ජපන් ක්‍රමයට රසැති ආහාර

නොවැම්බර් 6, 2019

ශ්‍රී ලාංකිකයන් වන අප දේශීය මෙන්ම විදේශීය ආහාරවල රස විඳින්න ගොඩක් කැමැතියි. ජපානය, අපේ රටට ගොඩක් ඈත පිහිටි සීතල දේශගුණයක් හිමි දූපත් කිහිපයකින් සමන්විත රටක්. රැකියා කරන්න වගේම එහි පදිංචියට යන්නත් බොහෝ අය කැමැතියි. හරිම කඩිසර, කාර්යශූර ජනතාවක් තමයි එහි වෙසෙන්නේ. ඔවුන් කාලයෙන් උපරිම ප්‍රයෝජනය ගන්නවා වගේම ගුණාත්මක බවින් අනූන, රසැති ආහාර ගන්නත් අමතක කරන්නේ නැහැ.

ජපන් ක්‍රමයට සැකසූ රසවත් ආහාර කිහිපයක රස බලන්නයි අද අපේ සූදානම.

තරුණී පාඨක ඔබත් කැමැති ඇති ජපන් ක්‍රමයට හදන මේ කෑමවල රසවිඳින්න. ජපන් ආහාර වුණත් මේවා හරිම ලේසියෙන් ඕනෑම කෙනකුට හදන්නත් පුළුවන්. නම් ටිකක් අමුතුයි තමයි. ඒත් මේවා හදන්න ඕනෙ කරන ද්‍රව්‍ය ලංකාවේ ඕනෑම සුපර් මාර්කට් එකකින් වගේම ජපන් ආහාර සකසන අමුද්‍රව්‍ය තියෙන ඕනෑම තැනකින් ගන්නත් පුළුවන්.

මෙහි අඩංගු සමහර නම් ඔබට නුහුරු ඇති. ඩශි කියන්නේ ලුණු රසයෙන් යුතු කුඩු වර්ගයක්. මිරින් කියන්නේ දියරයක්. ජපන් හාල් වෙළෙඳ පොළෙන් ලබාගත හැකියි. ඒ වගේම කුකිං සකේ කියන්නෙත් දියර වර්ගයක්.

මේ ගැනත් දැනුවත් වෙලා, අපේ දේත් යොදාගෙන ජපන් රසයට හදන මේ කෑම වර්ග ඔයාලත් හදලම රස බලන්න.

උපදෙස්

සූපවේදී රජිත් රුවන්

 

ජපන් ගාලික් රයිස්

අවශ්‍ය ද්‍රව්‍ය

(එක් අයකු සඳහා )

පිසගත් ජපන් බත් කප් 1ක් (ජපන් හාල්

ලෙස ගත හැකියි)

ඩශි තේ හැඳි 1/2 ක් ( කුඩු වර්ගයකි)

බිත්තර 1 ක්

යමාසා සෝයා සෝස් තේ හැඳි 1 ක්

කපාගත් ලූනු කොළ ග්‍රෑම් 50 ක්

බටර් තේ හැඳි 01 ක්

 

සිහින්ව ලියාගත් සුදු ලූනු

තේ හැඳි 01 ක්

රස අනූව ලුණු

සාදන ආකාරය

පෑන් එක ළිප තබා එයට බටර් ස්වල්පයක් දමා එය රත් වනවිට චොප් කරගත් සුදුලූනු ටික දමන්න. එය රන්වන් පැහැ වන විට බිත්තරය දමා හොඳින් කලවම් කරගන්න. පසුව බත් ටික දමා කලවම්කර එයටම ඩශි හා සෝයා සෝස් එක්කර හොඳින් කලවම් කරගන්න. අවසානයට ලූනු කොළ දමා කලවම්කර රස පදමට ලුණු දමා ළිපෙන් ඉවත් කරගන්න.

 

2019/11/06 තරුණි බලන්න