මුල් පිටුව

ඔක්තෝබර් 24, 2022

තරුණී කවරයේ හැඩ හංසනී

මෙවර තරුණී කවරය හැඩ කරන සොඳුරු රුවැත්තිය හංසනී පෙරේරා නම් වන්නීය. ඇය කලා ක්ෂේත්‍රයේ දිගු ගමනක් යාමට බලා සිටින්නියකි. දැනට නිරූපණ ය, රංගනය, නර්තනය, නිවේදනය යන අංශයන් සඳහා නවක ශිල්පිනියක් ලෙසින් දායක වී ඇත.

 

ඒ අතර ITN නාළිකාවේ විකාශය වූ 'කොළඹ ඉතාලිය' ටෙලිනාට්‍යයේත් දෙරණ නාලිකාවේ විකාශය වන 'රාජිණී' ටෙලිනාට්‍යයේත් අතුරු චරිත සඳහා රංගනයෙන් එක් වී ඇත. තවද නවක ගායන ශිල්පී උවිඳු ප්‍රසාද් ගේ 'පිනිබිඳුවක් වෙලා' ගීතයේ රූප රචයෙන් ද ඇය ඔබ හමුවට ඒමට නියමිතයි.

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වූ ඇය නුදුරු අනාගතයේ දක්ෂ, චරිතාංග රංගන ශිල්පිනියක් වීමේ බලාපොරොත්තුවෙන් පසුවෙයි.

 

අචිනි