දිගු අත් යොදා ෆිෂ්ටේල් හැඩයට මැසූ ගවුමක්

ජූලි 3, 2019

සුන්දර මනාලියක ලෙස පතිකුල යන්නට අපේ යුවතියන් සිහින මවනවා. ඒ සිහිනය සැබෑවන දින තමන්ගේ සුන්දරත්වය තව තවත් ලස්සන කරගන්නයි ඇය වෙහෙසෙන්නේ.

මෙහිදී තමන් හැඩවෙන ඇඳුම විශේෂත්වයක් ගන්නා නිසාම ඈ ඒ ගැන වැඩියෙන් සොයා බලනවා. ඒ අතර බටහිර පන්නයට මිහිබට සුරඟනක් වගේ දිගු ගවුමකින් හැඩවෙන්නට සිහින මවන ඔබට ගැළපෙන ගවුමක සැබෑ සුන්දරත්වයයි මේ. ෆිෂ්ටේල් හැඩයේ ගවුම සිරුරේ හැඩය මැනවින් පිළිබිඹුකර ඇති අයුරු බලන්න. එපමණක් නොවෙයි, දිගට යෙදූ අත නිසා සිහින් යුවතියකට පිරිපුන් බවක් එක් කරන්නටත් සමත්. මේ ගවුම අත් රහිතව හෝ කෙටි අත් යොදා සකසා ගන්නත් හැකියි.

භාවිතකර ඇති රෙදි වර්ග

ලයිනිං සඳහා බ‍‍්‍රයිඩ්ල් සෙටින් වැනි රෙදි වර්ග වඩා සුදුසු වන අතර 60 පළල රෙදි යාර 6¼ක් ද ඩූම් නෙට් රෙදි යාර 60 පළල 6½ක් ද නෙට් වර්ක් රෙදි යාර 2½ක් ද අවශ්‍ය වෙයි

මිනුම්

2019/07/03 තරුණි බලන්න