ටක් ගාලා බහින ෆෝන් බැටරියට හරිම විසඳුම්

ජුනි 24, 2024

 

 අපේ පරණ Nokia ෆෝන් පොළොවේ ගැහුවාම පොළොව කුඩු වෙනවා මිසක් ෆෝන් එකට මුකුත් වෙන්නේ නෑ වගේම බැටරියත්, ෆෝන් කොච්චර පාවිච්චි කළත් බහින්නේ නම් නැහැ. ඒත් අපි ස්මාර්ට් ෆෝන්වලට මාරු වුණාට පස්සේ උදේ ඉඳන් රෑ වෙනකම් බැටරිය පරිස්සම්කර ගන්න වෙලා තියෙන්නෙත් බොහොම අමාරුවෙන්. ඒත් මේ දේවල් ඔබ කළොත් බැටරිය දවසකටත් වඩා තියාගන්න පුළුවන් වේවි.

 

රෙස්ට් එකක්

 

මුල් පියවර තමයි නිදා ගන්න යද්දී ෆෝන් එක ඔෆ් කරලා නිදාගන්න. මොකද අපිට rest එකක් ගන්නවා වගේ ෆෝන් එකටත් rest එකක් අවශ්‍යයි..එහෙම ඔයාලා කරනවනම් ඔයාලගේ බැටරි ඉදිමෙන ලෙඩ, ඉක්මනින් බැටරි බහින එක වෙන්නැතුව ගොඩක් කල් බැටරි එක use කරන්න පුළුවන් වෙන බැටරියක් replace කරන්නැතුව.

 

කූල් තැනකට

 

දෙවැනි පියවර තමයි පුළුවන් සැමවිටම ෆෝන් එකට රස්නේ නැති හොඳ cool තැනක තියන්න. මොකද ෆෝන් එක වැඩ කරද්දී heat වෙනවා heat වෙන එක ප්‍රධාන සාධකයක් ඉක්මනට බැටරි බහින්න. ඒ නිසා ෆෝන් එකෙන් වැඩ කරලා ඉවර වෙලා පුළුවන්නම් cool ස්ථානයකින් ෆෝන් එක තියන්න. ඒකෙනුත් ඔයාලට බැටරි බහින එක අඩුකර ගන්න පුළුවන්.

 

Brightness අඩුකර ගන්න

 

ෆෝන් එකේ වැඩිපුරම බැටරි බහින්නේ ස්ක්‍රීන් එකේ බ්‍රයිට්නස් වැඩි වුණාමයි. නිතර එළියේ ඇවිදින කෙනෙක් නම් අව්වේදී ස්ක්‍රීන් එක පේන්නේ නැති නිසා තිර දීප්තිය වැඩි කර ගත්තාට ආයෙ හෙවණකට ඇවිත් බලද්දී ෆ්ලෑෂරයක් තරම් සැරට ස්ක්‍රීන් එකෙන් එළිය විහිදෙනවා. මේ ගාණට brightness එක තියෙනකොට බොහොම ඉක්මණිනින් බැටරි බහිනවා. මේ නිසා අව්වේදි ෆෝන් එක පාවිච්චි කරන එක අඩු කරලා හෙවණකට ගියපු වෙලාවක මැසේජ් එක කොටන්න පුළුවන් නම් අඩු තිර දීප්තියකින් වැඩි කාලයක් ඉන්න පුළුවන්.

Brightness වල auto කියලා ෆීචර් එකක් ෆෝන් එකේ තියෙනවා නම් ඒක ඕෆ් කරලා මැනුවලිම තිර දීප්තිය අඩු වැඩිකර ගන්නට පුළුවන් නම් තවත් චුට්ටක් බැටරි ඉතිරිකර ගන්න පුළුවන්. 50%කට වඩා එළිය වැඩි නොකර ඉන්න පුළුවන් නම් ගොඩ.

GPS ඕෆ් කරන්න

 

ඔබ නිතර මැප් පාවිච්චි කරන්නේ නැත්නම් GPS හෙවත් චන්ද්‍රිකා තුනකට සම්බන්ධ වෙලා අපි පෘථිවිය මත ඉන්නා ස්ථානය හඳුනාගන්නා සේවාව අවශ්‍ය වන්නේම නැති තරම්. අලුත් ෆෝන්වල නම් ෆොටෝස් ගනිද්දී ඒ ෆොටෝ එක ගත්තු තැන සේව් කරගන්නටත් GPSවල උදව්ව ගන්නවා. ඔබට එය අවශ්‍ය නැත්නම් හැකි හැමවිටම GPS off කරගෙන ඉන්න බලන්න. එතකොට බැටරිය ගොඩක් ඉතුරු වේවි. මේක On/Off කරන්න පුළුවන් බට්න් එකක් නෝටිෆිකේෂන් බාර් එක පහළට ඇද්දාම එන උඩ මෙනු එකේ තිබෙනවා.

5G වෙනුවට 4G පාවිච්චි කරන්න

 

ෆෝන් එකේ 5G තිබෙනවා නම් සහ ඔබ ගිගාබයිට් ගණන් තරම් ලොකු ෆයිල් ඩවුන්ලෝඩ් කරන්නේ නැත්නම් ඒක Off කරලා බැටරිය ගොඩක් ඉතුරුකර ගන්න පුළුවන්. 5G දැම්මාම බ්‍රවුස් කරන්න, ෆේස්බුක් යන්න වේගය වැඩි වුණත් 4G වලින් හොඳටම ඒ වැඩේ කරගන්න පුළුවන්. මොකද මේ වෙද්දි ගොඩක් තැන්වල 5G වලට වඩා 4G තියෙන නිසා ෆෝන් එකට සිග්නල් සර්ච් කරන්න මහන්සි වෙන්න වුවමනා වෙන්නෙත් නැහැ.

මේක කරන්න ෆෝන් එකේ සෙටිංස්වලට ගිහින් Mobile network > Preferred network type එකෙන් 4G only හෝ WCDMA only කියන එක තෝරන්න. එතකොට 5G හෝ LTE සර්ච් නොකර තියෙන 4G ටිකෙන් උපරිම ප්‍රයෝජනේ ගන්න පුළුවන්. හැබැයි 4G සිග්නල්වත් නැති දුර පැත්තකට ගියොත් එතන තියෙන 2G Only කියන එකට හෝ කලින් තිබුණු 5G, 4G, 3G, 2G, සියල්ලම පාවිච්චි වන mode එකට දාගන්න. හැබැයි මේ ඔප්ෂන් එක ඇපල් ෆෝන්වලට නම් ඇතුළත් වෙන්නේ නැහැ.

 

ගේම්ස් සහ වීඩියෝ බලන එක අඩු කරන්න

 

ෆෝන් එකේ ප්‍රොසෙසිං පවර් එක ගොඩක්ම යූස් වෙන දේවල් තමයි ගේම් ගහන එකයි, වීඩියෝ බලන එකයි. මේ දෙකම නිසා ෆෝන් ස්ක්‍රීන් එක ඔන් එකේ තිබෙන වෙලාව, ඩේටා පාවිච්චිය සහ ඊට වැයවන බැටරි ප්‍රමාණය , ග්‍රැෆික් ප්‍රොසෙස් කරන්න වැයවෙන බැටරිය වගේ හේතු නිසා ඩෝං ගාලා බැටරි බැහැලා යනවා. මේ නිසා චාර්ජ් කරගන්න ළඟපාත තැනක් නැති වෙලාවට ටිකක් ඉවසලා ගේම් නොගහා, වීඩියෝ නොබලා ඉන්න පුළුවන් නම් තමයි හොඳ.

කම්මැලිම නම් ඉතින් ස්ක්‍රීන් එක ඕෆ් එකේ තියාගෙන හෙඩ්සෙට් එක ගහලා සින්දුවක් අහන්න. හැබැයි බ්ලූටූත් හෙඩ්සෙට් එකක් පාවිච්චි නොකර ඉන්න පුළුවන් නම් බ්ලූටූත් ඕෆ් කරලා තියාගෙන ඒකට යන බැටරියත් ඉතිරි කරගන්න පුළුවන්.

Power saving mode එක දාගන්න

 

ඉස්සර ෆෝන් එකේ බැටරි පරිස්සම් කරගන්න JuiceDefender වගේ තෙවැනි පාර්ශ්වීය ඇප්ස් පාවිච්චි කරන්න සිද්ධ වුණත් දැන් අලුතින් එන ගොඩක් ෆෝන්වල ෆෝන් එකෙන්ම දෙන බැටරි සේවර් එකක් තියෙනවා. මේවායෙන් නිතර බැටරිය පාවිච්චි කරන ඇප්ස් අපිට පෙන්වනවා මෙන්ම අපි නිතර පාවිච්චි නොකරන ඒවා පසුබිමින් ධාවනය වෙන එකත් නවතා දමනවා. මේකෙම තිබෙන තවත් පහසුකමක් තමයි Power saving mode එක. සමහර ෆෝන්වල Ultra power saving කියලා ස්මාර්ට් ෆෝන් එක පරණ ෆෝන් එකක් වගේ කරලා කෝල් ගන්න, මැසේජ් ගහන්න විතරක් පුළුවන් විදිහට හදලා දීලා බැටරිය ඉතුරු කරලා දෙනවා. ෆෝන් එකේ 50%ක් වගේ වෙද්දී දැන්ම චාර්ජ් කරගන්න චාන්ස් එකක් ලැබෙන්නේ නෑ කියලා දන්නවා නම් Power saving mode එක දාගන්න. ඇපල් ෆෝන්වලනම් low power mode දාගන්න පුළුවන්.

අවශ්‍ය නැති සෑමවිටම ෆෝන් එකේ Deta, BLUETOOTH,WIFI ඕෆ්කර තබන්න. මොකද අනවශ්‍ය වෙලාවලටත් ඒවා ඔන්කර තැබීම ෆෝන් එකේ බැටරි අඩුවීමට ප්‍රධාන ලෙස බලපානවා. ෆෝන් එකේ screen time out එක තත්පර 15ත් හෝ 30ත් අතර පමණක් තියන්න. සැමවිටම අනවශ්‍ය ලෙස ෆෝන් එකේ run වෙන apps task manager එක මගින් remove කරන්න.

ෆෝන් එකේ අනවශ්‍ය ලෙස vibrate,touch sounds දාලා තියෙනවනම් ඒවා අයින් කරන්න. මේ දේවල් වලින් ෆෝන් එකේ බැටරි කාලය දිගු වෙලාවක් රඳවා ගැනීමට හැකි වේවි.