වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
මුල් පිටුව
කවරයේ කතාව
මෙවර තරුණී කවරය සරසන්නේ තවත් එක් සුන්දර යුවතියකගේ සහ කඩවසම් තරුණයකුගේ රුවෙනි. ඇය ට්‍රිල්බි සුලෝමොන්ස්. කොළඹ පදිංචි ඇය කුඩා කළ සිටම නිරූපණ ක්ෂේත්රයට ඇල්මක් දැක්වූ නිසාම එය ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය කරගත්තාය. ට්‍රිල්බි දෙස් විදෙස් නිරූපණ අවස්ථාවන්ට සහභාගී වූ අවස්ථා බොහොමයි. ඉදිරියටයත් නිරූපණයෙන් ඉදිරියට යෑමට බලාපොරොත්තුවෙන් සිටියී.
ඔහු සුපුන් මධුවන්ත. රාගම පදිංචි ඔහු නිරූපණ ක්ෂේත්රයට පැමිණෙන්නේ අවුරුදු 4කට ඉහතදීයි. මේ වනවට ඔහු නිරූපණය හරහා ලබා ගත් ජයග්‍රණ බොහොමයි. කැලණිය ගුරුකුළ විද්‍යාලයේ කීර්තිමත් ආදී සිසුවකු වන ඔහු රංගනයටත් පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටියී.
- විදුමිණි