මුල් පිටුව

මැයි 30, 2022
කාංචනා-සුදර්ශන්

මෙවර තරුණී කවරය හැඩ වෙන්නේ සුන්දර තරුණියකගේ සහ කඩවසම් තරුණයකුගේ රුවෙනි. තරුණිය කවුරුත් හොඳින් හඳුනන රංගන ශිල්පිනියක වූ කාංචනා ඛාන්. ඇය රංගනයෙන්, නර්තනයෙන් මෙන්ම නිරූපණ ක්ෂේත්‍රයේ ද නමක් තබා ඇති කලාකාරිනියකි.

 

මේ දිනවල සුනිල් ටී. ප්‍රනාන්දු සහ තුෂාර පෙරේරා නිෂ්පාදනය කරන, ලාල් ප්‍රියදේව අධ්‍යක්ෂණය කරන 'මේක පුදුම කතාවක්' සිනමා නිර්මාණයේ රූගත කිරීම්වලට කාංචනා සම්බන්ධ වෙනවා. ඒ සොනාලිගේ චරිතයයි.

පසුගිය කාලයේ ස්වර්ණවාහිනි නාළිකාවේ විකාශය වූ හදවතේ කතාව ටෙලියේ කාන්තිගේ චරිතයටත් ඈ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබා ගත්තා. රොෂාන් කුරුප්පු අධ්‍යක්ෂණය කළ නිරාවරණය ටෙලියෙන් රංගනයට පිවිසි කාංචනා මේ වන විට ටෙලි නාට්‍ය 10කට වැඩි ප්‍රමාණයකට රංගනයෙන් දායක වී තිබෙනවා. ඇගේ වැඩිමල් සහෝදරිය මනීෂා නාමල්ගම ඇය වැනිම රංගන ශිල්පිනියකි. පානදුරේ පදිංචිව සිටින කාංචනා ඛාන් රංගනය තම ජීවිතය කර ගනිමින් දිගු ගමනක් යෑමට බලාපොරොත්තුවෙන් සිටියි.

කාංචනා සමඟ කවරය සරසන තරුණයා සුදර්ශන් පීරිස්. නවක රංගන ශිල්පියකු වන ඔහු සියත නාළිකාවේ විකාශය වූ 'එකවගේ තුන් දෙනෙක්' ටෙලි නිර්මාණය සඳහා රංගනයෙන් දායක වී ඇත. ඒ වගේම නර්තනයට සහ නිරූපණයටත් එක සේ ඇලුම් කරමින් කලා කටයුතුවල නියැළෙයි. පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ කීර්තිමත් සිසුවකු වන ඔහු කලාවට පිවිසියේ පාසල් සමයේදීයි. . ඔහුගේ පියා වන ඉරාන්ත පීරිස් ද කලාකරුවෙකි. . වේදිකා නාට්‍ය ගණනාවකටම සම්බන්ධව කටයුතු කළ ඔහු පසු කාලයේදී පුතුව ද එම අඩි පාරේ යවමින් කලාවට සම්බන්ධ කොට ඇත. සිනමා ක්ෂේත්‍රයෙන් දිගු ගමනක් යෑමට සුදර්ශන් බලාපොරොත්තුවෙන් සිටියි.