වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
වැක්ස් කරන්න ඇයි බය වෙන්නේ?
නොවැම්බර් 22, 2018
වේදනාවක් නොමැතිව පහසුවෙන් වැක්ස් කරන අලුත්ම ක්‍රමය අනවශ්‍ය රෝම කියන්නේ ඔබේ පෙනුමේ සුන්දරත්වය නැති කරන දෙයක්. ඒ වගේම ඔබගේ සම අඳුරු කර පෙන්වන දෙයක්. ඒ නිසා අනවශ්‍ය රෝම ඉවත් කරන එක ඉතාමත් වැදගත්.
මුහුණ හා අත් පාවල අනවශ්‍ය විදිහට රෝම ඇතිවන එක කාන්තාවකට නම් එතරම් හොඳ ලක්ෂණයක් නොවෙයි. හේතුව වන්නේ බොහෝ වෙලාවට අත්පාවල සහ මුහුණේ ඇතිවන රෝම නිසා සමේ පැහැපත් බවට, ලස්සන පෙනුමට බාධාවක් වන නිසයි. අනවශ්‍ය රෝම ඉස්මතු වීමෙන් සමාජය ඉදිරියේ අපහසුතාවට පත්වන යුවතියන් ද නැතුවා නොවෙයි. මේ නිසාම ඇතැම් අයට අත් පා නිරාවරණය වන ආකාරයෙන් ඇති ඇඳුම් විලාසිතාවන් පවා තෝරා ගැනීමට නොහැකි වෙනවා.
අනවශ්‍ය රෝම ඉවත් කිරීමට බොහෝ රූපලාවණ්‍ය ආයතන යොදා ගන්නේ වැක්ස් කිරීම, ටච් අප් කිරීම, ත්‍රෙඩිං කිරීම,ටුවිසර් කිරීම හා ක්‍රීම් ආලේප කිරීම වැනි ක්රමවේදයන්ය. ඊට අමතරව ෂේව් කිරීම හෙවත් රෝම බෑම හරහා රෝම කූප තව තවත් ඝනකම්වීමට ඉඩ තිබෙයි. එමෙන්ම රේසර් බ්ලේඩ් භාවිතය මඟින් සමෙහි සීරීම්, කැළැල් ඇතිවිය හැකියි.
ටුවිසර් කිරීම හෙවත් ත්‍රෙඩිං කිරීම වැනි ක්‍රම භාවිතය සුදුසු වන්නේ ඇහිබැම සැකසීම සඳහා පමණකි. නමුත් ශරීරයේ කිහිලි, ඉකිලි, දෙපා දෑත් ආදියේද මෙමඟින් රෝම ඉවත් කළ හැකි මුත් එය දීර්ඝ කාලයක් ගත වන තරමක වේදනාගෙන දෙන කාර්යයකි. එම ක්‍රම අතරින් වැක්ස් කිරීම වඩා සුදුසු වන නමුත් ඒ සඳහා නිවැරැදි නිෂ්පාදනයන් තෝරා ගත යුතුයි.
බොහෝ දෙනා වැක්ස් කිරීමට බියක් දක්වන්නේ ඇතැම් රූපලාවණ්‍ය ආයතන, ඒ සඳහා යොදා ගන්නා නිෂ්පාදනයන්වලින් ඇතිවන අතුරු ප්‍රතිඵල නිසයි. වැක්ස් කිරීමේදී ඇතිවන වේදනාව, වැක්ස් කිරීමෙන් පසුව ඇතිවන ඉදිමුම්, පලු දැමීම් වැනි ඇලජික් තත්ත්වයන් ඉන් ප්‍රධානයි.
නමුත් ඒ සියලු ගැටලුවලට විසඳුමක් ලෙස නව නිෂ්පාදන පෙලක් වෙළෙඳපොළට ඉදිරිපත්වී ඇත. ස්ට්‍රෝබෙරි බ්ලෂ් හොට් වැක්ස් සුවිශේෂී මෘදු වැක්ස් වර්ගයකි. ටයිටේනියම් ඩයොක්සයිඩ් හා අසාත්මිකතාවන් වළකන සංයෝගයන් අඩංගු නිසා හම රත්පැහැ ගැනීම ඇතුළු අතුරු ආබාධ් වළකයි. මුහුණ, ඉකිලි, කිහිලි වැනි සංවේදී ස්ථානයන්ට වඩාත් සුදුසුය.
ඒ වගේම ස්ට්‍රොබෙරි හොට් ස්ට්‍රිප් වැක්ස් අත් පා වැනි සිරුරේ ඕනෑම ස්ථානයකට සුදුසුයි. මෙය රෝම පහසුවෙන් ඉවත් කිරීම සඳහා දැඩි බලයක් ලබා දෙන මෘදු වර්ගයකි. මෙමගින් සම රතුවීම සහ අතුරු ආබාධ වළකයි. මේ වැක්ස් ආලේපන රෝම කූප පතුළටම කිඳා බැස කෙස් ගස මුලින්ම විනාශ කරන නිසා නැවත රෝම ඇතිවීම පමා කරයි.
මෙම වැක්ස් වර්ගයන් අදාළ ස්ථානයෙහි ආලේප කිරීමට ගැනීමේදී වැක්ස් ඇප්ලිකේටර්ස් - ස්පැට්‍යුලා භාවිත කරන්න. මෙය සුවිශේෂී අමුද්‍රව්‍ය භාවිතයෙන් සැකසුණු ලී පතුරු විශේෂයකි. ප්‍රමාණ තුනකින් ලබාගත හැකියි.
වැක්ස් ආලේප කිරීමෙන් පසු වැක්ස් ස්ට්‍රිප් භාවිත කිරීමෙන් වේදනාවක් රහිතව රෝම ඉවත් කර ගැනීම කළ හැකියි. මෙය වැක්ස් කිරීමේදී ඉරි නොයන අතර මෘදු වැක්ස් ස්ට්‍රිප් වර්ගයකි. සිරුරේ කකුල් හා අනෙකුත් විශාල ප්‍රදේශයන් සඳහා මෙය ඉතාමත් සුදුසුයි.
වැක්ස් කිරීමෙන් පසුව ඇතිවන අසාත්මිකතාවයන් වළකා අතුරු ආබාධ අවම කර ගැනීමට එම ප්‍රදේශයේ ටී ට්‍රී ඇන්ඩ් ලැවෙන්ඩර් ආෆ්ටර් වැක්ස් ඔයිල් භාවිතය වඩා සුදුසුයි. එමගින් සම ආසාදනයන්ගෙන් ආරක්ෂා කරන අතර විසබීජ නසයි. පලතුරු හා මල් වර්ග භාවිතයෙන් නිෂ්පාදිත මෙය සිරුරේ සංවේදී ස්ථානයන්ට වඩා සුදුසුයි.
රෝම ඉවත් කර ගත් සම පිරිසුදු කර ගැනීම ඉතා අවශ්‍යයි. ඒ සඳහා සිට්රස් ඔයිල් භාවිත කිරීම වැදගත්. ස්වාභාවික දොඩම් තෙල් සාරයෙන් නිෂ්පාදිත මෙය සමට මෘදු බවක් හා ආරක්ෂාවක් ගෙන දෙයි.
ශ්‍රී ලංකාවේ දේශගුණයට අනුව සකසා ඇති මෙම නිෂ්පාදනයන් කාන්තා, පිරිමි වයස් භේදයකින් තොරව ඕනෑම කෙනෙක්ට සුදුසුයි. නමුත් වඩා සංවේදී සමක ඇති කෙනෙක් නම් සම පරීක්ෂාවකට ලක්කිරීමෙන් පසුව මෙම සත්කාරය කිරීම සුදුසුයි. අනෙක් වැක්ස් ක්‍රමවලට වඩා කාර්යක්ෂමතාවයක්, සමට ලැබෙන සත්කාරයත් නිසා රූපලාවණ්‍ය ආයතනයන්ට මෙම නිෂ්පාදන පෙළ වඩා වාසි සහගත වේ.
෴ Related Articles ෴
ගොඩක් තරුණියන් කොණ්ඩ විලාසිතා දාන්න දැන්...