මුල් පිටුව

මැයි 31, 2021
කවරයේ කතාව
 

 මෙවර තරුණී කවරය හැඩකරනුයේ චීනකටු චිකිත්සාව පිළිබඳ වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය, ඔහුගේ ආදරණීය බිරිය චතුරිකා විදානපතිරණ සහ ඔවුන්ගේ පුංචි පුතු ඩියෝන් ප්‍රසාද් දේශප්‍රියගේ රුවිණි. කළුබෝවිල චීන කටු වෛද්‍ය සායනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය මහතා නිරුපණ ක්ෂේත්‍රයේත් වැඩි ජනප්‍රියත්වයක් දිනා සිටින වෛද්‍යවරයෙකි.

පසුගියදා ඔහුගේ චීනකටු චිකිත්සාව පිළිබඳ වෙබ් අඩවි දෙකක් එළිදක්වනු ලැබූ අතර ඉන් එක් වෙබ් අඩවියක් වන www.acupuncturesrilanka.lk රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අතින්ද, අනෙක් වෙබ් අඩවිය වන www.srilankaacupuncture.lk අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය අතින්ද එළිදැක්වීම සිදුවිය. මෙම වෙබ් අඩවි තුළින් කටු චිකිත්සාව පිළිබඳ ලෝකය දැනුවත් කිරීමත් මෙම වෛද්‍ය ක්‍රමය මඟින් ප්‍රතිකාර ලබාගැනීමට කැමැති විදේශිකයන්ට ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබාදීමත් සිදු කරනු ලබයි.

එයට අමතරව චීන කටු වෛද්‍ය ක්‍රමය පිළිබඳ දෙවැනි ග්‍රන්ථය මේ දිනවල ඔහු රචනා කරමින් සිටියි. එයද තවත් නොබෝ දිනකින් එළි දැක්වීමට කටයුතු කරන බව ඔහු පැවසීය. එමෙන්ම ඉදිරියේදී මෝස්තර නිරූපණය පිළිබඳ චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ වෙනුවෙන් අවශ්‍ය කටයුතු සූදානම් කරගෙන යන බවත් එයට අමතරව ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කිරීමටද ඔහු සූදානමින් සිටී.

 
උදයංගනී