කාර්යාලයට ගැළපෙන සුදු ඇඳුම් අඳිමු

දෙසැම්බර් 20, 2021

 

කාර්යාලයට ඕනම පාටක ඇඳුමක් ඇන්දත් සුදු ඇන්දොත් නම් ඔන්න ප්‍රශ්නයක්.

“ අද මොකද සුදු ඇඳලා ? “ දවසට කී දෙනෙක් මෙසේ ප්‍රශ්න කරනවද? සුදු යනු පවිත්‍රත්වයේ අහිංසකත්වයේ චාම් බවේ වර්ණයයි. මංගලෝත්සවයේ මනමාලිය සේම අවසන් ගමන් යන පුද්ගලයා ද බොහෝ විට දක්නට ලැබෙන්නේ සුදෝ සුදු වස්ත්‍රයෙන් සරසා තිබෙන අන්දමයි. එහෙත් කළු වර්ණයෙන් සැරසුණු කාන්තාවගෙන් වර්ණය ගැන කිසිත් නො විමසුවත් සුදු ඇඳි කාන්තාවගෙන් ප්‍රශ්න කිරීම අද කාලයේ සම්ප්‍රදායයක්. මේ විදියට ඇන්දොත් නම් ඒ ගැටලුව පැන නඟින්නේ නැහැ.

බලන්න සුදු බ්ලවුසයට ඇත්දළ පාට බෑගයක් ගෙන කළු සායක් ඇඳ දුඹුරු පැහැති පාවහන් යුවළකුයි සුදෝසුදු මාලයකුයි පැලඳුවොත් කෙතරම් අපූරුද ? සුදු පැහැයට රන් පැහැය කෙතරම් ගැළපෙනවාද? රන් පැහැ මාලයක්, රන් හෝ දුඹුරු පැහැ බෑගයක්, දුඹුරු හා සුදු මිශ්‍ර පාවහන් යුග්මයක් කාන්තාවකට වටිනා පෙනුමක් එක් කරනවා. මංගල සාදයකට පවා මෙවැනි ඇඳුමක් සුදුසුයි.

සුදු කමිසයට කළු - අළු පැහැයනුත් කදිමට ගළපන්න පුළුවන්. කළු අව් කණ්ණාඩියකුත් පැලඳි විට කාටවත්ම ඇයි සුදු ඇඳලා කියා විමසන්න ව‍න්නේ නැහැ.

 

  1. අන්තර්ජාලයෙනි