දම් පැහැයෙන් රටා මවන මල්

ජූලි 24, 2019

මනරම් රටා මවන කදයි කමල් නැත්නම් කමල් කදයි මැහුම් කලාව ඉන්දියාවේ අන්ද්‍රා ප‍‍්‍රදේශයෙන් එම්බ්‍රොයිඩරි කලාවට උරුම වූවකි.

කුර්තා බ්ලවුස්, සාමාන්‍ය බ්ලවුස්, ගවුම්, සාරි, කුෂන්, බෑග්, මේස රෙදි, ටීපෝ කවර, අත් පිස්නා ආදියට මනරම් පෙනුමක් ගෙන දෙන්නට මෙම කදයි කමල් එම්බ්‍රොයිඩරි රටාවලට පුළුවනි.

අවශ්‍ය ද්‍රව්‍ය

කදයි කමල් රටාවල මූලික මැස්ම වූවන් ටෙ‍‍්‍රලිස් මැස්මයි. මෙය නීඩ්ල් විවීං ක‍‍්‍රමයේ මැස්මකි. මෙහිදී භාවිත කරන්නේ කෝන් නූල් නම් ඝනකම් නූල් විශේෂයක් වුවද ඔබට ඒ වෙනුවට කැරැලි නූල් හෝ ඩීඑම්සී නූල් භාවිත කළ හැකියි. රෙදි සඳහා ඕනෑම රෙදි වර්ගයක් භාවිත කළ හැකියි. මෙහිදී විශේෂයක් ඇත්තේ මෝස්තරවලයි. ඒ නිසා අපි විවීං ක‍‍්‍රමයෙන් ජීවය දීමට සුදුසු කදයි කමල් මෝස්තර සොයාගත යුතුයි.

අවශ්‍ය අනෙකුත් දේවල්

ටැපැස්ටි‍‍්‍ර ඉඳීකටු

දම් පාට, කොළ පාට හා

කහ පාට කැරැලි නූල්

එම්බ්‍රොයිඩරි රාමුව

ඩෙ‍‍්‍රස් මේකිං කාබන් කොළ

පැන්සල

කතුර

 

2019/07/24 තරුණි බලන්න