මුල් පිටුව

ඔක්තෝබර් 17, 2022

නර්තන ශිල්පය හොඳින් හදාරා දිගු ගමනක් යෑමට සැරසෙන රශ්මි අයේෂා නවරත්න

 

සෑම ක්ෂේත්‍රයම ප්‍රවීණත්වය ලැබීම ජීවිතය දිගු ගමනක් කරා රැගෙන යයි. එසේම කිසිවකුටත් එම කුසලතාවට අභියෝග කිරීමට නොහැකියි.

සෞන්දර්යය ක්ෂේත්‍රයේ වුවද කුසලතාව හා සමගාමීව ප්‍රවීණත්වය ද ලබා ගත් විට දක්ෂතා පිරිපුන් කුසලතා පිරි නිර්මාණකරුවකු හෝ නිර්මාණ ශීල්පිනියක බිහි වෙයි.

රෂ්මි අයේෂා නවරත්න ද එවැනි නිර්මාණ කුසලතාවක් හිමි ශිල්පිනියකි. සෞන්දර්යය විශ්වවිද්‍යාලයේ පළමු වසරේ නර්තන ශිල්පය හදාරන ඇය තම අධ්‍යාපන කටයුතු අතරම නිරූපණ ක්ෂේත්‍රයට ද පිවිස සිටින්නේ දිගු ගමනක් යෑමේ අපේක්ෂාවෙනි.

වේදිකා නාට්‍ය පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය ලබමින් නිරූපණ ක්ෂේත්‍රයට පිවිසි රශ්මිගේ අපේක්ෂාව වී ඇත්තේ නර්තන ශිල්පය පිළිබඳ හැදෑරීමෙන් පසු නිරූපණ ක්ෂේත්‍රයට පිවිසීමයි. මහනුවර සීතාදේවි බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඇය දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලේ එකම දියණියයි. ඇය මෙවන් ක්ෂේත්‍රයේ තෝරාගෙන ඇත්තේ නිරූපණ ක්ෂේත්‍රය පිළිබඳ පුළුල් දැනුමක් ලබා සාර්ථක ගමනක් යෑමේ අපේක්ෂාවෙනි. මේ වනවිටත් ඇය නවක ශිල්පීන් කිහිපදෙනකුගේ ගීත ඇල්බම් සඳහා නිරූපණයෙන් දායක වී ඇත. ඉදිරියේදී එම නිර්මාණ ඔබටත් දැක ගැනීමට හැකිවනු ඇත.