වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
මහනුවර ලිය අභිමානී වැඩමුළුවේ රූ සොබා
පුරා දශක ගණනාවක සිට රූපලාවණ්‍ය ක්ෂේත්රයට ඉමහත් සේවයක් ඉටු කළ ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී දෙපොළක් වන කුසුම්සිරි ජයවීර සහ ලංකා කුමාරි සුමනසේකර එක්ව සිදුකරන ලිය අභිමානී 69 වැනි වැඩමුළු මහනුවර කැප්පෙටිපොළ නගර ශාලාවේ දී පසුගිය දා අති උත්කර්ෂවත්ව පවත්වන ලදී.
රූපලාවණ්‍ය ක්ෂේත්රයට අලුතින් එක්වන ශිල්පීන් ශිල්පිනියන් වෙනුවෙන් දැනුම ලබා දීමේ අරමුණින් පවත්වනු ලබන මෙම වැඩමුළු මාලාවේ මාධ්‍ය අනුග්‍රහය ඔබට කවදත් ළබැඳි තරුණී පුවත්පතයි. මෙහි ප්‍රධාන අනුග්‍රහකත්වය බයෝ ෆෙයාර් වෙතිනි.
සෙංකඩගල පුරවරයේ පැවැති මෙම වැඩමුළුවේ දී බයෝ ෆෙයාර් හි අධිපති සංජීව් ඛාන්ත්, කොස්මික් ප්‍රධාන කළමනාකරු චෙල්වම්, ඉවෝන් ආයතනයේ කළමනාකරු නදීර පතිරණ, ඉවෝන් ආයතනයේ සන්නාම තානාපතිනි ප්‍රතිභා සහ තරුණී ප්‍රධාන කර්තෘ මනෝලි සුබසිංහ යන මහත්ම මහත්මීන් විශේෂ ආරාධිත පිරිස විය.
මෙවර පැවැත්වූ වැඩමුළුවේදී මනාලියක් නිවැරැදිව හැඩගන්වන ආකාරය, හෙයාර් කටිං, හෙයාර් කලරිං වැනි දේ පිළිබඳ ප්‍රායෝගික පුහුණුව ලබා දෙන ලදී.
වැඩමුළුව අවසානයේ දී මනාලියන් දැක්මක් සහ තරුණි බයෝ ෆෙයාර් කුමරිය තේරීමේ තරගය ද පැවැත්වීය. මේ එම වැඩමුළුවේ සොඳුරුතම ඡායාරූප කිහිපයකි.
අචිනි ලක්මාලි චන්ද්‍රසේකර
ඡායාරූප - ටෙනිසන් එදිරිසිංහ