සිඟිත්තාගේ ආරක්ෂාවට බේබි නෙස්ට් බෙඩ්

අගෝස්තු 7, 2019

අලුත උපන් සිඟිත්තාගේ ආරක්ෂාව බෙහෙවින්ම වැදගත්. ඒ නිසාම අම්මා වගේම පවුලේ හැමෝම ඒ ගැන හිතනවා.

එහෙම හිතන ඔබට දරු පැටියාගේ රැකවරණයට අගනා තිළිණයක් නිර්මාණය කරගන්නා ආකාරය අද ගෙන එනවා. බේබි නෙස්ට්’ නමින් හඳුනවන මේ හුරුබුහුටි නිර්මාණය බේබි ආයිත්තම් නිර්මාණය කරන ඔබට කදිම වෙළෙඳපොළක් ද නිර්මාණය කර දේවි.

අවශ්‍ය ද්‍රව්‍ය

මුද්‍රිත රෙද්දක් සහ ඊට ගැළපෙන තනි පැහැති රෙද්දක්

අඟල පළල ස්පොන්ජ්

පැඩිං හෝ පුළුන්

කෝඩ්

 

නිර්මාණය කිරීම

පළමුව දී ඇති පතරොම සකස් කරගන්න. ඒ සඳහා අංක 1 රූපය බලන්න. ඉන්පුව එම පතරොම තනි පැහැති රෙද්දට තබා වටේ ඇඳගන්න. එසේම එම පතරොමේ මැද කවාකාර කොටස ද කාබන් කොළයක් ආධර කරගනිමින් රෙද්දෙහි ඇඳගන්න. පසුව අඟල් 1/2 ක් වටේටම මහුම් වාසි තබා ගනිමින් රෙදි කොටස කපාගන්න. එම රෙදි කොටස මුද්‍රිත රෙද්ද මත හොඳ පිටවල් දෙක මුහුණට මුහුණ සිටින සේ තබා එම ප‍‍්‍රමාණයටම මුද්‍රිත රෙද්ද ද කපාගන්න. ඉන්පසුව අංක 2 රූපයේ දක්වා ඇති ආකාරයට කොටස් දෙක එක මත එක තබා ඒ සිට ඕ දක්වා මසා හොඳ පිට හරවා ගන්න. ඉන්පසුව කෝඩ් එක පාස් කිරීම සඳහා අඟලක පමණ පළලැති පටියක් සාදාගත යුතුයි. ඒ සඳහා අඟල් 2 ක් පමණ පළලට තනි පැහැති රෙද්දෙන් පටියක් කපාගන්න. ඉන්පසුව අංක 3 රූපයේ පරිදි පටිය සකස් කරඒ සිට ඕ දක්වා රෙදි කොටස් දෙක මූට්ටු කළ දාරය දිගේ තබා අල්පෙනෙති ගසා ගන්න. එය අංක 4 රූපයෙන් දැක්වේ.

2019/08/05 තරුණි බලන්න