රස තුනකින් මග් කේක්

මැයි 6, 2024

 

කටට රසට ගැලපෙනම අතුරුපස

 

කෑම වේලක රසවත්ම අවස්ථාවක් තමයි අතුරුපස කියන්නේ. කෙ‍ෙසල් ගෙඩියකින්, ෆෘට් සැලඩ් එකකින්, අයිස් ක්‍රීම් හැන්දකින් ශේප්මන්ට් එකක් දාගත්ත කාලේ ගියා. දැන් ඉතින් දිව ඉල්ලන්නේම ඊටත් එහා රසයක්. බටහිර රටවල ආහාර සංස්කෘතියේ වැදගත් අංගයක් විදිහට අතුරුපස තියෙන නිසා විවිධත්වයකින් යුතු කෑම ජාති තියෙනවා.

අයිස් ක්‍රීම්වලට ආස නැත්තේ කවුද? හැබැයි හැමෝම අයිස්ක්‍රීම්වලට ආස වුණාට, වැඩි දෙනෙක් කන්නේ හැමදාමත් කන, හැමතැනම තියෙන සරල අයිස්ක්‍රීම් රස වර්ග විතරයි. හැබැයි ලෝකේ තියෙනවා එක එක විදියේ පිස්සු හැදෙන අයිස්ක්‍රීම් රස වර්ග. ඒ කියන්නේ හැමදාම කන වැනිලා, චොකලට්, ෆෘට් ඇන්ඩ් නට්, ස්ට්‍රෝබෙරි, මැංගෝ, බටර්ස්කොච් රස වලට අමතරව තව ඕ‍ෙන තරම් රස වර්ග තියෙනවා. ඒ නිසාම අන්න ඒ විදිහේ රසම රස අයිස් ක්‍රීම් වර්ග කිහිපයකුත් වෙනස්ම අතුරුපස කිහිපයකුත් මේ විදිහට ගෙන එන්න හිතුවා.

 

දැන් හදමු චොක්ලට් බනානා මග් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය

කෙසෙල් භාගයක්

බිත්තර 1ක්

පිටි මේස හැඳි 2ක්

කොකෝ පවුඩර් තේ හැඳි 2ක්

සීනි මේස හැඳි 3ක්

කිරි මේස හැඳි 1ක්

බේකිං පවුඩර් තේ හැඳි 1/4ක්

වැනිලා තේ හැඳි 1/4ක්

ලුණු චුට්ටක්

 

 

සාදන ක්‍රමය

කෙසෙල් ගෑරුප්පුවකින් හොඳින් පොඩි කරගන්න. පිටි, කොකෝ පවුඩර්, බේකිං පවුඩර්, ලුණු, සීනි කලවම්කර ගන්න

එයට බිත්තර 1, කිරි, කෙසෙල් එකතුකර කලවම්කර ගන්න. කොටස් දෙකකට බෙදා කෝප්ප දෙකකට එක්කර මයික්‍රෝවේව් එකේ විනාඩියක් තබා කේක් හදාගන්න.

මයික්‍රෝවේව් එකේ හදද්දී ගොඩක් වෙලා තියන්න එපා, උපරිම විනාඩි 3යි. ඊට වඩා තියලා හදලා දරුවන්ට දෙන්න එපා.. ඒ වගේම හුඟක් වෙලා තිබ්බම කේක්වල සොෆ්ට් ගතිය නැතිවෙලා තද ගතියක් එන්නේ, ඒ නිසා විනාඩියෙන් දෙකෙන් හදන්න.

මෙම කේක් වැඩි වෙලා තියාගන්නේ නැතුව නිවුණු ගමන් කෑමට ගන්න එතකොට තමයි රස. ඔයාලගේ මයික්‍රෝවේව් එක ගැන දැනුවත් වෙන්න කෝප්පයකට භාගයක් වෙන්න එක් කර හදලා බලන්න පිපෙන විදිහ සහ වෙලාව බලාගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් විවිධ රසට දරුවන් ඉල්ලු හැටියේම හදලා දෙන්න.

 

අපි මුලින්ම බිත්තර රහිත කැරට් කේක් එකක් සාදා රස බලමු

විනාඩියෙන් කැරට් මග් කේක් හදමු

අවශ්‍ය ද්‍රව්‍ය

සිහින්ව ගාගත් කැරට් කෝප්ප 1/4ක්

(මේස හැඳි 3ක ප්‍රමාණය )

වියළි මිදි මේස හැඳි 1ක්

පිටි මේස හැඳි 6ක්

සීනි මේස හැඳි 4ක්

කිරි මේස හැඳි 4ක්

එළවළු තෙල් මේස හැඳි 2ක්

බේකිං පවුඩර් තේ හැඳි 1/4ක්

කුරුඳු කුඩු තේ හැඳි 1/4ක්

ලුණු ස්වල්පයක්

වැනිලා තේ හැඳි 1/4ක්

සාදන ක්‍රමය

 

පිටි, කුරුඳු කුඩු, ලුණු, බේකිං පවුඩර්, සීනි එකට එකතුකර කලවම්කර ගන්න. එයට කැරට්, වියළි මිදි ද එක් කරන්න. එළවළු තෙල්, කිරි, වැනිලා ද එකතුකර හොඳින් කලවම් කරන්න. මේ ප්‍රමාණ වලින් කෝප්ප දෙකකට සෑදිය හැකියි. මග් දෙකක් ගෙන මිශ්‍රණය හැන්දකින් එක් කරන්න. විනාඩි එකක් මයික්‍රෝවේව් එකේ තබාගන්න. වැඩි රසට ක්‍රීම් චීස් හෝ බටර් ක්‍රීම් අයිසිං යොදාගෙන කෑමට ගන්න..

 

දැන් අපි හදමු රෙඩ් වෙලවට් මග් කේක්

සීනි මේස හැඳි 4ක්

පිටි මේස හැඳි 4ක්

කොකෝ පවුඩර් තේ හැඳි 3ක්

බේකිං පවුඩර් තේ හැඳි 1/4ක්

කුරුඳු කුඩු තේ හැඳි 1/4ක්

ලුණු චුට්ටක්

එළවළු තෙල් මේස හැඳි 3ක්

කිරි මේස හැඳි 3ක්

ලෙමන් යුෂ හෝ විනාකිරි

තේ හැඳි 1/4ක්

බිත්තර 1ක්

වැනිලා තේ හැඳි 1/4ක්

රතු පාට කලරින් තේ හැඳි 1/2ක්

සීනි, පිටි, බේකිං පවුඩර්,

කොකෝ පවුඩර්, ලුණු, කුරුඳු කුඩු එකට එකතු කර කලවම් කරන්න. එයට බිත්තරය, වැනිලා, කිරි, තෙල්, ලෙමන් සහ රතු පාට එකතුකර හොඳින් කලවම් කරන්න. මෙම මිශ්‍රණය කොටස් දෙකකට වෙන්කර කෝප්ප දෙකකට වක් කරන්න. විනාඩි එකක් මයික්‍රෝවේව් එකේ තියලා ඉක්මන් මග් කේක් හදාගන්න.

 

 

 

උපදෙස්

ප්‍රවීණ සූපවේදී ජනනි ගුරුසිංහ