වර්ෂ 2025 ක්වූ January 13 වැනිදා Monday
පිරිමින්ටත් ගැටලු ගොඩයි
පිරිමින්ගේ ලිංගික ක්‍රියාව සම්බන්ධව ඇති අපහසුතා නිසා ඇතැම් විට ඔවුන් මඳ සරු බවින් පෙළෙයි.
පුරුෂ ලිංගේන්ද්‍රය ආශ්‍රිතව ඇතිවන Micropenis හෙවත් ශිෂ්ණය කුඩාවීම, පෙරසම පසුපසට නොයෑම (prepuce) වැනි හේතු ලිංගික කර්තව්‍යයන්ට සෘජුවම බලපායි. මඳ සරු බව ඇතිවන්නේ ඒ හරහායි. පෙර සම පසුපසට නොයෑම වැනි ගැටලු ශල්‍යකර්ම ඔස්සේ ස්වාභාවික තත්ත්වයට ගෙන ආ හැකි නමුත් බොහෝ දෙනෙක් විවාහය වනතුරුම මෙම ගැටලු හඳුනා නොගනියි. තරුණ වයසේදීම මෙම ගැටලු සඳහා පිළියම් යොදා තිබීම වැදගත් වේවි.
තවත් සමහර අයගේ වෘෂණ, වෘෂණ කෝෂ තුළ නොව ඉකිළි අසල සිරවී තිබේ. තවත් සමහර අයගේ යටි උදරය අසල සිරවී තිබේ. ඇතැම් පිරිමි දරුවන් මෙලොවට බිහිවන විටත් වෘෂණ, වෘෂණ කෝෂ තුළ නොපිහිටයි. සමහර පිරිමි දරුවන්ගේ මෙම වෘෂණ ඉබේම පිටතට පැමිණෙයි. තවත් සමහර දරුවන්ට ශල්‍යකර්ම කරන්නට සිදුවේ.
කම්මුල්ගාය වැලඳී වෘෂණ කෝෂයක් ඉදිමුණහොත් ශුක්‍රාණු උත්පාදනය වීම අඩුවිය හැකියි.
පසුකාලීනව වෘෂණ කෝෂය ආශ්‍රිතව රෝගාබාධත් ඇතිවීමට පුළුවනි. වෘෂණ කෝෂය කරකැවී රුධිර සැපයුම අඩාළ වීමට පුළුවනි. රෝහල්ගත වී ඒ සඳහා කඩිනම් ප්‍රතිකාර නොකළහොත් එය නරක් වීමට බලයි.
වෘෂණ කෝෂය හෝ ඉකිළි ආශ්‍රිතව හෝ හර්නියා ශල්‍යකර්මය කර ඇත්නම් එහිදී වෘෂණ කෝෂයෙන් ශුක්‍රාණු පිටතට පැමිණෙන වාහිනී තුවාල වීමට පුළුවනි. එය ශුක්‍රාණු පිටතට පැමිණීම පිළිබඳ ගැටලු ඇති ඇති කරයි.
තවත් සමහරු ලිංගික ක්‍රියාවලියට අකමැත්තක් දක්වයි. අධික විඩාව, තම ලිංගික සහකාරිය කෙරෙහි ඇති ආකර්ෂණය අඩු වූ විට, මානසික සහ සමාජයීය පීඩාවන් නිසාත් මෙසේ විය හැකියි.
තවත් සමහරු විවිධ ඇබ්බැහිවීම්වලට පුරුදුව සිටියි. මත්පැන්, මත්ද්‍රව්‍ය, සිගරට්, ආදියට ඇබ්බැහි වී සිටියද එය ලිංගික කාර්යයන් කෙරෙහි අනිසි ලෙස බලපායි.
අසභ්‍ය විඩියෝ බලන්නට ඇබ්බැහි වී සිටින්නන්ටද එය සැබෑ ජීවිතයේදී ඉටු කර ගන්නට නොහැකි විය හැකියි.
Erectile dysfunction
(ලිංගික අප්‍රාණිකත්වය)
රුධිරවාහිනීවල රුධිරය පිරීමෙන් ලිංගය ප්‍රාණවත් වේ. මෙසේ සිදුවන්නේ කායික රෝගයක් නිසා විය හැකියි. එසේත් නැතිනම් මානසික මනෝභාවයක් නිසාත් වීමට පුළුවනි.
අධිකව නිදි වැරීම, මත්පැන්, මත්ද්‍රව්‍ය ආදියට ඇබ්බැහි වූවන්ට, මානසික පීඩන ඇති අයගේත් ලිංගික අප්‍රාණිකත්වය සිදුවන්නට පුළුවනි.
මීට අමතරව දියවැඩියාව ඇති අයට, අධික රුධිර පීඩනය සඳහා ඖෂධ ගන්නා අයට, කොලෙස්ටරෝල් අයට, ස්නායු පද්ධතිය සම්බන්ධ විවිධ රෝග ඇති අයට ලිංගික අප්‍රාණිකත්වය ඇතිවිය හැකියි.
PrematurE ejaculation
(ක්ෂණික ශුක්‍ර මෝචනය)
ශුක්‍රාණු පිටවීමට යම් කාලයක් ගත වුවත් මේ අයගේ ක්ෂණිකව ශුක්‍රාණු පිටවෙයි. ඇතැමෙකුට සම්බන්ධ වීමට කලින්ම ශුක්‍රාණු පිටවෙයි. මොවුන්ට ප්‍රාණවත් වීම සම්බන්ධව ගැටලු නැතත් ක්ෂණිකව ශුක්‍රාණු මෝචනය වෙයි. යෝනි මාර්ගය හා සම්බන්ධ වීමට පෙර ශුක්‍රාණු මෝචනය වීම නිසා මඳ සරු බව ඇතිවේ.
මේ සඳහාත් කායික රෝග, මානසික රෝග යන දෙවර්ගයම බලපායි.
පුරුෂ ලිංගේන්ද්‍රිය පද්ධතිය සම්බන්ධව ඉහත කී අඩුපාඩු ඇත්නම් ඖෂධ ප්‍රතිකාර සහ
මනෝචිකිත්සාවට එක්විය හැකියි.
කරාපිටිය ජර්මන් ශ්‍රී ලංකා මිත්‍රත්ව රෝහලේ මඳසරුභාවය පිළිබඳ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය
දීපානි ජයසිංහ