වර්ෂ 2025 ක්වූ January 13 වැනිදා Monday
බිස්නස් එක ගොඩදාන Boosting
අපි ඇත්තටම දැන් ජීවත් වෙන්නේ සමාජ මාධ්‍ය යුගයක. අපි ගොඩක් වෙලාවට උදේ නැඟිටලා ඔක්කොටම කලින් කරන්නේ ෆෝන් එක අතට ගන්න එක. ඒක අතට අරගෙන අපි වැඩියෙන්ම ඉන්න සෝෂල් මීඩියා එකට ගිහිල්ලා මොනවද වෙලා තියෙන්නේ කියලා බලන එක. ඒ වගේම නින්දට යන්න කලින් අන්තිමට කරන්නෙත් ෆෝන් එක අරගෙන අපි කැමැතිම සෝෂල් මීඩියා එකේ සැරිසරන එක, චැට් කරන එක. අපි දැන් නිව්ස් බලන්නෙත් ෆේස්බුක් එකෙන්. මේ හැම දේම බල බල ඉද්දි ඒ ෆේස්බුක් එකෙන්ම අතට මුදලක් හොයාගන්න පුළුවන් කියලා වැඩි දෙනෙක් තවම දැනුම්වත් නැහැ.
ෆේස්බුක් එකෙන් සල්ලි හොයන හරි මඟ පෙන්වන සමාජ මාධ්‍ය ජාලා උපදේශකයෙක් වන සූරි මේ ගැන සති කිහිපයකදීම ඔබව දැනුම්වත් කළා. ෆේස්බුක් එකෙන් සල්ලි හොයන්න වැදගත් වන ප්‍රධාන tools ගැන කතා බහ පසුගිය සතියේදී ඒ විදිහට නිමා වුණා.
අද කතා කරන්න යන්නේ facebook boosting ගැන. ඔයාට page එකක් තියෙනවනම් ඒ පේජ් එක ජනතාව අතර කතාබහට ලක්වන පේජ් එකක් බවට පත්කර ගන්න නම් boosting ගැන දැනුම්වත් වෙන්නම ඕනේ. මොකද boosting හරහා ඒ ජනප්‍රියත්වය ඉතා පහසුවෙන් ලබාගන්න පුළුවන්.
Facebook boosting විවිධ නම්වලින් හඳුන්වනවා Facebook paid campaign නැත්තම් paid media advertising කියන්නෙත් facebook boosting එකටමයි. Boost කරන්න නම් facebook page එකක් තියෙන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි ඒ පේජ් එකේ හොඳ කන්ටෙන්ට් තියෙන්නත් ඕනේ. මොකද ඒ කන්ටෙන්ට් එක තමයි බූස්ට් කරලා ජනතාව අතරට යවන්නේ. අපිට මේ බූස්ටින් එක පාවිච්චි කරන්න පුළුවන් වර්ග දෙකකට. නිර්මාණකරුවන්ට වගේම ව්‍යාපාරික වශයෙනුත් පාවිච්චි කරන්න පුළුවන්. ඒත් බූස්ටින් ගොඩක්ම වැදගත් වෙන්නේ ව්‍යාපාරයක් කරන අයට. මොකද ඒ හරහා එයාලට තමන්ගේ page එකට ජනප්‍රියත්වයත් ලබාගන්නා අතරම තමන්ගේ නිෂ්පාදන වැඩි අලෙවියකට ගෙනියන්න පුළුවන් වෙනවා.
Facebook එකෙන් boost කරලා ඒ post එක අවශ්‍ය මිනිස්සුන්ට පෙන්නලා එතැනින් ව්‍යාපාරය දියුණු කරගන්න පුළුවන්. නිර්මාණකරුවන්ට boosting වැදගත් වෙන්නේ ඔවුන්ගේ පිරිස වැඩි කරගන්න. ඒ වගේම ඔවුන්ගේ post බලන ප්‍රමාණය වැඩි කරගන්නත් boosting හරහා හැකියාව ලැබෙනවා.
ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් post එකක් දාලා නිකම්ම boost කරලා වැඩක් නැහැ. අපි නිර්මාණාත්මකව හිතලා හොඳ කන්ටෙන්ට් හදන්න ඕනේ. Boosting වලදී photos boosting කරනවට වඩා හොඳ වීඩියෝ කීපයක් හදලා බූස්ට් කරනවා නම් මිනිස්සු අතරට යන එක හරි පහසුයි. මොකද ඒ හරහා මිනිස්සු තුළ යම්කිසි විශ්වාසයක් ගොඩනැඟෙනවා. මොකද නිකන් ෆොටෝ එකක් දාලා බූස්ට් කළා කියලා මේක ඇත්ත එකක්ද.. මේවා හදන්නත් පුළුවන්නේ කියලා හැඟීමක් එනවා. නමුත් වීඩියෝවලදී එහෙම හිතන පිරිස අඩුයි. මේ වීඩියෝ එකේ තියෙන්නේ මොකක්ද කියලා බලන්න හරි play කරලා බලනවා.
එතකොට video boost කරද්දි අපිට කැමැති resolution වලට බූස්ට් කරන්න බැහැ. මොකද අපි සාමාන්‍යයෙන් facebook එකට video upload කරන්නේ දිග පැත්තට. හැබැයි එක preview වෙන්නේ 3 into 4 size එකට. ඒ කියන්නේ උස පැත්තට. ඒ නිසා ඒ ප්‍රමාණයට වීඩියෝ එක crop කරලයි දාන්න ඕනේ. නැත්තම් බලන කෙනාට වීඩියෝ එක බලන්න වෙන්නේ හරිම අපහසුවකින්. වීඩියෝ එකේ උඩින් කැපිලා, පැත්තෙන් කැපිලා. එහෙම වෙද්දි මේ විඩියෝ එක මොකක්ද කියලාවත් හරියට බලාගන්න බැරි වෙනවා. ඉතින් එහෙම boost කළාට වැඩක් නැහැ. ඒ වගේ වීඩියෝ මිනිස්සු අතරට යන්නෙ නැහැ. ඉතින් post එකක් boost කරනවනම් instragram size එක නැත්නම් තනි කොටුවක් විදිහට මේ වීඩියෝ එක හදලා බූස්ට් කළොත් ඒක ජනතාව අතරට ඉක්මනින්ම යනවා.
Boost කිරීමෙත් වර්ග කිහිපයක් තියෙනවා. Reach එක විතරක් ගන්න පුළුවන් boosting, නැත්තම් වීව්ස් විතරක් ගන්න පුළුවන් boosting, පේජ් එකට likes විතරක් ගන්න පුළුවන් boosting. එතකොට බිස්නස් එකක් විදිහට පේජ් එකක් කරන කෙනෙක්ට messaging campaing එකක් කරන්නත් පුළුවන්. ඒකෙදි boost කරන post එක හරහා message කරන්න අවස්ථාවක් ලබා දෙනවා. එහිදී මේ මැසේජ් messanger එකට හෝ whatsapp එකට එන විදිහට හදන්න පුළුවන්. ඒ හරහා පාරිභෝගිකයා සමඟ සෘජුවම සම්බන්ධ වීමට අවස්ථාව ලැබෙනවා. ඔවුන්ගේ whatsapp නම්බර්ස් ඔබ අතට පත් වෙන නිසා ඉදිරියේදී ඔබගේ අලුත් නිෂ්පාදන හෝ අලුත් සේවාවන් ගැන විස්තර share කරන්නත් ඔබට අවස්ථාව ලැබෙනවා.
ඒ වගේම මේ boosting එක හරහා ඔබගේ post වලට visit website ලබා දිය හැකි නිසා ඔබගේ වෙබ් සයිට් එකත් ජනතාව අතරට ගෙනියන්න අවස්ථාවක් ලැබෙනවා.
මිනිස්සු අතරට යාගන්න බැරි පේජ් එකක් මිනිස්සු අතරට ගෙනියන්න තියෙන හොඳම ක්‍රමය මේක. ඉතින් facebook එකට පොඩි මුදලක් ගෙවලා මිනිස්සු අතරට යන්න ඔයාගේ post boost කරලා බලන්න.
උපදෙස් -
ගීත් අංජන සූරියපුර
සහකාර මෘදුකාංග ඉංජිනේරු
ඩිජිටල් අලෙවිකරණ විශේෂඥ