මාල හත දමා සම්ප්‍රදායික ඔසරි විලාසිතාවෙන් සැරසෙන්න...

පෙබරවාරි 12, 2020

හෙළ කුල සිරිතට දීගෙට යන්නට සැරසෙන යුවතිය සාම්ප්‍රදායික ඔසරියකින් සැරසෙන්නේ නම් ඈ වෙතින් අමුතුම ගාම්භීරත්වයක් පිළිඹිඹු වේවි.

මනාලයා මුල් ඇඳුමින් සැරසෙද්දී මනාලිය ඔසරියකින් සැරසුණත් දැන් දැන් බොහෝ මනාලියන් සාම්ප්‍රදායික ඔසරිය හා ආභරණ කට්ටල වෙනුවට නවීන ඔසරි (ර්ධඤඥපද ම්චදඤරචද) විලාසිතාවන්ගෙන් සැරසෙන්නටයි වැඩි කැමැත්ත.

සාම්ප්‍රදායික ඔසරිය යැයි කියූ සැණින් චිත්‍රණය වන්නේ ඇගේ කරට දමන මාල 7 යි. පොල්මාලය, පබළු මාලය, අරළු මාලය, ගෙඩි මාලය, පෙති මාලය, අගස්ති මාලය හා පදක්කම් මාලය යන ඒවායින් සමන්විත මාල හත ඇගේ සුන්දරත්වය තීව්‍ර කරවයි. හිසමත පලඳවන තැල්ල හිසෙහි දකුණු පස සහ වම්පස පලඳවන, ඉර හඳ දෙක පැලඳීමෙන් ඇය සම්ප්‍රදායික ක්‍රමයට හැඩගැන්වූ උඩරට මනාලියක වේ. ආභරණ කට්ටලයේ සියලුම අංගෝපාංග විවිධ අරුත් ගන්වයි.

නවීන ක්‍රමයට නිම කළ ඔසරිය සහ සම්ප්‍රදායික ඔසරිය බැලූ බැල්මට වෙනස්කම් කිහිපයක්ම පෙන්වයි..

සුදුසු රෙදි වර්ග

මේ සඳහා බ්‍රොකේඩ්, බීරළු වැනි රෙදි වඩාත් සුදුසු වේ. දෙවැනි ගමන  සඳහා අඳින ඔසරියට ද මෙවැනිම රෙදි ගැළපේ. සාරිය ගෙනැවිත් මේඩ් අප් කිරීම සිදුවන්නේ බොහෝවිට මාල හත දමා සම්ප්‍රදායික ක්‍රමයට ඔසරිය අන්දවද්දීය.

මහත හා සිහින් සිරුරු සඳහා

මහත කෙනකුට බ්‍රොකේඩ් වැනි රෙද්දක් ගැනෙන්නේ නැති තරම්ය. කඩා හැලෙන රෙද්දක් එවැනි කෙනකුට වඩා සුදුසුය. ජෝජර්ට් වැනි ලයිනිං වඩා සුදුසුය. රෙද්ද කොටස සඳහා ඉරි කෙළින් අතට එනපරිදි සැකසිය හැකියි. මෙයින් මහත ගතිය අඩුකරයි.

හරහට දැමූ විට ඇඟ මහත අයට පළල් ගතියට පෙනේ. සිහින් අයට හරහට ගැනීමෙන් ලස්සනක් ගෙන දේ.

සාරියේ පැහැය

සම්ප්‍රදායික ක්‍රමයට ඔසරියෙන් හැඩවැඩ වද්දී බිස්කට් පැහැය, ගෝල්ඩ් පැහැය, ෂැම්පේන් පැහැය යනාදිය වඩාත් අලංකෘත බවක් ගෙන දේ. තනිකරම සුදු පැහැය තෝරාගන්නවාට වඩා ඉහත කී පැහැයන්ගෙන් සම්ප්‍රදායික ඔසරියට මනා නිමාවක් ලැබේ. සාමාන්‍ය මේඩ් අප් සාරියක් ලෙස සැකසෙන නිසා මෙවැනි සාරියක් මනාව වැඩ දැමූ (ඩ්ඥචමර ඹධපඬ) එකක් වීම වඩාත් සුදුසුය.

සාම්ප්‍රදායික ඔසරිය අඳිද්දී දෙවැනි ගමනේ දී වුව කළුපැහැය ගන්නේ නැහැ. කළු, රතු මිශ්‍ර කිරීමක් හෝ කරන්නේ නැත. ඔසරියට කළු පැහැය ගැනීම අසුබ දෙයක් ලෙස සැලකේ.

දැන් බර්ගන්දි පැහැය, බ්ලෂ් මෙරුන්, බ්ලෂ් පර්පල් යනාදිය මාල හත දමා දෙවැනි ගමනට අඳියි.

අත

බෝරිච්චි අත සම්ප්‍රදායික ඔසරියේ අනන්‍යතාව පෙන්නුම් කරන කැඩපතක් වැනිය. බෝරිච්චි වර්ග සෑහෙන ප්‍රමාණයක් තිබේ. උරහිස ළඟින් යම් රැලි ප්‍රමාණයක් දමා වැලමිටෙන් පසු අත තදට හිටින්නට සකස් කළ බෝරිච්චිය, සාමාන්‍යයෙන් අප නිතර දැක පුරුදු බෝරිච්චි අත මෙන්ම මැණික් කටුව දක්වා යෙදූ අතත් තිබේ. මෙය බොහෝවිට ලේස්, නෙට් ආදියෙන් නිමකරන විට තරමක නවීන පෙනුමක් ගෙන දේ. බෝරිච්චිය සාමාන්‍ය පරිදි ෆි‍්‍රල් එක දමා නිම කරයි.

මීට අමතරව අන්නාසි අත, පෆ් අත ආදිය ද එකතු කරයි. දශක ගණනාවකට පෙර කරවටේ පබළු ඇල්ලීම කළත් දැන් මුළු සාරි ජැකට් එකටම වැඩ දමයි.

අදහස් දැක්වීම ප්‍රවීණ ඇඳුම් නිර්මාණ ශිල්පිනී

අමා චතුරිකා දේශප්‍රිය

2020/02/12 තරුණි බලන්න