මුල් පිටුව

ජුනි 16, 2021

නාඩගම්කාරයෝහි ටීනා

දුනීෂා පියුමි

අද තරුණී කවරය සරසන්නේ නිරූපණ ක්ෂේත්‍ර යෙන් රංගනයට පැමිණි නවක නිළියක වන දුනීෂා පියුමි ප්‍රාර්ථනාගේ රුවෙනි. හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයෙන් ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හැදෑරූ ඇය මේ වනවිට මානව සම්පත් කළමනාකරණය පිළිබඳව උසස් ඩිප්ලෝමාවක් හදාරන්නීය.

2016 සහ 2017 වසරවල ස්වාධීන රූපවාහිනිය සංවිධානය කළ අවුරුදු කුමරිය තරගවලට ඉදිරිපත් වී අවසන් වටය තෙක් පැමිණි ඇය 2018 වසරේදී ITN අවුරුදු කුමරිය තරගයේ තුන්වැනි ස්ථානය දිනාගත් පියුමි 2018 වසරේම Miss Diomand Queen තරගයෙන් ජයග්‍රහණය කළාය. 2019 වසරේ සීතාවක රිජන්සි හෝටලය මඟින් සංවිධානය කළ Miss Rigency Queen තරගයේ ජයග්‍රාහිකාව බවට පත්වීමට වාසනාවන්ත වුණු ඇය මේ දිනවල අතිශයින් ජනප්‍රිය නාඩගම්කාරයෝ ටෙලි නාට්‍ය යේ ටීනා චරිතය නිරූපණය කරමින් රංගන ක්ෂේත්‍රයට එක්වී සිටී.

අනාගතයේ ඖෂධවේදිනියක වීමට සිහින මවන ඇය නිරූපණ ක්ෂේත්‍ර යෙන් ඉදිරියට යාමට බලාපොරොත්තු වන්නීය. ඇයට තරුණී සුබ පැතුම් !