සෙල්ලම් බඩු අතරට එන මොන්ස්ටර්

අගෝස්තු 21, 2019

පොඩිත්තන් වෙනුවෙන් සෙල්ලම් බඩු සොයන ඔබට ඔබේම අතින් සෙල්ලම් බඩුවක් නිර්මාණය කරලා දෙන්න පුළුවන් නම් අගෙයි නේද? මේ ඉන්නේ මොන්ස්ටර්ලා. එහෙමත් නැතිනම් රාක්ෂයෝ. සමහරු අඟුටුමිට්ටෝ කියලත් කියනවා. පහළින්ම ඉන්නේ නම් හා පැංචෙක්. මේ හා පැංචට කියන්නේ මොන්ස්ටර් බනී කියලා. එයා නම් ටිකක් හුරතල්.

මේ අය නමින් රාක්ෂයෝ වුණාට මේ විදිහට නිර්මාණය කළාම තියෙන්නේ සිත් ඇදගන්නා පෙනුමක්. විවිධ සෙල්ලම් බඩු අතරට වර්ණවත් මොන්ස්ටර් කෙනෙක් එක්කරන්න පුළුවන් නම් හැමදාමත් එකම විදියේ සෙල්ලම් බඩු තෝරන ඔබට විවිධත්වයක් ද ඇති කරගත හැකියි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

විවිධ වර්ණ ෆෙල්ට් රෙදි - පැඩිං හෝ පුළුන්

ගැළපෙන වර්ණ නූල්- කතුර, ඉඳිකටු

පතාරොම් සැකසීමට අවශ්‍ය දේවල්

 

 

2019/08/21 තරුණි බලන්න