වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
දරුවන්ට දාඩිය දාන තුරු දඟලන්න ඉඩ හරින්න
පසුගියදාක හද සසල කරවන සිදුවීමක් සිදුවුණා. ඒ කොළඹ ප්‍රදේශයේ. දරුවාට වයස අවුරුදු හයයි. පාසලේ පළමු ශ්‍රේණියට භාරදුන්නා විතරයි.
මේ දේ සිදු වුණේ දරුවා පාසලට ගොස් දෙවැනි දවසේ. පන්තියේ අනිත් ළමුන් හා පිට්ටනියෙහි සෙල්ලම් කරමින් ඉන්නා විට එකවරම කලන්තය හැදී බිම ඇද වැටී තිබෙනවා. ගුරුවරුන් වහා දරුවා පන්ති කාමරයට ඔසවා ගෙන ගොස් මුහුණට වතුර ඉස්සත් සිහිය ඇවිත් නෑ. කලබල වූ හැමෝම ඉක්මනින් දරුවා රැගෙන මහ රෝහල වෙත පැමිණ තිබෙනවා. අවාසනාවක හැටි දරුවා මිය ගොසින්. වෛද්‍ය පරීක්ෂණවලට හසුවී තිබෙන්නේ අධික තෙහෙට්ටු තත්ත්වය මත ප්‍රෙෂර් එක ඉහළ ගොස් ඇති බවයි.
මෙහෙම සිදු වෙන්න හේතුව දින කිහිපයක්ම වෛද්‍යවරුන් සොයා බලා තිබෙනවා. මේ දරුවාගේ මවුපියන් ඉහළ රැකියාවන්හි නියුතු අය. තව අවුරුදු දහයක දරුවෙක් මේ අයට ඉන්නවා. ඒ දරුවාව හොස්ටල් දාලා. මේ මවුපියන් දරුවන්ව හදලා තියෙන්නේ හරිම සියුම්ව. මුළු ගෙදරම ඒඛ් කරලා. කවදාවත් අව්වට මේ දරුවන් ඇවිත් නෑ. දුවලා, පැනලා මහන්සි වී සෙල්ලම් කරලා නෑ. කරන්ට් සෙල්ලම් බඩුවලින් එක තැන ඉඳන් විනෝද වෙලා තියෙන්නේ. කෑම කවලා, ඇඟපත සෝදවලා, පිරිසුදු ඇඳුම් අන්දවලා පවා තිබෙන්නේ සර්වන්ට්ලා.
2019/06/05 තරුණි බලන්න