දීමට පහසුවක් වේවි. තනපුඩුව මිරිකීමෙන් පසු යම් දියරයක් පිටවීම ස්වාභාවික ය . ඕනෑම වයසක කාන්තාවන්ගේ තනපුඩුව මිරිකීමෙන් මෙවැනි දියරයක් පිටවීම සිදුවිය හැකියි. නමුත් තනපුඩුවේ ඇති වි ඇති තත්ත්වය යම්කිසි දිලීර ආසාදන තත්ත්වයක් වීමට ඉඩ ඇත. නමුත් එය පරීක්ෂා කිරීමෙන් තොරව නිශ්චිතව කිව නොහැකිය. පිළිකා තත්ත්වයක් ද කියා කීමට නම් අනිවාර්යෙන්ම පරීක්ෂා කළ යුතුය. ඒ සඳහා මේ සම්බන්ධයෙන් දැන ගත යුතු වෙනත් තොරතුරු ද ඇත. එම නිසා ප්‍රථමයෙන් ඔබේ පවුලේ වෛද්‍යවරයා ලවා පරීක්ෂාකර ගෙන අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන්න. පෙනෙන ආකාරයට නම් බිය විය යුතු නැති වුවද පියයුරු සමෙහි ආසාදනයක් ඇති නිසා ප්‍රතිකාර ගැනීම උචිතය.

 

තවම දරුවන් නැත්තේ ඇයි?

ප්‍රශ්නය

වෛද්‍යතුමනි, මා වයස අවුරුදු 28ක යුවතියක්. මගේ ඩිම්බකෝෂයක ගැටලුවක් මතුවීම නිසා දැනට අවුරුදු 04කට පෙර එම ඩිම්බකෝෂය ඉවත් කරනු ලැබුවා. දරුවන් ලැබීමට බාධා ඇතිවිය හැකි නිසා ඉක්මනින් විවාහ වී දරුවන් සාදා ගන්නා ලෙස වෛද්‍යවරු මා හට පැවසුවා. මා විවාහ වී දැනට අවුරුදු 02ක්. නමුත් මා හට තවම දරුවන් නොමැත. දරුවෙක් පිළිසිඳ ගැනීමට හැකියාවක් නොමැති ද?

කුරුණෑගල - අයේෂා

 

පිළිතුර

ඔබට දරුවකු පිළිසිඳ ගැනීමට හැකියාවක් තිබෙනවා. එක් ඩිම්බකෝෂයක් ඉවත් කළත් අනෙක් ඩිම්බකෝෂය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකවන බැවින් ඩිම්බකෝෂ දෙකම තිබෙන කාන්තාවන් සේම දරුවකු පිළිසිඳ ගැනීමේ අවස්ථාව තිබෙනවා. සාමාන්‍යයෙන් සිදුවන්නේ මාසයක් හැර මාසයක් ඩිම්බ කෝෂ දෙකෙන් ඩිම්බ පිටවීමයි. නමුත් එක් ඩිම්බ කෝෂයක් ඉවත් කළ පසු පවතින ඩිම්බ කෝෂයෙන් සෑම මාසයකම ඩිම්බයක් මෝචනය වීම සිදු වේ. දරුවෙක් පිළිසිඳ ගැනීම ප්‍රමාදව තිබේ නම් පළමුව එයට හේතුව සොයා ගැනීම වැදගත්. පැලෝපිය නාලයේ අවහිරතාත් හේතුවක් විය හැකියි.

 

කන්‍යා පටලයට හානියක් වුණා දැයි හිතෙන නිසා විවාහ වීමට බයයි

 

මම දහ අට හැවිරිදි යුවතියක්මි. ළඟඳී විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින මගේ හද දවන ගැටලුවක් ඇත. මා විවාහ වීමට සිටින්නේ වසරක පමණ කාලයක සිට දෑන හඳුනා ගත් පුද්ගලයකු සමඟයි. මා වැඩිවියට පත් වූ මූල් දිනවලම ඥාතියකුගේ අතවරයට ලක් වුණෙමි. එම සිදුවීමෙන් පසූ යළි එවැනි දෙයක් සිදුවූයේ නැත. දැන් ඒ පිළිබඳව සිතන විට මට මහත් බියක් දැනෙයි. මන්ද මා දැනට විවාහ ගිවිස ගෙන සිටින පුද්ගලයා යුවතියකගේ නිර්මලත්වය ගැන ඉහළින්ම කතාබහ කරන අයෙකි. වෛද්‍යතුමනි එක් ඇසුරකින් පසූ නිර්මලත්වයට හානි පැමිණේද? එවැනි සබඳතාවක් පවත්වා නැති නිසා විවාහයේදී මගේ නිර්මලත්වය පිළිබඳව ගැටලුවක් ඇතිවේද? මා අතවරයට ලක්වූදා රුධිරය පිටවූයේ නැත. ඉන් හැඟෙන්නේ මගේ නිර්මලත්වයට හානි සිදුවී නැති බව නොවේද?

රසිකා - කොළොන්නාව

 

පිළිතුර

පළමු එක්වීමකින් කන්‍යා පටලය බිඳී යාම බොහෝ දුරට සිදුවෙන දෙයක්. එහෙත් කලාතුරකින් කෙනකුගේ එසේ නොවන අවස්ථා ද තිබෙනවා. ඇතැම් යුවතියන්ට පළමූ ලිංගික සම්බන්ධයේදී රුධිරය පිටවීමක් සිදු නොවේ. ලිංගික එක්වීමකදී රුධිරය පිටවීම ගැන සැලකිලිමත් වීමේ කිසිදු වෛද්‍ය විද්‍යාත්මක පදනමක් නැති බව එමඟින්ම පෙනේ.

 

 

පසුගිය දේවල් ගැන නොසිතා අනාගතයට මුහුණ දීමට උත්සාහ ගැනීමයි වැදගත්.

 

අතවරයක් නිසා බියෙන්

මා වැඩිවියට පත්ව වසර එකහමාරක් පමණ කාලයක් දැන් ගෙවී ඇත. වෛද්‍යතුමනි මා වැඩිවියට පත්වීමට පෙර ගෙදර මෙහෙකරු අතින් පස් හය වතාවක්ම අතවර සිදුවූණි. ඒ දිනවල මම එය වැඩිහිටියන්ට පැවසූවේ නැත. මා වැඩිවියට පත් වූ මූල් මාස තුනේදී නිසි පරිදි මාසයකට වරක් ඔසප් වීම සිදු විය. ඉන්පසූ එය තාමත් සෑදුණේ නැත. මේ ගැන මා තුළ බියක් ඇත. වැඩිවියට පත්වූ පසූ අතර කායික සම්බන්ධකම් ඇති වී නැත. මතු දිනක මා විවාහ විය යූත්තේ දෙමාපියන් ගෙන එන යෝජනාවකටය. මා හට ඔසප්වීම සිදු නොවන්නේ පෙර ලිංගික සම්බන්ධකම් නිසා යැයි යෙහෙළියන් පවසනවා. මට සහනදායි පිළිතුරක් ලබා දෙන්න.

නෙතුමි - කඳාන

 

පිළිතුර 


වැඩිවියට පත් වීමට පෙර පැවැත්වූ ලිංගික සම්බන්ධකම් ගැන දැන් කත බහ කිරීමෙන් පලක් නැත. පළමූ ඔසප් වීම සිදු වීමෙන් පසූ සමහර අයට දීර්ඝ කාලයක් මෙසේ ඔසප්වීම ප්‍රමාදවන අවස්ථා තිබෙනවා. ඒ කෙසේ වූවත් යළිත් අයථා ලිංගික සම්බන්ධකම් පැවැත්වීමට යාමෙන් වළකින්න. පසුගිය දේවල් අමතක කොට දැනට නියැළී සිටින කටයුතුවල යෙදෙන්න.

 

පවුල් සැලසුම් එන්නතෙන් පසු ඔසප් චක්‍රය අක්‍රමවත් වෙලා

මා විවාහ වී මාස හතකි. සැමියා දුර ප්‍රදේශයක රැකියාවක් කරන අයෙකි. ඔහූ නිවෙසට පැමිණෙන්නේ සති අන්තයේය. ඔහූ ස්වාභාවික ලිංගික සම්බන්ධයට කැමතියි. ඒ නිසා මා තුන් මාසේ පවූල් සැලසූම් එන්නත ලබා ගත්තෙමි. වෛද්‍යතුමනි එය ලබා ගත් පසූ මගේ ක්‍රමවත්ව තිබූ ඔසප් චක්‍රය අක්‍රමවත්ව ඇත. එය අපේ පවූල් ජීවිතයට බාධාවක් ද? ඔසප් චක්‍රය අක්‍රමවත් වූ පසූ දරු ඵල අහිමි බව අසා ඇත්තෙමි. ඔසප් චක්‍රය ක්‍රමවත්කර ගැනීමට මට ඖෂධ ලබා ගැනිමට සිදු වේද?

නයෝමි - වත්තල

පිළිතුර


 

නයෝමි මූලින්ම සිත කලබලකර නොගෙන සිටීම වැදගත්. ඔබ පවූල් සැලසූමක් ලෙස එන්නත ලබා ගත්තේ දරුවෙකු පිළිසිඳ ගැනීම වළක්වා ගන්නටයි. ඕනෑම කෙනෙකුට (කාන්තාවන්ට) උපත් පාලන ක්‍රමයක් (එන්නත, ගිලින පෙති ලබාගත් විට) අනූගමනය කරන විට ශරීරයේ සූළු සූළු වෙනස්කම් අපහසූතා මූල් කාලයේදී ඇති වෙනවා. ඔබටත් සිදුව ඇත්තේ එවැනි දෙයක්. ඔබ පවුල් සැලසූම් ක්‍රමයක් අනූගමනය කරන නිසා ඔසප් චක්‍රය ක්‍රමවත්කර ගන්නට ඖෂධ අවශ්‍ය වන්නේ නැත. ඔබට දරුවෙකු අවශ්‍ය වනවිට එන්නත ලබාගැනීම නවතා දමන්න. ඊට පසූ ඔසප් චක්‍රය ක්‍රමවත් වේවි. දැනට කලබල නොවී සිත සන්සූන්ව තබා ගන්න.

 

 

උපදෙස් -

ලිංගාශ්‍රිත විශේෂඥ වෛද්‍ය

අජිත් කරවිට