වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
ෆෝම් ෂීට්වලින් මල් ඉත්තක්
ෆෝම් ෂීට්වලින් ජීවය ලද දම්, කහ, සුදු වර්ණ එකතුවුණු ලස්සන මල් ඉත්තකි. මේ මල්වල පැණි බොන්න සමනලයකුත් ඇවිල්ලා. හරිම ලස්සනයි නේද?
අවශ්‍ය ද්‍රව්‍ය
කළු ඒ4 බෝඩ් එකක්
දම්, කහ, කොළ, සුදු වර්ණ ෆෝම් ෂීට්
කහ වර්ණ භාග පබළු
ගම්, කතුරක්
නිර්මාණය කිරීම
පළමුව දී ඇති මල් හා කොළවල පතරොම් සකස් කරගන්න. ඒ අනුව පතරොම් ෆෝම්
ෂීට්වල තබා ඇඳ කපා ගන්න. දැන් මල්වලට අදාළ පෙති ප්‍රමාණය කපා ගත යුතුයි. එහිදී සුදු මල් සඳහා ප්‍රමාණයන් දෙකෙන් පෙති පහ බැගින් අවශ්‍ය වේ. පළමුව පොඩි පෙති පහ අලවා මල සකස් කරගන්න. පසුව ලොකු පෙති පහ අලවා මල සකස්කර එහි උඩට පොඩි මල තබා අලවා ගන්න. මල මැදට ඒ4 කොළයකින් සාදාගත් රෝස මලක් අලවන්න. ඉන්පසු දම් සහ කහ මිශ්‍ර මල සාදාගැනීම සඳහා දී ඇති රූප සටහන අනුව පෙති කපා අලවා ගන්න. මෙහි ඇති දම් පැහැති මල සඳහා ද දී ඇති පතරොම් තබා මල් පෙති කපා ගන්න. පසුව එහි පොඩි පෙත්ත උඩටත් ලොකු පෙත්ත යටටත් සිටින සේ තබා මල සාදාගන්න. ඒ ආකාරයට මෙහි ඇති සියලු මල් සාදාගන්න. මල් මැදට පබළු භාග අලවන්න. කොළ ද දී ඇති පතරොම් තබා කපා ඡායාරුපයේ දැක්වෙන ආකාරයට අලවා ගන්න. සියලුම මල්, කොළ සහ සමනලයා කපාගත් පසු ඒ4 බෝඩ් එක ගෙන ඒ මත අලවා ගන්න. මෙහි සමනලයා කපා ඇත්තේ ඩයිකට්ස් මඟිනි. ෆෝම් ෂීට් එක මත සමනලයා ඇඳ කපා ගැනීමට ද පුළුවනි.
උපදෙස්
මහරගම ප්‍රා. ලේ. කාර්යාලයේ බාහිර උපදේශිකා, ප්‍රවීණ අත්කම් ශිල්පිනී
චූලනී ජයසිංහ
web - www.tharunee.lk
email - [email protected]
2020/08/19 තරුණි පුවත්පත බලන්න