මුල් පිටුව

පෙබරවාරි 10, 2021

කවරය සරසන චතූ

මෙවර තරුණී කවරය සරසන රුවැත්තිය චතූ රාජපක්ෂයි.

නිවේදිකාවක සහ රංගන ශිල්පිනියක ලෙස ප්‍රේක්ෂක ආදරය දිනාගත් ඇය සිරස ෆිල්ම් ස්ටාර් තරගාවලියෙන් හොඳම සටන්කාරිය, හොඳම රංගන ශිල්පිනිය සහ හොඳම රුවැත්තිය යන සම්මාන ත්‍රිත්වයම දිනාගත්තාය. එය ඇගේ දිවියේ හැරවුම් ලක්ෂ්‍යයයි.

‘සල්මල් ආරාමය’, ‘අඩෝ’, ‘ඇය’, ‘ක්වීන්’, ‘ආදරේ ගින්දරක්’, ‘කොළඹ අපි ආවා’, ‘රතු පිච්ච’ වැනි ටෙලි නාට්‍ය රැසකින්ම අපට ඇගේ රංගනය දැකගත හැකිවිය.

‘පාටක් නැති ආදරයක්’ සහ ‘ගේම්’ වැනි සිනමා නිර්මාණයන්ට ද දායකත්වය සැපයූ චතූ මියුසික් වීඩියෝ 15 කට වැඩි ප්‍රමාණයකට ද වෙළෙඳ දැන්වීම් කිහියකට ද පෙනී සිට ඇත. ඇගේ තවත් නිර්මාණ කිහිපයක්ම ඉදිරියේදී අපට දැකගත හැකියි.

සිරස රූපවාහිනී නාලිකාවේ ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස කටයුතු කරන චතූ නිවේදන හැකියාවෙන් සහ රංගන හැකියාවෙන් දිගු ගමනක් යෑමට අපේක්ෂාවෙන් පසුවෙයි.

 

සටහන - විදුමිණි