වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
බල්ලන්ටත් කාංසාව හැදෙනවා
අපටත් වඩා අපට ආදරය කරන සුනඛ සුරතලා දැන් සෑම ගෙදරක ම වාගේ සාමාජිකයෙක්. ඌ අප ගැන හිතුවට අප ඌ ගැන සිතනවාද ? සුනඛ සුරතලාට තියෙන්නේත් හරිම සංවේදී සිතක්. ඒ නිසා දුක, කාංසාව දැනෙනවා. හැබැයි ඒ හැඟීම් වාචිකව ප්‍රකාශ කිරීමට විදියක් නැති නිසා විවිධ චර්යාත්මක වෙනස්කම් පෙන්නුම් කරනවා.
සුනඛ සුරතලා කාංසාවට පත්වීමට බලපාන හේතූන් ගණනාවක් තිබෙනවා.
බිය නිසා ඇතිවන කාංසාව - විශාල ශබ්ද, නන්නාදුනන පුද්ගලයන්, සතුන්, අමුතු දේවල්, ආගන්තුක තැන් නිසා සුනඛයන් ට කාංසාව ඇති වීමට පුළුවන්.
සුනඛයන් හාම්පුතුන්ගෙන් ඈත්වී සිටීන්න කැමැති නැහැ.
නිවෙසේ මූත්‍ර පිට කිරීම, ගෘහ භාණ්ඩවලට හානි කිරීම, අනවශ්‍යව බිරීම වැනි ලකුණු බොහෝ විට පෙන්වන්නේ කාංසාවට පත්වූ විටයි.
වයස්ගත වීමත් සමඟ ද කාංසා තත්ත්වයක් ඇති වන්න පුළුවන්. වයසත් සමඟ මිනිසුන්ට වාගේම මතක ශක්තිය අඩුවී මනස වියවුල් වී කාංසාව ඇති වෙනවා.
කාංසාවට පත්වූ විට
ප්‍රකෝපයට පත් වීම
මුත්‍රා කිරීම
හති දැමීම
දඩබ්බර හැසිරීම
විෂාදය
අනවශ්‍ය බිරීම්
අවිවේකීබව
එකම දේ නැවත නැවත කිරීම
වැනි ලකුණු පෙන්වනවා. සතා දරුණු ලෙස කාංසාවට පත්වී සිටිනවා නම් පශු වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට සිදු වෙනවා. ඖෂධීය ප්‍රතිකාර වගේම චර්යාත්මක ප්‍රතිකාරත් මේ අයට ඕන.
සුනඛ සුරතලා තනි නො කරන්නේ නම් මිනිසුන්ට සතුන්ට හුරු කරන්නේ නම්, කීකරුව සිටීමට පුරුදු කරන්නේ නම්, ව්‍යායාම හා නිසි පෝෂණය ලබා දෙන්නේ නම් කාංසාවට පත්වීමට ඇති ඉඩ අඩුයි.
අන්තර්ජාලයෙනි