වර්ෂ 2025 ක්වූ July 07 වැනිදා Monday
බ්‍රසීලියන් මල් රටා ගෙනදෙන එළියක්

මේස රෙද්දකට ඇඳ ඇතිරිල්ලකට හරිම අපූරු, බ්‍රසීලියන් එම්බ්‍රොයිඩරි කලාවෙන් සැකසුණු මල් ඉති දෙකකි මේ. කුඩා දරුවකුගෙ ගවුම් පොඩිත්ත සරසන්නත් මෙවැනි මල් පොකුරක් හරිම අපූරුයි.
බුලියන් මලින් හැඩ වූ මල් ඉත්තක්
අවශ්‍ය ද්‍රව්‍ය
ලිනන් රෙදි
අවශ්‍ය වර්ණවලින් කැරැලි නූල්
ටැපැස්ට්‍රි ඉඳිකටු
කුඩා පබළු
රාමුව
නිර්මාණය කිරීම
පළමුව මෙම මෝස්තරය කාබන් කොළයක් ආධාරයෙන් රෙද්ද මත පිටපත් කරගන්න. ඉන්පසු මල් මැසීම ආරම්භ කරමු. මෙම මල් බුලියන් මැස්මෙන් මසා ඇති අතර එක් පෙත්තකට බුලියන් 15 ක් පමණ දමා ගන්න. ඒ ආකාරයෙන් වටේටම පෙති මසා ගත යුතුය. මෙම මල තවත් විශාලකර ගැනීමට අවශ්‍ය නම් පෙත්තකට යොදන බුලියන් ප්‍රමාණය වැඩිකර ගන්න.
2019/05/15 තරුණි බලන්න