අලුත් අවුරුද්දේ තෑගි දෙන්න හුරුබුහුටි බෑගයක්

අප්‍රේල් 21, 2021

අලුත් අවුරුද්දේ නෑගම් යනවිට තෑගි ගෙනයන්න පරිසර හිතකාමී අපූරු බෑග් විලාසිතාවකි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

තමන් කැමැති තනි පැහැති රෙදි මීටර් ½ ක්

හැඬලය සඳහා ඊට ගැළපෙන වර්ණයකින්

තවත් රෙදි කොටසක්

මුද්‍රිත රෙදි කොටසක්

මසාගන්නා ආකාරය

පළමුව රූප සටහන්වල දක්වා ඇති ආකාරයට රෙදි කොටස් කපාගන්න. එනම් ඒ කොටසින් අඟල් 15x12 කොටස් දෙකක් සහ ඕ කොටසින් අඟල් 20x3 ප්‍රමාණයෙන් කොටස් දෙකක් වශයෙනි. මෙම බෑගයේ මැදට මැසීම සඳහා මුද්‍රිත රෙදි මඟින් කපාගත් මලක් හෝ සත්ත්ව රූපයක් තෝරාගන්න.

 

දැන් බෑගය මසා ගනිමු

ඒ සඳහා A කොටස් දෙක ගෙන එයට පටිය මසා ගැනීමට හරිමැද ලකුණු කරගන්න. එම හරි මැද සිට අඟල් 2½ ක් වමට හා දකුණුු පසට ලකුණු කර පටිය රඳවා ගන්න.

ඉන්පසු A පටි කොටස ගෙන අඟල් 3 ක් උස පැත්ත අඟලක් වනසේ නමා මසා ගන්න. (අඟල් ½ ක් ඇතුළට දෙපසින් නමා මසා ගන්න) එලෙසින් පටිය මසාගත් පසු බෑගයේ කට වටා වාටිය මසා ගන්න. පසුව හොඳ පිට හොඳ පිටට තබා දෙපස හා අඩිය කොටස් මසාගන්න. පසුව ඔබ තෝරාගත් රූපය බෑගයේ ඉදිරිපසට තබා අලවා හෝ මසා ගන්න.

 

 

උපදෙස්- ප්‍රවීණ බෑග් නිර්මාණ ශිල්පිනී

දීපිකා රාජපක්ෂ