විවාහය දෙසිතක ඇතිවන

සොඳුරු ගිවිසුමක්
නොවැම්බර් 13, 2019

විවාහ ලේකම් ඉදිරියේදී අඹු සැමියන් ලෙස අපි එකිනෙකා හැරනොයන බවට සපථ කර ගන්නෙමු.

ද වි - විශ්වාසය

ද වා - වාසය

ද හ - හරි මඟ

ද ය - යහපත් කල්ක්‍රියාව

අපේ ඒ ගිවිසුමේ අකුරු හතරයි.

එහෙත් කාලයාගේ ඇවෑමෙන් ආදරයෙන් බැඳුණු බොහෝ පති පතිනියන්ගේ ජීවිතවල සිදුවන්නේ විශාල පෙරළියකි. ඒ සුබවාදී පෙරළියක් නම් නොවෙයි.

පෙමින් බැඳුණු අලුත ඇමතුමක් ලැබෙනතුරු නොඉවසිලිවන්ත වුවද විවාහයෙන් පසු කතා කිරීම, ඇමතුමක් දීම කරදරයක් බවට පත්වෙයි.

මේ වෙනස වෙබ් අඩවියක මෙසේ සඳහන් කර තිබිණි.

 

විවාහයට පෙර

පෙම්වතා ලෙසින් : ඇති යන්තම්, මෙච්චර

කාලයක් කොච්චර

අමාරුවෙන්ද හිටියෙ.

පෙම්වතිය : ඔයා කියන්නෙ මට යන්න කියලද?

පෙම්වතා : නැහැ. ඒ ගැන හිතන්නවත් එපා.

පෙම්වතිය : ඔයා මට ආදරේද?

පෙම්වතා : නැතුව සිය දහස් වාරයක්.

පෙම්වතිය : ඔයා මට කවරදාවත් වංචාවක්

කර තිබෙනවාද?

පෙම්වතා : නැහැ. ඇයි ඔයා එහෙම

අහන්නවත් හිතන්නෙ?

පෙම්වතිය : ඔයා මාව තුරුලු කර ගන්නවද?

පෙම්වතා : මට ලැබෙන හැම අවස්ථාවකම.

පෙම්වතා : ඔයා මට ගුටි බැට දේවිද?

පෙම්වතා : ඔයාට පිස්සුද? මං එහෙම

මිනිහෙක් නෙවෙයි.

පෙම්වතිය : මට ඔයාව විශ්වාස

කරන්න පුළුවන්ද?

පෙම්වතා : ඔව්.

පෙම්වතිය : ඩාලිං

 

මේ ඔන්ලයින් වෙබ් අඩවියෙන් බාගත කරගෙන අනුවර්තනය කරන ලද්දකි. පෙම්වතා, සැමියා වූ පසුවත් පෙම්වතිය බිරිය වූ පසුවත් මේ දෙබස උඩු යටිකුරු වෙයි. ඒ මෙපරිද්දෙනි.

 

බිරිය : ඩාලිං

සැමියා : ඔව්.

බිරිය : මට ඔයාව විශ්වාස කරන්න පුළුවන්ද?

සැමියා : ඔයාට පිස්සුද මම එහෙම

මිනිහෙක් නෙවෙයි.

බිරිය : ඔයා මට ගුටි බැට දේවිද?

සැමියා : මට ලැබෙන හැම අවස්ථාවකම.

බිරිය : ඔයා මාව තුරුලු කරගන්නවද?

සැමියා : නැහැ. ඇයි ඔයාට එහෙම

අහන්නවත් හිතෙන්නෙ?

බිරිය : ඔයා මට කවරදාවත් වංචාවක්

කර තියෙනවද?

සැමියා : නැතුව, සිය දවස් වරක්.

බිරිය : ඔයා මට ආදරෙයිද?

සැමියා : නැහැ. ඒ ගැන හිතන්නවත් එපා.

බිරිය : ඔයා කියන්නෙ මට යන්න කියලද?

සැමියා : ඇති යන්තං. මෙච්චර කාලයක්

කොච්චර අමාරුවෙන්ද හිටියෙ.

 

2019/11/13 තරුණි බලන්න............