දූ පුතුන්ගේ උපන් දින හැඩකරන කේක්

මාර්තු 18, 2020

හරි ලස්සන සමනලයා

පුංචි දූපුතුන්ගේ උපන්දිනයට ආලෝකයක් එක්කරන්න මාපියන් දරන්නේ පුදුම වෙහෙසක්. නෑහිතමිතුරන්ටත් ආරාධනා කරලා කේක් කපලා, කෑම දීලා පුංචි හෝ සාදයක් පවත්වන්න ඕනෑම කෙනෙක් කැමැතියි.

අවුරුද්දක් පාසා එන දූපුතුන්ගේ උපන්දිනය දරුවන්ට වගේම මාපියන්ටත් සුවිශේෂී සිහිවටනයක්.

පුංචි දරුවන් ආසම කරන අහිංසකම සත්ත්වයෙක් තමයි සමනලයා කියන්නේ. දැක්ක තැනදි අල්ලන්න දුවන්නෙත් ඒකයි. පුංචි දරුවන්ට රූපයක් අඳින්න කිව්වත් සමනලයා අඳින්න හරිම ආසයි. අන්න ඒ නිසාමයි අද අපි මේ ලස්සන සමනලයට පුංචි බබාගේ උපන්දින සාදයට ආරාධනා කළේ.

අවශ්‍ය ද්‍රව්‍ය

කිලෝ එකක හෝ එකහමාරක සමනලයා

හැඩයට සකසා ගත් කේක් එකක්

කහ, තද දුඹුරු, රෝස, දම් වර්ණක

යෙදූ බටර් අයිසිං

නොම්බර 03, 13, 16, 17 හා 20 නොසල්

 

සාදන ක්‍රමය

සමනලයා හැඩයට සාදාගත් කිලෝ එකක හෝ එකහමාරක ඔබ කැමැති කේක් එකක් මේ සඳහා යොදාගන්න. සමනලයාගේ මැද කොටස නොම්බර 16 නොසල් එක ආධාරයෙන් කහ පාට අයිසිංවලින් පුරවා ගන්න. ඉන්පසුව නොම්බර 13 නොසල් එක ගෙන තද දුඹුරු පාට බටර් අයිසිංවලින් out line එක දමා ගන්න. දළ දෙක ද එම පැහැයෙන්ම නිර්මාණය කරගන්න. රෝස සහ දම් යෙදූ බටර් අයිසිංවලින් නොම්බර 17 නොසල් එක ආධාරයෙන් මාරුවෙන් මාරුවට පිහාටුවල කොටස් පුරවා ගන්න. එහි මැද කොටසේ out line  එක නොම්බර 03 නොසල් එකෙන් දම් පාටින්ම යොදන්න. නොම්බර 20 නොසල් එකෙන් යටට කහ පාට බෝඩරයක් දමාගන්න.

 

උපදෙස්

ප්‍රවීණ කේක් නිර්මාණ උපදේශිකා

තෙයාගි ගමගේ

ඡායා - ශාන් රඹුක්වැල්ල

2020/03/19 තරුණි බලන්න