වර්ෂ 2024 ක්වූ October 07 වැනිදා Monday
Wedding Planner 2019
ඔබේ මංගල දිනයට අවශ්‍ය සියලුම දේ එකම වහලක් යටින් තෝරා ගැනීමේ පහසුව උදෙසා Wedding Planner 2019 මංගල දර්ශනය පසුගියදා කොළඹ බණ්ඩරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ සිරිමාවෝ පරිශ්‍රයේ දී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
‘එයත් එක්ක ඔයත් එන්න’ තේමාවෙන් මංගල සිහිනය සැබෑ කරගන්න පැමිණි තරුණ තරුණියෝ අති විශාල පිරිසකගෙන් පසුගිය සති අන්තයේ පුරා තෙදිනක් මේ ප්‍රදර්ශන කුටි පිරී ඉතිරී ගියහ. Rochester Events & Media මඟින් සංවිධානය කළ මෙම දැවැන්ත ප්‍රදර්ශනයේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය තරුණී පුවත්පත මඟිනි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෙළේ රූපලාවණ්‍ය ශිල්පීන්, ශිල්පිනියන්, ඡායාරූප ශිල්පීන්, වීඩියෝ, ච්බ්, හෝටල්, කේක් නිර්මාණ ශිල්පීන්, රන් ආභරණ, ඇඳුම් නිර්මාණ ශිල්පීන් සහ මුල් ඇඳුම් ආදී විවාහ මංගල්‍යයකට අවැසි සියලු දේ සපයන ආයතන මේ සඳහා සහභාගී විය.මේ ප්‍රදර්ශනය පැවැති පුරා තෙදිනම තරුණී කුටිය ද සොඳුරු මනාලියන්ගෙන් සැරසී තිබිණි.
මේ එම මංගල ප්‍රදර්ශනයේ විශේෂ අවස්ථා පෙළකි.
සටහන - අචිනි ලක්මාලි/විදුමිණි
ඡායාරූප - ටෙනිසන් එදිරිසිංහ
ශාන් රූපස්සර