වර්ෂ 2025 ක්වූ July 07 වැනිදා Monday
බොත්තම්වලින් හැඩැති කරාබු යුගලක්

නිර්මාණශීලී සිතකට කළ හැකි දේ බොහෝය. මේ ලස්සන කරාබු යුගලත් එවැනි නිර්මාණශීලී සිතකින් ජීවය ලද ඒවාය. නෙක වර්ණවලින් හැඩට වැඩට අඳීන පලඳීන තරුණියන් ට තමන්ගේ ඇඳුමට ගැළපෙන්නට මේ වගේ ලස්සන කරාබු ජෝඩුවක් පහසුවෙන් ම සකසා ගත හැකියි.
අවශ්‍ය ද්‍රව්‍ය
වර්ණ හතරකින් සමාන ප්‍රමාණයේ බොත්තම් 8 ක්
ජම්ප් රිංග්ස් 2 ක් (මෙහි දැක්වෙන කුඩා රවුම්)
ඉයර් වයර්ස් හෙවත් හූක්ස් 2 ක්
අයි පින්ස් 8 ක්
අඬුව සාදමු
ඔබට කැමැති වර්ණවලින් බොත්තම් තෝරාගන්න. මෙහි සඳහන් අනෙකුත් අවශ්‍ය ද්‍රව්‍ය ළංකර ගන්න. අංක 1 රූපය බලන්න.
සියලුම අයි පින්ස් ළංකර ගන්න. දැන් අඬුව ගෙන ඒවායේ ඉහළ කෙළවරින් ටිකක් රවුමට නමාගන්න.
2019/05/15 තරුණි බලන්න