කාන්තා පුවත්පත් ගමන් මඟේ

පහන් ටැඹ නිවී යයි
අගෝස්තු 28, 2019

ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තා පුවත්පත් කතුවරිය වූ ජ්‍යෙෂ්ඨ හා ප්‍රවීණ පුවත්පත් කලාවේදිනී ශිි‍්‍රයා රත්නකාර මහත්මිය පසුගියදා අභාවප්‍රාප්ත වූවාය.

 

ශි‍්‍රයා රත්නකාර නාමය පුවත්පත් කලාවේදීන් ලෙසත්, විශේෂයෙන් කාන්තා පුවත්පත් කතුවරුන් ලෙසත් අපට කිසිදා අමතක කළ හැකි නොවේ.

ඒ ශි‍්‍රයා රත්නකාර මහත්මිය ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තා පුවත්පත වූ 'වනිතා විත්ති' හි ප්‍රථම කතුවරිය වෙමින් අපේ රටේ කාන්තා පුවත්පත් ඉතිහාසයේ අමරණීය චරිතයක් වූ නිසාය.

එසේම ඇය දවස පුවත්පත් ආයතනය මඟින් ප්‍රකාශයට පත්කළ ‘ශ්‍රී’ සඟරාවේ සංස්කාරකවරිය වෙමින් ලංකාවේ පළමු කාන්තා සඟරා කර්තෘවරිය ලෙසින් ද සිය නාමය ඉතිහාසයට එක් කළාය.

 

ටයිම්ස් ආයතනය ප්‍රකාශයට පත්කළ පැරැණි ලංකාදීප පුවත්පතේ සේවය කළ ඩී.බී. ධනපාල නම් පුවත්පත් දැවැන්තයාගේ ආරාධනයෙන් පුවත්පත් කලාවට පිවිසි ඇය වසර 30 ක් පුවත්පත් කතුවරියක ලෙස ඉටුකළ මෙහෙය නිසා ශ්‍රී ලාංකේය කාන්තා පුවත්පත් කලාවේ පරමාදර්ශී චරිතය වූවාය. එසේම කාන්තා පුවත්පත් ගමන් මඟේ පහන් ටැඹ ලෙස ද සැලකිය හැකිය.

 

අද වනවිට වනිතා විත්ති පුවත්පත සහ ශ්‍රී සඟරාව යන දෙකම ප්‍රකාශයට පත් නොවන නමුත් කාන්තා පුවත්පත් ඉතිහාසයේ වසර 50 ක් පුරා පළකෙරෙන එකම පුවත්පත වන ‘තරුණී’ ශි‍්‍රයා රත්නකාර මහත්මිය පිළිබඳ මේ සටහන තබන්නේ ඇය එදා මෙදා තුර ඉටුකළ අනුපමේය මෙහෙය පිළිබඳ ගෞරවයක් පිණිසය.

 

2019/08/28 තරුණි බලන්න

0112429591

[email protected]