විදුලි මීටරයේ වැය වන ඒකක අනුව බිල ගණනය කරන්නේ මෙහෙමයි

විදුලිය බිල වැඩිවන බවට සමාජ මාධ්‍යවල සැරිසරන කතාව ඇත්තක් ද?
අගෝස්තු 4, 2021

 

විදුලි බලය අද අපේ දෛනික ජීවිතයට නැතිවම බැරි දෙයක්. පැල්පතේ සිට මහා මන්දිරය දක්වා එළිය කරන්නේ මේ විදුලියයි. නිවෙසක් එළිය කරන්නට දැල්වෙන විදුලි පහනට අමතරව ගුවන් විදුලිය, රූපවාහිනිය, රෙදි සෝදන යන්ත්‍රය, විදුලි ළිප, උදුන, පරිගණක මේ ආදී විවිධාකාර භාණ්ඩ පාවිච්චියට අප දැන් හුරුවෙලා.

සුඛෝපභෝගී දිවි පෙවෙතක් ගත කරන කෙනකු භාවිත කරන වායු සමීකරණ වැනි උපකරණ විදුලි බිල වැඩියෙන් යනවා. මේ නිසා මාස්පතා වැයවන විදුලියට එන බිල්පත ගැන ගෘහණියන් වඩාත් කල්පනාකාරී වනවා.

අරපිරිමැස්මෙන් කටයුතු කරන ගෘහණියන් දෛනිකව විදුලියෙන් ක්‍රියාකරන බඩු භාණ්ඩ භාවිත කිරීමේ දී වරක් දෙවරක් නොව කිහිප වතාවක් ම සිතන්නේ මේ නිසයි.

අරපිරිමැස්ම දන්නා ගෘහණියන් අනවශ්‍ය ලෙස දැල්වෙන විදුලි පහන්, විදුලි පංකා නිවා දමයි. ශීතකරණයේ දොර ඇරීම වැසීම සම්බන්ධයෙන්, ඇඳුම් මැදීම, රෙදි සෝදන යන්ත්‍රයෙන් රෙදි සේදීම.... මේ ආදී නොයෙකුත් අවස්ථාවලදී හැකිතරම් විදුලිය පරිහරණය අවම කරලන්නට කටයුතු කරන්නේ විදුලිබිල සඳහා මාස්පතා වෙන්කිරීමට සිදුවන විශාල මුදල පිළිබඳ සිතාය. එසේ විදුලිය සඳහා වැයවන මිල අඩුකර ගැනීමට විදුලිය පාවිච්චි කිරීම බුද්ධිමත්ව කළ යුතුය. ඒ සඳහා විදුලි ඒකක අනුව ගණනය කරන ආකාරය පිළිබඳව ගෘහණියට හොඳ අවබෝධයක් තිබිය යුතුය.

මේ දිනවල අන්තර්ජාලයේ සැරිසරන එක්තරා ප්‍රවෘත්තියකින් දැක්වෙන්නේ දවසේ එක් එක් වේලාවන් අනුව විදුලිය බිල ගණනය වන බවයි. සැබැවින්ම මේ කතාව ඇත්තක් ද? මේ ලිපිය තුළින් ඔබට ඒ පිළිබඳව දැනුවත් විය හැකියි.

 

විදුලිය ඒකක ගණනය

මසක් පුරාවට ඔබ වැය කළ විද්‍යුත් ශක්ති ප්‍රමාණය ගණනය කරනුයේ නිවෙසේ සවි කොට ඇති විදුලි මීටරයෙනි. මෙය මාසයකට වරක් ඔබේ නිවෙසට පැමිණෙන මනු කියවන්නා ඔබ අදාළ මාසය පුරාවට පරිහරණය කළ විදුලි ඒකක ප්‍රමාණය අනුව ඊට අදාළ ගණනය කිරීම සිදු කරයි. ස්ථාවර ගාස්තු සහ බදු මුදල් ඇතුළත් කර අනතුරුව ඔබ අතට මාසිකව විදුලි බිල්පත පත් වන්නේ ඉන්පසුවයි.

 

විදුලිබල මණ්ඩලයට අනුව ඔබේ මාසික විදුලි පරිභෝජනය

* ඒකක 0 - 60 අතර

පළමු ඒකකය 30 සඳහා ඒකකයක් සඳහා රුපියල් 2.50. ස්ථාවර ගාස්තුව රුපියල් 30.00 යි

* ඒකක30ට නො අඩු 60ට නොවැඩි සෑම ඒකකයක් සඳහා ම රුපියල් 4.55යි. ස්ථාවර ගාස්තුව රුපියල් 60.00 යි.

මේ අනුව මාසික පරිභෝජනය ඒකක 60 හෝ 60 ට

අඩු කාණ්ඩය මධ්‍යම පාන්තික සාමාන්‍ය පවුලක විදුලි පරි‍භෝජනය බොහෝවිට අයත් වන්නේ ඒකක 60ට වැඩි ඒකක 181 දක්වා වූ ප්‍රමාණයටයි. මෙහිදී දින 30 කදී

 

ඒකක 0 - 60 - රුපියල් 7.85

ඒකක 60 - 90 - රුපියල් 10.00

ඒකක 91 - 120 - රුපියල් 27.25

ඒකක 121 - 180 - රුපියල් 32.00

ඒකක 181 ට වැඩි - රුපියල් 45.00

 

මනු කියවන්නා දින 30 කට අඩු හෝ වැඩි කාලයකදී පැමිණියේ නම් අදාළ දින ගණනට විනා කිසිසේත් ම විදුලි බිල වෙනත් අන්දමින් වැඩි නොවේ. මනු කියවන්නා පැමිණෙන දිනය අනුව වෙනස්වන විදුලි බිල සම්බන්ධයෙන් ද බොහොමයක් පාරිභෝගිකයන් කලබලයට පත්වේ.

උදාහරණයකට අනුව දින 25න් මනු කියවන්නා පැමිණියේ නම්

විදුලිබල මණ්ඩලය පාරිභෝගිකයා විදුලිය පරිහරණය හැකිතාක් අවම කිරීමට නිකරුණේ විදුලිය නාස්ති කිරීම වැනි කාරණා නිසා ඒකක වැඩිවන විට ඒකකයක් සඳහා වැයවන මුදල හා ස්ථාවර ගාස්තුව වැඩිකර තිබේ.

සමාජජාලා මාධ්‍යවල සංසරණය වන්නේ අසත්‍යයක් සමාජ මාධ්‍යජාලා ඔස්සේ මාසිකව සිදුවන විදුලි පරිභෝජනය පිළිබඳ නොයෙකුත් තොරතුරු ඉදිරිපත් වද්දී වැරැදි තොරතුරු ද ඉදිරිපත් වේ.

අප අද විදුලි බිල්පත පිළිබඳ කතා කරන්නට සිතුවේ ද මේ නිසායි.

මෙසේ මෑතක දී අපේ නෙත ගැටුණේ දවසේ වේලාවන් අනුව විදුලි පරිභෝජනයන් ගණනය වන අන්දමත් ඒ අනුව කාර්යබහුල වේලාවන්වලදී (හවස් කාලයේ සිට රාත්‍රී කාලය දක්වා) ශීතකරණය විදුලිය විසන්ධිකර තබන්න යනාදී ප්‍රවෘත්තියකි.

මෙය සාමාන්‍ය විදුලිය පරිභෝජනය කරන පාරිභෝගිකයන් සඳහා අදාළ නොවන කරුණක් බව හොඳින් මතක තබාගන්න.

ගෘහස්ථ විදුලි සම්බන්ධතා වර්ග 2 කි.

 

* භාවිත කරන ඒකක ප්‍රමාණයට අය කිරීම් කරන

විදුලි සම්බන්ධතාව (Flat)

* විදුලිය භාවිත කරන කාලය අනුව කරන අය කිරීම

(Time of use (TOU) tariff)

 

බොහොමයක් විදුලි පාරිභෝගිකයින් පිරිසක් සිටිනුයේ භාවිත කරන ඒකක ප්‍රමාණයට අයකිරීම් සිදුවන විදුලි සම්බන්ධතාව යටතේ යි.

ඔබේ නිවෙසේ සවිකර ඇත්තේ ද මේ සඳහා වූ විදුලි මීටරයයි.

එහි බිල ගණනය කරනුයේ දින 30ක කාලසීමාවකට යටත්වයි. දින ගණන ඊට වඩා අඩු හෝ වැඩිවීම අනුව එනම් අදාළ දින ගණනට අනුව පරිහරණය කළ ඒකක ගණන බලා ගණනය කිරීම ද සිදු කරයි.මොකක්ද මේ කාල පාදක ක්‍රමය (Time of use) මෙහිදී මුදල් අය කෙරෙනුයේ විදුලිය පරිභෝජනය කරන කාල සීමාව අනුවයි.

එනම් පැය 24 කොටස් 3 කට බෙදා වෙන්කරමිනි.

අදහස් දැක්වීම

විදුලි අධිකාරි සුරංග සිල්වා